Unwarranted Clash at People’s Bank
මහජන බැංකුවේ ඇති කර තිබෙන අනවශ්‍ය සේව්‍ය සේවක ගැටුම.

කිසිත් ප්රකෝපකිරීමකින් තොරව මහජන බැංකුවේ නින්දිත පාලකයින් දෙදෙනා විසින් ඇති කර ඇති වෘත්තිය සමිති මර්දනය එහි වෘත්තිය සමිති සභාපති ඇතුළු තවත් නිලධාරින් 6 දෙනෙකුගේ වැඩ තහනම් කිරීම දක්වා උචජ ස්ථානයකට වර්ධනය වී ඇති අතර, නිල තොරතුරු අනුව, රාජ්‍ය අංශයේ බැංකු සහ පුද්ගලික අංශයේ බැංකු වලත්, මේ ලෙස බැංකු 20ක සේවකයන් 28,000ක් නියෝජනය කරන ලංකා බැංකු සේවක සංගමය දීප ව්‍යාප්ත බැංකු වැඩ වර්ජනයකට තල්ලූ වෙමින් සිටී.
මේ අර්බුදය සහ මහජන බැංකුවේ ඇති වී තිබෙන බරපතල ප්‍රශ්ණ පිළිබඳව රාජ්‍ය බැංකු විශ්‍රාමික සේවක සංවිධානයේ කැඳවුම්කරු විසින් ජනාධිපතිට ලිපියක් ඉදිරිපත් කර සියළු කරුණු දන්වා සිටි නමුත් ලංකාවේ දේශපාලන භාවිතය අනුව අදාල සේවකයින් වැඩ වර්ජනයක යෙදෙන තුරු ජනාධිපතිවරු හෝ කැබිනට් ඇමතිවරු සේවක අර්බුද විසඳන්නට ඉදිරිපත් නොවෙති. එය ශ්‍රී ලංකාවේ පාදඩ දේශපාලනයේ මුල් බැසගත්, වෙනස් කල නොහැකි, අවජාතක සංස්කෘතියයි .
මහජන බැංකුවේ මුළු සේවක පිරිස 8000 වන අතර ඉන් 7000ක් ම ලංකා බැංකු සේවක සංගමයේ මහජන බැංකුව ශාඛාවේ සාමාජිකයන්ය. සුළු සේවක , ලිපිකරු සහ විධායක නිලධාරින් සහ වෙනත් ශ්‍රේණිවල පිරිස් සංගමයේ සාමාජිකයන්ය.ශාඛා සංගමයේ සභාපති ලෙස නොබොදා සාමාජිකයන්ගේ බහුතර රහස් ජන්දයෙන් තෝරා පත් වු ගඟබඩගේ මහතා බැංකුවේ අභ්‍යන්තර විගණකවරයෙක්, වරලත් ගණකාධිකාරවරයෙක් සහ ශ්‍රේණිය අනුව ප්‍රාදේශිය කළමණාකරුවෙකි . වසර 26ක සේවය ඇති ඔහු බැංකුවේ නීති රීති අනුවම වෘත්තිය සමිති කටයුතු සඳහා පුර්ණ කාලීනව සේවයෙන් නිදහස් කර තිබුණි. මීට පෙර, මව් සංගමයේ ප්‍රධාන භාණ්ඩාගාරික ලෙස කටයුතු කර ඇති ගඟබඩගේ, දිගු කලක් වෘත්තිය සමිති නායකයෙකු ලෙස ඉතා ප්‍රයෝජනවත් කාර්යභාරයක නිරතව සිටි කෙනෙකි .
අම්පාර ශාඛාවේ සිදුවුවාය කියන සිද්ධියක් මුල්කරගෙන, සභාපති ගඟබඩගේ ඇතුළු තවත් 6 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත්තේ බැංකුවේ අපකීර්තිමත් පාලකයන් දෙදෙනාගේ නියෝග මතය.
