අ`ඵත්ගම/බේරුවල මුස්ලිම් ජනතාවට එරෙහිව දියත් කරණ ලද ප්‍රචණ්ඩත්වයට දැනට වසර 3 ක් සපිරෙයි

මෙම ප්‍රචණ්ඩත‍වය දියත්වුනේ පසුගිය රජය සමයේ වන අතර එම බරපතල සිද්ධීන් මු`ඵමනින්ම වසන් කරන්නට එවකට රජය ගත් උත්සාහයන්ට මුස්ලිම් දේශපාලන නායකයන් පූණ_ සහයෝගය දැක්වීම ඛේදවාචකයකි. මුස්ලිම් ජනතාව පාවාදී පාලක පැලැන්තියේ හො`ද හිත දිනා ගැනීම, තමන්ගේ අනාගත පැවැත්මට වඩා වාසිදායක වන බැව් තක්සේරු කල මේ නින්දිත මුස්ලිම් නායකයන්, මරුමුවට, පහරකෑමට, මංකොල්ලයට සහ දේපල ගිනි තැබීමට ලක් වූ අසරණයන් පාවා දුන්හ.
අද වනතුරු කිසිත් පිලිසරණක්, සාධාරණ පිලියමක් ඔවුන්ට ලැබී නොමැත.

අ`ඵත් සිද්ධීන්

යහපාලන රජය යටතේද, වැඩි ප්‍රචාරයක් නොලබමින් මුස්ලිම් ජාතිකයන්ට එරෙහි ප්‍රචණ්ඩ කි්‍රයා නැවත ඇතිවී තිඛෙන බැව් පොලිසියද සිය වාත_ාවලින් එලි දක්වා තිබේ. දිවයින පුරා මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගත් ප්‍රචණ්ඩ සිද්ධීන් 16ක් පොලිසිය වාත_ා කර ඇති අතර, මුස්ලිම් සංවිධාන විසින් එවැනි සිදුවීම් 30ක් දැනට සිදුවී ඇති බව කියා සිටිති.

ඊනියා යහපාලන රජය විසින්, පැහැදිලි කි්‍රයාමාග_ හෝ මෙම ප්‍රචණ්ඩත්වයට එරෙහිව ප්‍රකාශයක් නොකරන බැවින්, නැවත වරක් මුස්ලිම් ජනතාව අතර, සැකය, බිය, අවිනිශ්චිතභාවය සහ තදබල කලකිරීම ඇති වෙමින් පවතී. යහපාලන රජයේ ඉක්මන් අවසානය මේ සිදිධීන් කරණ කොට ගෙන තවත් වේගවත් කරයි. යහපත්, සාමකාමී රටක් ගොඩනැගීමේ පොදු ජන සිහිනය බො`ද වෙමින් පවතී.

වසර 3කට පෙර මුස්ලිම් ජාතීන්ට එරෙහිව ප්‍රචණ්ඩත‍වය දිග හැරුනේ 2014 ජුනි මාසයේදීය. අප මේ ගැන අපගේ පාඨකයන්ට විස්තරාත්මක දැනුම් දීමක් ඒ දිනවල කෙරුවෙමු.
එම පුවත්පතේ අප පල කල ලිපි, එලෙසම අප මෙහි පලකරන්නේ, මේ අසාධාරණයට එරෙහිවී, අතීතය ද ආවර්ජනය කිරීමටයි

Author

admin

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *