සත්‍යය කඩා වැටීම, අද වන විට, මුළු ලොව පුරාමත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙත්, දිගින් දිගටම සිදුවෙමින් පවතින බවත්, බොහෝ දෙනෙකුට ඒත්තු යමින් පවතී. සමාජය දැන් ඉදිරියට ගමන් කරන්නේ මිත්‍යාව සහ බොරුව මතය. නිවැරදි තොරතුරු හා දත්ත මත නොවේය. සත්‍යය කඩා වැටී ඇත.
ජනතාව, තාර්කික බුද්ධිමත් තෝරා ගැනිම්වලට වඩා, සුරංගනා සිහින ගිලින්නට පෙළඹෙන බව ලෝක ප්රවණතාවයකි. වර්තමානයේ දි ජාත්‍යන්තර විද්වතුන් පවා, මේ ලෝක ප්‍රවණතාවය collapse of truth ලෙස නම් කොට, මේ සිහින කතන්දර වලට බහුතර ජනතාව වැඩි ඇල්මක් සහ මනාපයක් දක්වන බව කියමින් සිටී. මෙය සත්‍ය කරුණු අභිබවා යන, හැ`ගීම් වලට මුල්තැන දෙන ආකල්පයකි. Yuval Noah Harari අසා සිටින්නේ, ‘‘මිනිස්සු මෙච්චර ස්මාට් නම්, ඇයි අපි මෙච්චර මෝඩ?’’ යන්නයි! If sapiens are smart, why are we so stupid? ඔහුගේ උත්තරය වන්නේ ‘‘මෙය සිදුවන්නේ අරදබට සබදෙරප්එසදබ මිනිසුන්ට බෙදාහැරීම තුළින් බවය.’’ දිර්ඝ සහ අනර්ඝ පැහැදිලි කිරීමක් කරන Harari”, සාමුහික මුලාව Collective Delusion පදනම් වන්නේ, ව්‍යාජ තොරතුරු මත විශ්වාසයක් ගොඩනගා ගැනීම නිසා බව කියයි. .

බොරු තොරතුරු බෙදාදීම තුලින් බහුජනතාව ගොනාට ඇන්දවිය හැකි බව, ඉතිහාසය නැවත නැවතත් පෙන්නුම් කරයි.
2024 වන විට රටේ තත්ත්වයන් ගැන සෑහෙන විශාල පිරිස් අවබෝධයෙන් සිටි නිසාදෝ, අනුර දිසානායක අළුත් දේශපාලන පිම්මක් පනිමින්, ජනතා විමුක්ති පෙරමුණ පසුපස උඳුනට දමා, Back Burner ඡුන්ද තැටිය රත්කිරීම සඳහා මාලිමාව නමැති Brand New උඳුනක්, බහුවිධ ‘‘විද්වතුන්’’ ගෙන් සරසන ලද, එහෙත්, (සරල දේශපාලන විග්‍රහය අනුව,* සභාග එකමුතුවක් a coalition of diverse elements පෙරට දමාගත් අතර, සරොම් අඳින, දැනුවත් නැති, ග්‍රාමීය බයියන් බහුතරය පිනවීමට අළුත් fantasy සටන් පාඨයක්ද, ඇඞ්වටයිසින් කොම්පැණියක සහයෙන් නිර්මාණය කර, ‘‘පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක්’’ යනුවෙන් හාත්පසින්ම ලාමක, සුරංගනා සිහිනයක බොම්බයි මුට්ටයි ටොපිය බහුජන බයියන්ට දිගු කළේය. අතරතුර, අනුර කුමාරගේ ජාතිවාදයට එරෙහිව පලකල සංවේදී අදහස්, බුද්ධිමතුන් මත ප්‍රබල බලපෑමක් කළ බවද, පැහැදිලිය. එපමණක්ම නොව, රටේ බුද්ධිමතුන් පවා, ඔහුගේ මේ සුරංගනා කතාවලට රැවටුන බව සහ රජය ආරම්භයේදී සමහර බුද්ධිමතුන්ගේ ප්‍රශංසා පවා හිමිකර ගත්බවද සත්‍යයකි. අනුර කුමාර ඊට පෙරද, මෙවැනිම Coalition සිහින මත UNP, SLFP, SLPP පක්ෂ සම`ග පෙලගැසුණු කෙනෙකි. අනුර කුමාර මැතිවරණය දිනාගැනීමේ අරමුණින් කල කී දෑ, අද දකින විට, ඔහු මුළුමනින්ම බොරු, විකෘති කිරීම් සහ බොළඳ සුරංගනා කතා වලින් ඡුන්ද දායකයන් සාර්ථකව ගොනාට අන්දා ඇති බව පෙනේ.
රටේ පාදඩ දේශපාලනයෙන් හෙම්බත්ව, අතරමංව සිටි සහ දරිද්‍රතාවයේ ගැඹුරෙහි ගිලෙමින් සිටි බහු ජනතාව මෙය අවසාන පිදුරු ගහ ලෙස පෙනුන හෙයින්, එම මිරි`ගුව දෝතින්ම බදාගෙන, ඇතිවුන දැවැන්ත ඡුන්ද රැල්ලේ සිරස මත, පාර්ලිමේන්තුව ඇතුළටම ගෙඩිය පිටින් මාලිමාව ගසාගෙන ආවේ, මුළුරටම පුදුම කරවූ පෙරලිකාර වසංගතයක් ලෙසය. මෙම ප්‍රතිඵලයෙන් වඩාත්ම පුදුම වුයේ, මුළු ජීවිත කාලයම අපේක්ෂාභංගත්වයෙන් වියලී ගිය සිත් සතන් තිබූ අතලොස්සක් වූ JVP බයිය නායකයන්ය. ඔවුන්ට දීර්ඝ අහේනියකින් පසු වසන්තය උදාවිය.
මේ අනපේක්ෂිත ‘ජනවරම’ සැබවින්ම හදිසියේ කෝටි ගාණක සංවර්ධන ලොතරැයියක් ඇදුන, මෝඩ සරොම්කාරයෙකුට අත්වන ඉරණම ආකාරයෙන්ම, JVp බයියන්ව මුළුමනින්ම වික්ෂිප්ත කළ අතර, ජනාධිපති සහ මුළු පාර්ලිමේන්තුවම සතු අසීමිත බලය හසුරුවා ගන්නේ කෙසේද යන්න, දැන් වසර 2 ක් ගතවෙලත්, තවමත් ඔවුන්ට ලිහා ගන්නට බැරි වුණ සේයාව පෙනේ. මේ පෙරළිය කළමනාකරණය කරගත හැකි ප්‍රාඥයන් JVP බයියන් අතර නැත. ලී ක්වාන්යු ල, නෙල්සන් මැන්ඩෙලා ල සහ පුටිං ලා බිහිවූයේ නැත. බිහිවූයේ, ටෙනිසන් කුරේලා සහ බන්දු සමරසිංහලාය. පළමුව, සුනිල් හඳුන්නෙත්තිත් දෙවනුව විජිත හේරතුත්, ජාත්‍යන්තර වේදිකාව සිනා සාගරයක ගිල්වූයේ තම මන්ද බුද්ධික ර`ගපෑම් පාදක කරගෙනය.
අනුර කුමාර කිසිසේත්ම ප්රාඥයෙකු නොවූවත්, ඔහු දේශපාලනිකව මෝඩයෙකුද නොවේ. නිරන්තර innovations අත්හදා බලන ජනතා විමුක්ති පෙරමුණ තුළ ඔහුගේ භූමිකාව, ඵෙතිහාසිකවම පැහැදිලි මාවතක ගමන් කරන බව වටහාගත හැකිය. විප්ලවකාරී මාවතෙන්, ක්‍රමානුකූලව පියවරෙන් පියවරට මිදී, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ ඊනියා ‘‘මහත්වරුන්ගේ දේශපාලනය’’ වෙත ඔහු යන ගමන පැහැදිලිව පෙනෙන visible අවස්ථා එමටය. සරොම් ඇඳපු JVP කේඩර්වරුන්ට එඇැා කලිසම්, T-Shirt අන්දවා, Virtual middle Class බවට, පෙන්වීමටත්, මැයි දින පෙළපාලි වලදී මේ පරිවර්තනය ප්‍රදර්ශණය කරන්නටත් ඔහු සමත් විය. එහෙත්, ඇඳුමෙන් යුරෝපීය කළත් JVP රස්තියාදු බයියන්ට International Forum වලදී, උන් නාගන්නා නාගැනිල්ල නිසා ඔවුන් රටට ජාතික අපකීර්තියක් බවට පත්ව ඇත. My Fair Lady චිත්‍රපටියේ (Hollywood screen adaptation of play pygmalion) Eliza Doolitle ව මතක් වෙයි. ලෝක පූජිත භාෂා මහාචාර්යවරු දෙදෙනෙක්, ‘‘නූගත් පේව්මන්ට් කෙල්ලකට’’ ඉංග්‍රීසි භාෂාව උගන්වා, කුමාරිකාවක් බවට රාජකීය සාදයකදී සාර්ථකව අ`ගවන්නට සමත් වූ නමුත්, Ascot Race එකේදී ඇගේ වෙස්මුහුණ පමණක් නොව, ඇඳිවතද ගැලවුන හාස්‍යය වැනි ප්‍රහසනයක්, මේ JVP රගපෑම් වල ගැබ් වී ඇත. විටින් විට ඇතිවන මහජන සිද්ධීන් වලදී JVP නායකයන් මරිමෝල් බූරුවන් බව ප්‍රදර්ශනය වේ.
Ceylon Chamber of Commerce නමැති Ethical සංවිධානයක් නොවන බවට ඔප්පු කළ හැකි. ශ්‍රී ලාංකික ව්‍යාපාර පැලැන්තියේ මධ්‍යගත බලවේගයේ සභාපති, දුමින්ද හුලංගමුව,(Ernst) ශදමබටල සභාපති* ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ලෙසත්, Dialog Axiata කියන බහුජාතික ජාත්‍යන්තර ජාවාරම්කාර සමාගමේ දේශීය සභාපති හැන්ස් විජේසූරිය, ප්‍රධාන උපදේශකයෙකු ලෙස පත්කර ගැනීමත්, අහම්බයක් හෝ නොසිතා හෝ කරන ලද්දක් නොව, ඉලක්කය බලා සතුරු බලවේග මෙල්ල කර ගැනීමේ ප්රයත්නයේ අනුර කුමාරගේ Strategic move එකක් බව පෙනේ. මේ නිසාම, විපක්ෂ දේශපාලනය දැන් සමතලා වී ඇත. මේ ජාතිද්‍රෝහී ව්‍යාපාර පැලැන්තිය රටේ ආර්ථිකය සෝදා පාළු කරන ප්‍රධාන බලවේගය බැව් හඳුනාගෙන තිබිණ.
UNP රජය විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පුද්ගලික අංශයට විකුණා දැමීම, පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ (අංක 158/2007* නඩුවේ තීන්දුව දෙමින්, කියා තිබුණේ, Price Water House Coopers iy Ernst & Young යන සමාගම් දෙකම, එම විකුණා දැමීමේ ගනුදෙනුවේ දී Professional Misconduct සිදුකර ඇති බවත්, ඔවුන් එම වෘත්තිමය කටයුතු වලින් ඉවත් කළ යුතු බවත්ය. සාමාන්‍ය මිනිසුන්ට තේරෙන භාෂාවෙන් නම් මොවුන්, වංචනික සහ ¥ෂිත ලෙස ක්‍රියාකර ඇති බවය. Price Water House Coopers, Ernst& Young, KPMG Singapore යන බහුජාතික ඝනකාධිකරණ සමාගම්, ජාත්‍යන්තරයේ විවිධ කළු පැල්ලම් ලබාගෙන ඇති ‘‘ජාත්‍යන්තර හොරු’’ බවට බොහෝ සාක්ෂී තිබේ. විශේෂයෙන්ම ලාංකේය Ernst & Young සමාගම, රාජ්‍ය බැංකු ඇතුළු රාජ්‍ය ක්ෂේත්රයේ වෘත්තිමය සේවාවලින් උපයාගෙන ඇති මුදල් ප්‍රමාණය හිතාගත නොහැකි කෝටි ප්රමාණයකි. මෙය මුළුමනින්ම පාදඩ ජාවාරමකි. පාර්ලිමේන්තු COPE කමිටුවේ Ernst & Young සහ Price Water House Coopers රක්ෂණ සංස්ථා විකිණීමේ සිද්ධියේ දි වංචනික ලෙස ක්‍රියාකර ඇති බවට නිගමනයන් කර ඇත. (වාර්තා දිනය : 2007.01.12)
මෙම කෝප් කමිටුවේදී අනාවරණය වුන තවත් කරුණක් නම් ආචාර්ය පී.බී. ජයසුන්දර කලක් Ernst & Young සමාගමේ Senior Policy Advisor ලෙස මෙන්ම, රක්ෂණ සංස්ථාව විකුණා දැමීමේ කටයුතු PERC ආයතනය කරනා අවස්ථාවේ, ඔහු එහි සිටි බවයි. අසිත තල්වත්ත නැමැත්තාගේ නම මෙන්ම, සුජීව රාජපක්ෂ ී Sri Lanka Cricket වල Treasurer ව සිටි කාලයේ සිදුවූ වංචා ¥ෂණද මේ COPE කමිටු වාර්තාවේ සඳහන් වී ඇත. NDB බැංකුවේ දැවැන්ත 13.5 billion වංචාවේ අනාවරණය වන්නේ Central Bank නියාමන සහ Ernst young External Auditors වශයෙන් Fail බවයි.