මහජන බැංකුවේ වෘත්තිය සමිතිය මර්ධනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වුයේ මේ වසරේ ශාඛා සංගමයේ ද්විවාර්ෂික නිළවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි. නිදහසේ නිළවරණයට තරඟ වැදීමට ඉඩ නොදෙන තහංචි ගණනාවක් පැන වු මේ පාදඩ පාලකයන් දෙදෙනාගේ බලාපොරොත්තුව සුන් කරමින්, ඔවුන්ගේ දීර්ඝ කාලීන හෙංචයියෙකු වු A.K. බණ්ඩාර නැමැත්තාගේ පිරිස නිළවරණයේදී අන්ත පරාජයක් ලැබු අතර, දුෂණය සහ වංචාවට එරෙහිව තරඟ වැදුන ගඟබඩගේ කණ්ඩායම ජයග්‍රහණය කළේය. මෙයින් තැති ගැන්වුන සාමාන්‍යාධිකාරි වසන්ත කුමාර් සහ බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු, තම තමන්ගේ දුෂණ වංචා දැන් හෙලිදරව් කරනු ඇතැයි යන මාරාන්තික බියෙන් තැති ගැන්වුන අතර, තමන්ගේ ආරක්ෂාව සඳහා හොඳම ක්‍රමය වන්නේ පහරදීමය යන තේමාව යටතේ නව නායකත්වයට දිගින් දිගටම නොකඩවා පහරදීමටත් , වෘත්තිය සමිතියේ සාමාන්‍ය කටයුතු මර්ධනය කිරීමටත්, දැඩි පරිපාලන තීන්දු රැගෙන ඒවා අධ්‍යක්ෂක මණ්ඩලය ලවා අනුමත කරවාගෙන ද ඇත. මුළු අධ්යක්ෂ මණ්ඩලයම නපුංසකයන්ගෙන් පිරුණු, නින්දිත පොන්නයන් රැලක් බව, මේ සිද්ධි වලින් පෙනී යන්නේය.
බැංකුව තුල දැන් ක්‍රියාත්මක වන නීති මාලාව මෙසේය .
01) සාමාජික රැස්වීම් පැවැත්වීම සහ පත්‍රිකා බෙදාහැරීම තහනම්.
02) ස්ථානමාරු මණ්ඩල , විනය කමිටු , ඒකාබද්ධ මණ්ඩලය සහ නියෝජිත මණ්ඩල අත්හිටුවා ඇත.
03) වෘත්තිය සමිති නිලධාරින්ට සහ විශ්‍රාමිකයන්ට ද එරෙහිව විවිධ උසාවි වල, එනම් දිස්ත්‍රික් උසාවි, ඇපැල් උසාවි සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු ගොනු කර ඇත.
04) බැංකුවේ සේවකයන් බැංකු පරිශ්‍රයට අනවසරයෙන් ඇතුළු වුවාය යන පදනම මත පොලිසිය ලවා අත් අඩංගුවට ගැනීමට පැමිණිලි කර ඇත.
මේවා බරපතල ප්‍රකෝප කිරීම්ය.
ගරුත්වයක් ඇති කිසිම වෘත්තිය සමිතියකට, මෙවැනි සැලකීම් යටතේ නිහඩව සිටීමට හෝ ප්‍රතික්‍රියාවක් නොකර සිටීමට නොහැකිය .
