අධිකරණයට අපහාස චෝදනාවක් මත රන්ජන් රාමනායකට වසර 04 ක බරපතල වැඩ සහිතව සිර දඬුවම්..
ඉතිහාසය ඔබ නිදොස් කරාවී..!
අපගේ නිර්ධන පන්තියේ වීරයා
රටේ බහුතර පීඩිත ජනතාව වෙනුවෙන්
දුෂණයට, වංචාවට එරෙහිව අභීත හඬ නැගු ඔබට
ධනපති පංතියේ ඒජන්තයන් කල මේ අපරාධය හෙළා දකිමු. සහකම්පනයෙන් ස්පන්දනය වන අපේ හදවත් ඔබ සමගයි දිගටම…
අපේ සටහන
රන්ජන් රාමනායක හිරේට නියම වූ බවට ප්රවෘත්ති ලැබී පැය 24 ක් යනතුරුම සමාජය තුළ තිබුණේ බලවත් තිගැස්මක් සහිත කන පැලෙන නිහඬතාවයකි. තීන්දුව ආවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බැවින් සහ දඬුවම බරපතල වැඩ සහිතව වසර 4 ක් යන්න වීම, රට තුළ ඇති කළේ ක්ෂණික දරුණු බියකි. දැන්, සිදුවිය යුතු පරිදිම, එම බිය දිනෙන් දිනම පහව යමින් තිබෙන නමුත්, අද වන විට දින 06 ක් ගත වී ඇති වූවද, රටේ ප්‍රවීන නීති විශාරදයින් මේ දඬුවමේ ස්වභාවය ගැන කිසිත් නිශ්චිත ප්‍රකාශයක් නොකර තිබීම තුළ, සමාජයට තේරුම් යන්නේ මෙය කල්පනාකාරීව, ගැඹුරින් විමසා බලා අදහස් එළි දැක්වීමට තරම් වූ බරපතල කාරණාවක් බවයි. මෙම විනිශ්චය රන්ජන් රාමනායකට පමණක් නොව, මුළු ප්‍රජාවට බලපාන බරපතල සිද්ධියක් බව බුද්ධිමතුන් නම් වටහා ගෙන ඇත.
ඒ අතර තුර, සමාජයේ මුල් නිහඬතාවය බිඳ දමමින්, විවිධ පුද්ගලයන් දැනටමත් විවිධ කෝණවලින් මේ සිද්ධිය විග්රහ කරමින් සිටින අතර, සමාජ මාධ්‍ය ඔස්සේ දැනටමත් ලක්ෂ සංඛ්‍යාත පුරවැසියන් නඩු තීන්දුවට එරෙහිව, විරෝධයන් ප්‍රකාශ කර ඇත.
මේ අතුරින්, කණිෂ්ඨ නීතිඥවරුන් කිහිපදෙනෙක්ම, අප සැමගේ බුද්ධිය අවදි කෙරෙන, කරුණු ගණනාවක්ම ප්‍රසිද්ධියේ අප හමුවේ තබා ඇත.
-
මෙම නඩුවේ චූදිතයා රන්ජන්ය. අගතියට පත් සැබෑ පැමිණිලිකරුවා ශ්‍රේෂ්ඨාධිකරණයයි. එහෙත්, නඩුව අහන්නේත්, විනිශ්චය දෙන්නේත්, අගතියට පත් පැමිණිලිකරුවාමයි. මෙය අපේ රටේ යුක්තිය පසුඳින ක්‍රියාවලියේ System of Jurisprudence මූලික සංකල්පයක් උල්ලංඝනය කරයි. එනම්, පැමිණිලිකරුවෙකුට එම විටම විනිශ්චයකරුවාද විය නොහැකි බවයි. එහි අපක්ෂපාතී විනිශ්චයක් නොමැත. නඩුව අවනඩුවක් වී ඇත.
-
උසාවිය ඉදිරියට එන පුද්ගලයා “පිරිසිදු දෑත් ඇතිව” පැමිණිය යුතුය යන්නද අප රටේ නීතිමය සිද්ධාන්තයකි. අගතියට පත් පැමිණිලිකාර ශ්‍රේෂ්ඨාධිකරණයේ, දෑත් පිරිසිදුද?
-
ශ්‍රී ලංකාවේ පවතින නීතිය තුළ, උසාවියට අපහාස කිරීම යනු කුමක් දැයි, නීතියෙන්ම නිර්වචනය කර නැත. not defined. එමෙන්ම එවැනි වරදක් කළ අයෙකුට උසාවියක් විසින් දිය හැකි දඬුවම කුමක්දැයි නියමිත කර නැත.
-
අභිමතය, “සාධාරණ ලෙස” පාවිච්චි කළ යුතු බවටත්, “එය නැවත සලකා බැලීමකට” යටත් විය යුතු බවටත්, මෙහි විග්රහ කොට ඇත්තේය.