Dialog Axiata සමාගම රජයේ බලධාරීන්ගේ අනුග්‍රහය ලබාගෙන මහජන බැංකුවෙන් රුපියල් මිලියන 10,000 ක ණයක් ලබාගෙන තිබුණේ Bank Rate එකටත් අඩු පොලියකට බව ප්රකටය. පාස්කු ඉරුදින මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ දුරකථන සංවාදවල පිටපත් ලබාදීමට Dialog Axiata මුල් අවස්ථාවේ ප්‍රතික්ෂේප කර සිටීම, මේ නිසාම පුදුමයට කරුණක් නොවේ. ඔවුන් හිටපු රජයේ අනුග්‍රහය මත ලොකු මහත් වුණ ජාත්‍යන්තර ජාවාරම්කාර ව්‍යාපාරයකි. ආචාර්්‍ය වගීෂා ගුණසේකර (PHD) in Development Economics) මහත්මිය සම්මන්ත්‍රණයක දී කියා සිටියේ Dialog Axiata ඇතුළු විදේශීය දුරකථන සමාගම් 7 ක්, පොදු ජනතාවගේ දුරකථන ගාස්තු මුදල් වලින් කෝටි ගණන් උපයා, මේ සියලූ ධනස්කන්ධයන් විදේශීය විනිමය ලෙස, පිටරටට පටවන බවය. (U-Tube) භාණ්ඩාගාරයේ සහ විවධ Digitalහොරකම්, හෑන්ස් විජේසූරිය ගේ උපදේශකත්වය යටතේ සිදුවේ.
අනුර කුමාර දිසානායකගේ ජනාධිපති උපදේශකවරුන් දෙදෙනාගේ පැටිකිරිය එසේය. දැන්, විපක්ෂයේ නාගයන් සම`ග අමනාපයක් දක්වන අනුර කුමාර, ව්‍යාපාරික ලෝකයේ මාපිලූන් සම`ග සුවසේ නිදයි! Marxist Leader අනුර කුමාර රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ගන්නේ ජාත්‍යන්තර හොරුන්ගෙනි.
දුමින්ද හුලංගමුවගේ සහ හෑන්ස් විජේසූරියගේ නායකත්වය යටතේ, මුළු ව්‍යාපාරික ප්‍රජාවගේ බලවත්ම කොටස, දැන් නිහ`ඩව JVP පදයට නටන අතර, උන්ගේ ව්‍යාපාර ලාභ තීරුව අඛණ්ඩව එලෙසම හෝ වැඩි කරමින් හෝ පවත්වාගෙන යන්නේ, මහජනතාවට ‘‘ඉනට වැරහැලි, කුසට සාගිනි’’ ඇති කරවමිනි. බලයේ තණ්හාවෙන් නිලංකාර වූ ඇස් ඇති අනුර කුමාරගේ JVP ලිලීපුට්ටන් දැන් සිටුවරුන් බවට පරිවර්තනය වී ඇති නිසා දුප්පත් මිනිස්සුන්ගේ දුක සහ දොම්නස ගැන පයිසෙයක්වත් දැන් ගණන් ගන්නේ නැත.
රජයේ ඊළ`ග අනිවාර්ය සතුරු බලවේගය වන්නේ, වෘත්තිය සමිති බව, මේ රටේ දේශපාලන පාදඩ ගේම් එකේ බොහෝ කාලයක් වැජඹුන JVP කාරයෝ දනිති. වෘත්තිය සමිති නිශ්ක්‍රිය කිරීම සඳහා ලාල්කාන්ත කලින්තියාම කියා සිටියේ, වෘත්තිය සමිති දැන් කිසිත් අවශ්‍ය නොවන බවත්, එක සාකච්ඡුාවකින් සියල්ල විසඳන බවත්ය. වෘත්තිය සමිති ‘‘වසා දැමීමේ’’ එම ප්‍රතිපත්තිය ඔවුන් ක්‍රියාත්මක කළේ තමන්ගේම වෘත්තීය සමිති නිහ`ඩ කරමිනි. වරායේ ප්‍රබලම වෘත්තිය සමිතිය වූ ස්වාධීන වරාය සේවක සංගමයේ JVP නායකයන් වූ ‘‘ආචාර්ය’’ අසෝක රංවල සහ රන්ජන් ජයලාල් වරාය සටන පාවාදුන් අතර, සමස්ත ලංකා දුම්රිය සේවක සංගමයේ සභාපති විතානගේ, ඔහුගේ ¥ෂණ විරෝධී සටනද අකුලාගෙන, සේවකයන්ගෙන් මිදී, විශ්‍රාම ගියේය. ඔහු දැන් මුළුමනින්ම නිහ`ඩය. බැංකු ක්ෂේත්රයේ ව්‍යාජ JVP සංවිධානයක් වූ සමස්ත ලංකා බැංකු සේවක සංගමය. මුළුමනින්ම Black out වී ඇත. මේ ව්‍යාජ JVP සංවිධානයේ ඇත්ත සාමාජික සංඛ්‍යාව 100 කටත් අඩුය. (PB – 23, BOC – Nil, NSB – 80) එම සංවිධානයේ නායකයන් වන්නේ වසන්ත සමරසිංහ සහ ලාල් කාන්තය.