මහජන බැංකුව තම දැවැන්ත ලාභය වාර්ෂිකව උපදවා ගන්නේ තම බැංකුකරණ සේවාවන් දිවයින පුරා විසිරී ඇති මධ්‍යස්ථාන 740 ක, දහඩිය කඳුළු සහ විවිධ වු දුෂ්කරතා මැද තම රාජකාරිය ඉටු කරන 7000ක් සේවකයන්ගේ ශ්‍රම දායකත්වයෙන්ය. මේ කාරණාව, වායු සමනය කරන ලද ශිත කාමරවල වැජඹෙන එක දහඩිය බිඳක්වත් කවදාවත් හෙලා නැති, සාමාන්‍යාධිකාරී පාදඩයා වන වසන්ත කුමාර්, තැකීමක් නොකර මෙලෙස සේවක ප්‍රජාවගේ බොක්කටම ප්‍රහාර එල්ල කරන්නේ මොන සදාචාරයක් මතද? වසන්ත කුමාර් පොලිස් වාර්තා ඇති අපරාධකාරයෙකි. මර්ධන නීති පනවා, සේවකයන්ට නිදහසේ සතුටින් සේවය කිරීමට ඇති වාතාවරණය අහිමි කරන, ආතතිය සහ අර්බුදය නිර්මාණය කරන මේ, පරයා බැංකුවේ මුල් පුටුවේ තබාගෙන සිටින පාලකයා කව්ද? මුළු රටම ඒ කව්ද, යන්න ගැන දැන් විමසිල්ලෙන් බලාගෙන සිටී.
මෙපමණ කලක් වසන්ත කුමාර්ලාට දේශපාලන රැුකවරණය දුන් අවජාතක දේශපාලකයාට හෝ දේශපාලකයන්ට අප කියන්නේ තොපේ අවසාන පැය පැමිණ ඇති බවයි. ඉතිහාසයේ වාර ගණනාවක මෙවැනි අනුග්‍රහය ලත් දුෂ්ඨයන්, උන්ගේ පුටු වලින් බිමට පෙරලා, බැංකු ක්ෂේත්රයෙන් පලවා හැරී ස්වර්ණමය ඉතාහාසයකට උරුමකම් කියන බැංකු සේවකයන්ට, නැවතත් සිහි කැඳවිය යුත්තේ 1976 අභාගයේදී ලංකා බැංකුවේ සභාපති ගාමිණි වික්‍රමනායක, 2004 වසරේ ලංකා බැංකුවේ සභාපති උදය ශ්‍රී කාරියවසම් සහ ඉන් පසුව ලංකා බැංකුවට අයිති GOH හෝටලයේ මහා කළමනාකරු ලනිල් ජයවර්ධන පුටුවලින් පෙරලා බැංකු සේවකයන් විසින් පාරට ඇද දැමු බවයි. දැන් වේදිකාව සුදානම් වෙමින් තිබෙන්නේ බැංකු සේවකයින්ගේ හතරවන වික්‍රමය පෙන්වීමට වන අතර, පෙර සිද්ධි වලට වඩා ඉතා බලවත්, ඉතා බරපතල පසුබිමක් මෙවර ඇති බවත්, බැංකු සේවකයන් වටහා ගත යුතුය. වසන්ත කුමාර් යනු හොරෙකි. අපරාධකාරයෙකි. මෙවැන්නෙකු රාජ්‍ය බැංකුවක ප්‍රධාන විධායක තනතුරක රඳවා සිටින්නේ කෙබදු ආකාරයේ බලවතෙකු ද යන ප්‍රශ්නයට උත්තර සෙවීමට කාලය දැන් එළඹ ඇත. සිරිසේන ජනාධිපතිතුමා තමාට කඩුවක් තිබෙන බවට ප්‍රකාශ කර ඇති අතර, එම කඩුව කැපෙන එකක් ද නැත්නම් පොට්ට, මොට්ට කඩුවක් ද යන්න මේ ප්රශ්නයේ දී එලිදරව් වෙනු ඇත.
මේ අර්බුදය විසඳා ගැනීමේ සාධාරණ පදනම මෙසේ විය යුතුය.
1. 2017 ජුලි නිළවරණයට පෙර, වෘත්තිය සමිතියට හිමිව තිබු සියලූ වරප්‍රසාද සහ නියෝජනයන් යලිත් වහාම ස්ථාපිත කිරීම.
2. පහත දැක්වෙන කාරණා පිළිබඳව විගණනයක් කර වාර්තාවක් සපයන ලෙස විගණකාධිපතිට නියෝගයක් නිකුත් කිරීම .