රන්ජන්ගේ “නීතිඥයන් සහ විනිසුරුවරුන් බහුතරය දූෂිතයි” නමැති වාක්‍ය මත පදනම් වන චෝදනාවේ බහුතරය දූෂිත නොවන බව, මේ උසාවි තීන්දුවෙන් ගම්‍ය වන අතර, පැන නගින ප්රශ්නය වන්නේ සුළුතරයක් හෝ දූෂිතද? මක්නිසාද, උසාවියට දූෂිත අවස්ථාවන් ගණනාවක් සහ පුද්ගලයන් ගැන කරුණු රාශියක් රන්ජන්ගේ නීතිඥවරුන් සහ ඔහුගේ සාක්ෂිකරුවන් ඉදිරිපත් කර ඇති බැවිනි. “බහුතරය” කීව එක වැරදිය. සුළුතරය කිව්වා නම් ප්‍රශ්නයක් නැද්ද? යන්න මහජනයාගේ මනස තුළ නැගෙන්නේ, සියුම් නීති තර්ක ඔවුන් නොදන්නා නිසාමය. වසර 4 ක බරපතල වැඩ සහිත සිරදඬුවම සාධාරණ වන්නේ, “සුළුතරය” වෙනුවට “බහුතරය” යන වචනය පාවිච්චි කළ නිසාද?
මේ හිඩැස නිසා, තීන්දුව, විනිසුරුවරුන්ගේ අභිමතය අනුව at the discretion of ගත හැක. එනම්, වරදක් කළාද, දඬුවම කුමක්ද, යන දෙකම අභිමතානුසාරිව ගනු ලබයි.
මෙහි සාධාරණයක් නොමැතිය යන්න, බොහෝ නීතිවේදීන් ගේ මතය වන අතර, මෙම හිඩැස ඉවත්කර, වහාම සංශෝධන ගෙන ආ යුතු බවට නීතිඥ පාර්ශවයන් එක හඬින්ම පවසන නමුත්, මෙම රන්ජන්ගේ තීන්දුව නැවත සලකා බැලිය යුතුය යන තැනට, නීතිමය මතය තවම ගමන් කර නැත.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම පරිපාලනමය අභිමතය Administrative discretion ගැන නම් දැනටමත් විග්‍රහයක් නිකුත් කර ඇත. Marapana Vs. Bank of Ceylon යන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ, පරිපාලන අභිමතය පාවිච්චි කළ යුතු ආකාරය ගැන මෙසේ සඳහන් වෙයි.
“Persons exercising such power must act fairly. In general, it means a duty to observe the rudiments of natural justice in the exercise of administrative functions. Not only should there be a fair evaluation of the matter before it but, it also imposes a duty to be impartial and not to discriminate on unacceptable grounds. Such power must be exercised reasonably. The notion of absolute or unfettered discretion is rejected. There should in principle be no such thing as unreviewable administrative discretion which is just as much a “contradiction in terms” as unfettered discretion”
ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ විග්‍රහය පරිපාලන අභිමතය ගැන වුවද, එය අධිකරණ අභිමතය ගැනද සංකල්පීය වශයෙන් වලංගු විය යුතු බව අප සිතමු.
ජ්‍යෙශ්ඨ නීතිඥයන් දැනට පවසා ඇත්තේ, විනිසුරුවරුන් තිදෙනෙකු විසින් දෙන ලද මෙම තීන්දුව, නැවත සලකා බලන ලෙස, පංච පුද්ගල හෝ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයකට යොමුකරන ලෙස ඉල්ලීමක් කිරීමට රන්ජන් රාමනායකට ඉඩක් තිබෙන බවයි. මෙම තත්ත්වය, කෙසේ වූවද, රටේ නීති විශාරදයන් විසින් මෙය තවම තහවුරු කර නැත.
මේ අතරතුර, බ්‍රිතාන්‍යයේ සහ ඉන්දියාවේ “උසාවියට අපහාස කිරීමේ” චෝදනා ගැන ක්‍රියා කරන ආකාරය ගැන තොරතුරු කිහිපයක්ම පලකර ඇති අතර, එම රටවල වඩා යහපත්, වඩා සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කරන බව පමණක් නොව, ඒවායේ පරිණත විනිසුරුවරුන් විසින් මේ කාරණාව ගැන දක්වන ආකල්පවලද විශාල වෙනසක් ඇති බවද පැහැදිලිය. එම තොරතුරු මෙතැන සාකච්ඡා කිරීමට මෙහි ඉඩ නැත.
අනිවාර්යයෙන්ම, මේ සිද්ධිය ජාත්‍යන්තර අවධානයට සහ නීතිමය විශ්ලේෂණයට භාජනය වනු නියතය. ආසියානු මානව හිමිකම් කොමිසම මීට වසර 4 කට පෙර, එවකට රන්ජන් මුහුණ පෑ “උසාවියට අපහාස කිරීම්” චෝදනාව පිළිබඳව සාධාරණ විග්‍රහයක් කර තිබුණි. එහි කොටස් මෙහි පළවේ.
විවිධ අංශවලින් ඉස්මතු වන මේ මතයන්, රන්ජන්ට සාධාරණයක් ඉටුවීමට, බෙහෙවින් හේතුවනු ඇතැයි අප විශ්වාස කරමු.
Leave a Reply