වෘත්තිය සමිති වල ‘‘ඉල්ලීම්’’ සත පහකට ගණන් නොගැනීම, අනුර කුමාරගේ පිළිවෙත වී ඇත. ලංකාවේ වෘත්තිය සමිති නායකයන් අද වන විට, පට්ට ¥ෂිතයන්, පාවාදෙන්නන් මෙන්ම ජනතාව වාගේම හරකුන් රැලක් බව අනුර කුමාරත් හොඳට දනී. ජෝසප් ස්ටාලින් වැනි අයද අන්දමන්ද වී ඇති බව පෙනෙන්ට තිබෙන අතර, මේ about – turn එක ඉදිරියේ Joseph Stalin ලා පවා මුළුමනින්ම අසරණ වී ඇත්තේ සාමාජික ගුරුවරුන්ද, හුලං ගිය බනිස් බවට පත්වීම නිසා බව පෙනේ. රටේ වැඩකරන ජනතාව, බෙල්ල පාත්කරගෙන ඉන්නේ ඔවුන්ගේ නායකයන්ගේ පාවාදීම නිසාමය. Double Game එකේ ප්‍රවීණයන් වන ලංකා බැංකු සේවක සංගමයේ නායකයන් ඔවුන්ට සුපුරුදු, ‘‘බොරු සටන් උදේට’’, ‘‘ජොලි සාකච්ඡුා සවසට’’ JVP ලොක්කන් සම`ග යෙදෙමින්, සාමාජික අයිතිවාසිකම් පාවා දෙමින්, පාදඩ දේශපාලන ගණිකා වෘත්තියේ මෙතෙක් හැසිරුණ ආකාරයටම දිගටම හැසිරේ. රාජ්‍ය බැංකුවල කොටස් විකිණීම අතළ`ග වන අතර, එවිට, CBEU ¥ෂිත පාදඩ බඩගෝස්තර වාදී නායකයන්ගේ රෙදි ගැලවෙනු ඇත.
කෙසේ වෙතත් වෘතිතිය සමිති ව්‍යාපාරය දැන් ඉවරටම ඉවර බව පෙනේ. රාජ්‍ය බැංකුවල සිටි, දැන් විශ්‍රාමික, ප්‍රජාව 25,000 ඉක්මවන අතර, මේ සංවිධාන වලද නායකත්වයේ සිටින්නේ පක්ෂ දේශපාලන ¥ෂිතයන්ය. ඔවුන් ධනපති පාලක පන්තිය සම`ග එකතු වී විශ්‍රාමිකයන්ගේ අයිතිවාසිකම් පාගා දමමින් සිටිති. මේ අනුව වැඩකරන ජනතාව, විශ්‍රාමිකයන් මෙන්ම රටේ දුගී දුප්පතුන් ද, දරුණු නොසැලකිල්ලකට ලක් වී අසරණ වී ඇත.
ලාල් කාන්තගේ මන්දිරය සහ ¥ෂණ ගැන අළුත් කතා.
කඩුවෙල තනා ඇති තෙමහල් සුඛෝපභෝගී මන්දිරය පිළිබඳ හා ඒත් සම`ගම ජන මාධ්‍ය පලකල JVP නායකයන්ගේ වත්කම්/ බැරකම් ප්‍රකාශ, සමාජයේ හැම ස්ථරයකම බහුතරය විස්මයට පත්කිරීමත් සම`ග, ¥ෂණ කතිකාව යලිත් කරලියේ ප්‍රධානතම හා වැදගත්ම මාතෘකාව වෙයි. අප මේ තොරතුරු ගංවතුර මතින් රැගෙන යන අතරම, මේ සියල්ල දෙසම, පැසුණු නුවණින්, විපස්සනා ඇසකින්, නිවැරදි කෝණයෙන් බලන ලෙස අප ඔබට ඇරයුම් කරන්නේ, මේ සියල්ලෙන්ම ඔබ මංමුලාවට පත්වීම වැලැක්වීම සඳහාය.
දැවැන්ත අවධානයට ලක්වී ඇති තොරතුරු අතර, ඊට පාදක වුණ ප්රකාශණය මෙසේය. :
JVP Leaders – වත්කම්
රුපියල් මිලියන 20 ඉක්මවා ගිය වත්කම් ඇති අය :
1. අනුර කුමාර 5. කේ. ඞී. ලාල් කාන්ත
2. වසන්ත සමරසිංහ 6. හරිනි අමරසූරිය
3. විජිත හේරත් 7. හිනිදුම සුනිල් සෙනෙවිරත්න
4. සුනිල් හඳුන්නෙත්ති
මෙහිදී වඩාත්ම අවධානයට, ගැරහීමට, අපහාසයට සහ පෞද්ගලික ජීවිතය පවා කීතු කීතුවන කතා නිර්මාණය කර ඇත්තේ ලාල් කාන්තට එරෙහි වීමෙන්, මේ සමාජය හැසිරෙන බරපතල රෝගී තත්ත්වය ප්‍රතිබිම්බනය කරයි. ගල් අ`ගුරු වංචාවත් සම`ග තවත් සුප්‍රසිද්ධ නමක් වන ධම්මික පෙරේරාගේ නමද එලියට ඇවිත් ඇති නමුත්, ¥ෂණයේ, දුරාචාරයේ, තල් මසෙකු වන ධම්මික පෙරේරාට එරෙහිව, මේ ඊනියා සමාජ ශෝධක ජනමාධ්‍ය චණ්ඩි තම දත් තිස්දෙක දෙබෑ නොකරන්නේ ඇයිද යන්න සැබවින්ම පක්ෂ දේශපාලනය මෙන්ම සමාජයේ සැබෑ දේශපාලනය ගැන පාඩම අපට කියා දෙයි. වචන කිහිපයකින් සම්පූර්ණ දැනුවත් කිරීමක් කළ නොහැකි මේ බරපතල සමාජ චර්යාවට ඔබේ නුවණැස යොමු කරන ලෙස අප ඉල්ලා සිටින්නේ සත්‍යය කඩා වැටීම Collapse of Truth වළක්වා ගැනීමට, අර මුහුද හිස් කිරීමට ලේනෙකුගේ ප්රයත්නයද, අමතක නොකරමිණි.