1) මහජන බැංකුවේ පවතින විශ්‍රාම වැටුප් අරමුදල, එහි ප්‍රමාණවත් බව, ආයෝජන අක්‍රමිකතා, පසුගිය වාර්තාවල නිවැරදිභාවය සහ පණවා ඇති නීති උල්ලංගනය වී තිෙබිද වැනි කාරණා ගැනත් ,
2) පවතින වැන්දඹු සහ අනත්දරු විශ්‍රම වැටුප් අරමුදල පිළිබඳ විගණනයක් සහ එහි නීතිරිති පිළිපැද ඇත්ද යන්න සහ 1996 වසරට පසු බැදුන සේවකයන් 6500 ක පමණ දෙනා වෙනුවෙන් විශ්‍රාම වැටුප් අරමුදලක් පවත්වාගෙන යනවාද ? භාර අරමුදලක් ස්ථාපිත කරනවාද? ප්රතිලාභ අවසාන වැටුපෙන් 24% දක්වා අඩුවුයේ කෙසේද? යන ප්‍රශ්ණ පිළිබඳව පුර්ණ විගණනයක් කර වාර්තාවක් සපයන ලෙස, විගණකාධිපතිවරයාට නියෝගයක් නිකුත් කිරීම .
3. සාමාන්‍යාධිකාරී වසන්ත කුමාර්ට එරෙහිව ඇති හෙජින් ගිවිසුම සහ පීපල්ස් ලීසිං සමාගමේ වංචාව පිළිබඳව නීතිපති වෙත දැනටමත් ඉදිරිපත් කර ඇති වාර්තා වල වසන්ත කුමාර්ට එරෙහිව ඇති අපරාධ චෝදනා මොනවාදැයි නීතිපතිගෙන්, සති දෙකක් ඇතුලත වාර්තාවක් ලබාගෙන, ඒ අනුව කටයුතු කිරීම.
4. බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ඇති ජාතික ඔලිම්පික් කමිටුවේ අක්‍රමිකතා , දුම්රිය දෙපාර්තමේන්තුවේ ඪසජැරදහ දුම්රියට අදාළ රු.මිලියන 35ක වංචාව ගැන රහස් පොලිසිය මගින් වාර්තාවක් ලබාගෙන කටයුතු කිරීම.
5. වෙලේ සුදා නැමැති දැන් හිරේ සිටින මත්ද්‍රව්‍ය වෙළෙන්දා සමඟ හේමසිරි ප්‍රනාන්දුට තිබෙන සම්බන්ධතාවය පිළිබඳව රහස් පොලිසියෙන් වාර්තාවක් ලබා ගැනීම.
මේ විසඳුම් නොමැතිව ප්‍රශ්ණය සමථයකට පත් කිරීම සටන පාවාදීමක් වනු ඇත.
The cultural differences in the
management of the older, Bank of Ceylon (1939) and the People’s
Bank (1961), is acutely contrasting. Management culture and even Trade Union
culture are behaviours which evolve historically. We can write books on the evolutionary
processes of these two cultures in these two banks. But, this is neither the place, nor the time
for it.
There is a total breakdown of labour management relations in the People’s Bank
at present, and today it has reached a simmering crisis, which endangers its daily functioning and its
delivery of banking services to the nation.
The President, Prime Minister and the Cabinet of Ministers, dwelling in barricaded ivory towers, which are
impenetrable to ordinary citizens, continue to ignore this unmitigated disaster, adversely affecting the stateowned
financial giant and its 8000 employees serving in 740 Service points country-wide who have become
hapless captive victims in a totally unwarranted confrontation, which the employees union has been
provoked into, creating a deep crisis.
Within the inside pages of this publication, you can read some material,
which juxtaposes this strange phenomenon of, harmonious labour management relations in the
Bank of Ceylon which could be termed exemplary, and the boiling human resource crisis in
the People’s Bank. The myopic and corrupt management of the People’s Bank, has
sown the wind, and are now reaping the whirlwind.