ලාංකීය සමාජයේ ආර්ථික සාරය උරා බුදින, දැවැන්ත දැති මෝරු සහ තල්මසුන් අතර ප්රමුඛයෙකු වන, රතුපස්වල දී මිනී කා ඇති තල්මසෙකු සම`ග සසඳන විට, පාසල් වියේ සිට තරුණ විය දක්වා පාසල් නොගොස් ජිනදාස මාමාගේ හරක්ගාල බලාගත් ලාල් කාන්ත ‘කොලූවා’ පුංචි හාල් මැස්සෙකි. මේ හාල් මැස්සා මරන්න සමාජ මාධ්‍ය කාලතුවක්කු දැන් පත්තුවෙමින් තිබෙන අතර, ව්‍යාපාර ලෝකයේ ¥ෂණයේ ණසබට ඡුසබ ලා වන දැති මෝරු සහ තල්මසුන් වෙත මේ Canon සෙරු එක එල්ල වෙන්නේ නැත්තේ, හැම විවේචනයටම වඩා, ජීවිතය බේරා ගැනීම වඩා වැදගත් නිසා නේද? ඔව්! ඒක පිළිගන්න.මේ සමාජය වනසන ¥ෂණ තල් මසුන්ට පහරදීමට ඔබ අත එසවූ ගමන්ම, විදුලි වේගයෙන් ඔබේ බෙල්ල දෙකට කැපී බිමට වැටෙනවා, එය කැපුණු බෙල්ලේ අවසාන බැල්මද වනු ඇත. එබැවින් සමාජය වනසන ¥ෂණ මෝරුන් නිරුපද්‍රිතව දඩයම් කරන අතර, සමාජය ප්‍රපාතයට යෑම වැළැක්වීමකින් තොරව සිදුවේ.
ලාල් කාන්ත නැමති ¥ෂිත හාල් මැස්සා, මේ ජන මාධ්‍ය උකුස්සන්ගේ Easy Bite එක සහ දිරවාගත හැකි ගොදුරක් වන අතර, මේ සුද්දෝදන උකුස්සෝ, ¥ෂණ තල්මසුන්ගේ Collective Farm එකක් වන Chambers of Commerce ළගින් වත් පියාසර නොකරති. Organistion of Professional Associations, Institute of Chartered Accountants, Government Medical Officers Association යනාදිය යනු පට්ට ¥ෂිතයන් මෙහෙයවන ‘‘මහත්වරුන්ගේ’’ සංවිධාන වේ. ‘‘මේ ඊනියා මහත්වරු’’අද රට වැටී ඇති තත්ත්වය ගැන මුළුමනින්ම නිහ`ඩව සිටින්නේ, මීට පෙර අප පැවසූ ‘‘බෙල්ල කැපේවිද’’ ප්රශ්නය මතය.
අද රටේ සිදුවන සෑම දැවැන්ත වංචාවක්ම මේ Professionals ලාගේ අනුග්‍රහය යටතේ සිදුවන බවට සාක්ෂි මතුවෙයි. මේ දැවැන්ත ¥ෂණය මැඩ පවත්වන්නට People’s participation අවශ්‍ය නමුත්, JVPනායක බූරුවන් එම සහාය මහ හ`ඩින්ම ප්‍රතික්ෂේප කරති. මට බැරිනම්, කාට පුළුවන්ද කියා, කූංඤ්ඤය ඉස්සූ වඳුරාට සිදුවූ දේම මේ න්‍ඪඡු නායකයන්ටද සිදුව ඇත. නැට්ට පලූ දෙක අතර චප්ප වී ඇත.! ¥ෂණය මැඞීම සාර්ථක වන්නට නම් එය මුළු සමාජයේම සාමුහික ප්රයත්නයක් විය යුතුය.
න්‍ඪඡු නායකයන්ගේ වත්කම් ප්‍රකාශණ පදනම් කරගෙන එල්ලවෙන පක්ෂ දේශපාලන ප්‍රහාර නම් ස්වභාවිකය. මැතිවරණයට පෙරත්, න්‍ඪඡු නායකයන් රට පුරාම ඇන්ද තම ප්‍රතිරූපය වූයේ ‘‘නොකා, නොබී, නොඇඳ’’ පැය 24 ම රට ගොඩනැගීම සඳහා කැපවෙන බව සහ කිසිත් ප්රතිලාභ හෝ පහසුකම් නොලබා, එකදිගට කැපවෙන බවය. තම සාමුහික අඳෝනාව, ලාල් කාන්ත, වසන්ත සමරසිංහ සහ හඳුන්නෙත්ති සහ තවත් අය පැවසුවේ ‘‘අපි මරණයට ම`ගුලකට ගියාම, හාල් ටිකක්, පොල් ටිකක්, කෙසෙල් කැනක්, එළවළු ටිකක්’’ තමන්ට හිතවතුන් ලබාදෙන බවය. එහෙත්, මේ වත්කම් ප්‍රකාශයෙන් පසු එකක් පැහැදිලි වෙයි. මේ පුද්ගලයන් සියලූ දෙනාම, බලයට පැමිණි පසු, ඉතා ක්‍රමානුකූලව පුද්ගලිකව තමන්ට ‘‘ප්‍රාග්ධනයක් එකතු කරගැනීමට’’ කටයුතු කර ඇති බවයි. පිළිවෙලින්, මිල මුදල්, ඉඩ කඩම්, ගේ දොර, ස්වර්ණාභරණ, යාන වාහන පමණක් නොව, මුදල් ආයෝජනද සියලූම දෙනා කර ඇති බැවින්, තමන් ගත කරන හි`ගන ජීවිත පිළිබඳ කතා සියල්ල පට්ටපල් බොරු සහ මවා පෙන්වීම් බව හිටිහැටියේම සමාජය ඉදිරියේ නිරාවරණය වී තිබෙන්නේ, රෙද්ද ගැලවුන ආකාරයෙනි. මේ ඊනියා ‘‘හි`ගන්නන්ගේ’’ ¥ දරුවන් සියල්ලම විශාල වියදම් දරමින් දේශීය හෝ විදේශීය අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන අතර සමාජයෙන් මුළුමනින්ම ස`ගවා සිටින දරුවන් වේ. රටේ අනාගතය උදෙසා, නොකා නොබී තම දෛනික උපයා ගැනීම් නොකඩවා පක්ෂයට පරිත්‍යාග කළ ලක්ෂ ගණන් නූගත්, දුප්පත් මිනිසුන්ගේ හදවත් වලින් නැගෙන ශෝකී කම්පන දහරාවන් වල විලාපය, සක්වල වළලූ ඉක්මවා හිස් අවකාශයේ නැවත නැවතත් දෝංකාරය දෙන්නේ මේ JVP හොරුන්ට ශාප කරමිනි.
මේ තොරතුරු සමාජ ගතවීමත් සම`ග, JVP පක්ෂයේ සහ නායකයන්ගේ පුද්ගලික ප්රතිරූප කඩා වැටී ඇති අතර, මේ වන විට, ඔවුන් ර`ගපාන්නේ වගේ වගක් නැති ආකාරයටය. මක්නිසාද, මේ රජකම් සහ ප්‍රාග්ධන රැස්කිරීම්, තව ටික කලකින් කෙළවර වන බව ඔවුන් දන්නා නිසා, මෙන්ම ඔවුන් රොත්ත පිටින්ම, දැන් එගොඩ වී හමාර නිසාය. ප්‍රතිරූපය හෝ නම්බුව හෝ දේශපාලන අනාගතයක් ඔවුන්ට දැන් පයිසෙකටවත් වැඩක් නැත. ප්රාග්ධනය හිමි ධනපති පන්තියට ඔවුන් සංක්‍රමණය වි අවසන්ය. ඔවුන්ට වසන්තය උදා වී ඇත. ඊළ`ග මැතිවරණය පැරදුනාට කම්නැත. නායකයන් සියල්ලම එතෙර වී ඇත.
මේ අතරතුර, ගල් අ`ගුරු වංචාව, (රු.කෝටි 20,000* ඞීසල් මිලදී ගැනීමේ වංචාව, (රු. කෝටි 586*, භාණ්ඩාගාරයේ වංචාව, (රු. කෝටි 80* පිළිබඳ ප්රවෘත්ති සමාජය දෙදරීමට ලක්කර ඇති නමුත්, රාජ්‍ය මූල්‍ය ක්ෂේත්රයේ සිදුව ඇති සහ සිදුවෙමින් පවතින, රුපියල් කෝටි ගණනක ගසාකෑම් පිළිබඳ තොරතුරක් සමාජය හමුවට නොපැමිණෙන්නේ බැංකු ක්ෂේත්රයේ වෘත්තිය සමිති නායකයන්, බැංකු විශ්‍රාමිකයන්ගේ සංගම් සහ රාජ්‍ය බැංකුවල, කෝපරේට් විධායකයන් සහ ඒවායේ සභාපතිවරු සහ අධ්යක්ෂ මණ්ඩල වල සභිකයන්, මුදල් අමාත්‍යාංශයේ විධායකයන් මෙන්ම මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ, මේ ¥ෂණ ක්‍රියාවලියට හවුල්කරුවන් වන බැවිනි. මේවා දිගටම පවතින මුදල් ගසාකෑම් වන අතර, රාජ්‍ය බැංකු පද්ධතිය දැන් අස්ථාවර වෙමින් පවතින බවද පෙන්වා දී තිබේ. අප විසින් කරන ලද ක්රමානුකූල කරුණු දැක්වීම්, දේශපාලන ආකල්ප මත සැලකිල්ලට භාජනය වී නොමැත.
එබැවින්, රාජ්‍ය මූල්‍ය ක්ෂේත්රයේ දරුණු කඩා වැටීම මෙන්ම එයින් ගසාකන දැවැන්ත මුදල් ප්‍රමාණය ගැන අප සංඛ්‍යාලේඛන සහිත එළිදරව්වක්, ළ`ගදීම නැවත වරක් කරන්නෙමු.
1963 දී ආචාර්ය එන්. එම්. පෙරේරාගේ පුරෝගාමීත්වය යටතේ වම දියකර හැරීමේ ‘‘සභාග රජ’’ ව්‍යාපාරය තුල, 1972 දී ඔහු අමතක නොවන පාඩමක් මෙන්ම දේශපාලන සහ කායික වශයෙන් ‘‘යලි නොඑන ගමනක්’’ ආරම්භ කළේය. සැප්තැම්බර් 1 වන දා ආරම්භ කළ බැංකු සේවක වැඩවර්ජනයේදී එන්. එම්. සහ වමේ පක්ෂ නායකයන් ක්‍රියාකල ආකාරය, එවකට බැංකු සේවක සංගමයේ නායකයන් වූ Oscar Pereira සහ Sivasubramaniam දරුණු ලෙස එලිදරව් කිරීම නිසා, ආචාර්ය එන්.එම්. පෙරේරාගේ Marxist වෙස් මුහුණ ගැලවුණා පමණක් නොව, ඔහුගේ ගැලවුන කලිසම යටින් ඔහුගේ ‘‘පස්ස පැත්ත’’ රටටම පෙණුනි. රාජ්‍ය උකස් බැංකුවේ සේවකයන් සියල්ලම සේවයෙන් නෙරපුවා පමණක් නොව, වසර 4 ක් ම ඒ බරපතල ප්‍රශ්ණයට විසඳුමක් නොදීමේ පාප කර්මය තුළින්, 1976 දී සිරිමා බණ්ඩාරනායක මැතිණිය විසින් පූර්ව දැන්වීමක් නොකර, ? 12 ට කල නියෝගයකින්, කැබිනට් මණ්ඩලයෙන් ඔහුව නෙරපා හැරියේ, ප්‍රකට සෙරෙප්පු පාරකුත් ලබාදීය.
1977 මැතිවරණයෙන් යටියන්තොට ආසනය ඇපත් නැතුව ඔහු පැරදුන අතර, නොබෝ කලකින් මියගිය පසු, JR විසින් ‘‘රාජ්‍ය ගෞරව සහිතව’’ මිහිදන් කරනු ලැබීය. අවමංගල සභාවේදී JR ගේ අවසාන වාක්‍යය වූයේ ,Well Done, my faithful Servant ,ඔබ අනර්ඝ ලෙස කලා, මගේ මෙහෙකාර කොල්ලා.!,
අනුර කුමාර දිසානායක, වමේ ව්‍යාපාරයේ අවසාන නායකයා වනු ඇත. නොසිතූ, නොපැතූ දරුණුම ගණයේ පාවාදීමකට ලක් කරන ලද වමේ ව්‍යාපාරයේ, අවසාන මරලතෝනිය කෙසේ සිදුවේ දැයි අදහා ගත නොහැකි නමුත්, සොබාදහම අනුව, වෙනත් ජනාධිපතිවරුන්ට සිදුවූ ආකාරයටම, නිර්දන පංතියේ අනුර කුමාර දිසානායක ද නොබෝ දිනකින් තනතුරෙන් නික්ම යනු ඇත. එම දේශපාලන මලගමේදී, දැන් JR කෙනෙකු නැති බැවින් වෙනත් එවැන්නෙකු මේ අවසාන වාක්‍ය ප්රතිරාවය කරනු ඇත.
“Despite those titles, power and pelf,
The wretch, concentrated all in self,
Living, shall forfeit fair renown,
And doubly dying, shall go down
To the vile dust, from whence he sprung
unwept, unhonored and unsung”
– Walter Scott –
Leave a Reply