THE SORDID RECORDS OF THE OFFICIALS
WHO HAVE BEEN GOVERNING THE PEOPLE’S BANK IN THE RECENT PAST.
In a letter addressed to his Excellency the President, by the State Banks Pensioners Alliance, on 10th November 2017, the unsatisfactory state of affairs prevailing at the People’s Bank has been elaborated and a request has been made to take immediate remedial measures.
One of the important matters referred to in this letter is the totally unwarranted, unlawful, and counter productive action on the part of the management to suppress the well-known Ceylon Bank Employees’ Union, which has a Branch Union at People’s Bank, having 7000 members which include minor, clerical and executive staff. In fact, the Branch Union President is a Regional Manager of the Bank, a qualified Chartered Accountant, who was an Internal Auditor with unblemished integrity. He was +officially released from duty for full-time trade union work, in terms of the Bank’s own regulations.
President Gangabodage has been interdicted from service along with six other activists over an alleged incident at Amparai Branch. These interdictions have triggered off a series of trade union protest actions countrywide and under the auspices of the parent body of the CBEU, this action has now been extended to Bank of Ceylon and private sector banks. The CBEU operates in 20 separate banks, having 28,000 members in about 2500 banking service points throughout the country. If no solution is forthcoming, it is likely that protests will, escalate, culminating in a country- wide strike action in the entire banking sector.
The suppression of the trade union at the People’s Bank started soon after the recent election of office-bearers of the Branch Union, where the long standing President A. K. Bandara who was a management stooge was humiliatingly defeated in a landslide victory, by a new leadership headed by Gangabodage, a veteran trade-unionist who was one –time the Treasurer of the Parent Union of CBEU. He has 26 years of service and is a Regional Manager of the Bank.
The arbitrary, unlawful, and provocative measures taken by the General Manager Vasantha Kumar in concurrence with Hemasiri Fernando, the Chairman are plainly motivated by the fear of exposure of their black records by the new leadership of the Branch Union, and are designed to frighten the latter in to silence.
The unprecedented steps taken by them are:
- Distribution of trade union pamphlets, and holding of meetings of employees, have been banned.
- Trade Union representation in Transfer Boards, Disciplinary Committees and other consultative mechanisms like Joint Council stand suspended.
- Court action has been instituted against trade union officials and pensioners in District Courts, Appeal Courts and the Supreme Courts in regard to civil trade union disputes. Requests to the police to arrest employees for trespass is unprecedented.
THIS IS EXTREME PROVOCATION. No self respecting trade union will suffer this kind of treatment in silence or without reaction.
The fundamental fact that the bulk of the Bank’s nation-wide multifaceted banking services are provided by the “workers” of the Bank, and that, it is with the sweat, tears and many sacrifices made by this huge work force of 8000 employees that the Bank earns its profit, has been strangely ignored by these myopic, corrupt, General Manager and Chairman. To hit the producers of wealth, below the belt and create an environment of tension and conflict
without any provocation at all from the trade union, is pure lunacy, emanating from an over confident attitude that political power will ultimately protect them. Their lengthy survival amidst fraud and corruption adds strength to their
mistaken belief but history has proved that many such crooks have met their waterloo in the banking sector.
The political masters and general public should take note, that it is the same trade union, the same leaders that direct the trade union in the Bank of Ceylon, the other state-owned financial giant which has a similar staff base, and a similar country-wide network of service outlets. Not only is there perfect, exemplary, industrial peace in the Bank of Ceylon but the trade union leaders there, are recognized as partners in the progress of that Bank. That it has been so, for long years, is evidenced by the contents that appear in the opposite page, which speaks amply for the organizational culture that has been nurtured there over the years, as a joint effort, by the Management and The Union. The human resource potential has blossomed out in the Bank of Ceylon, spreading an unmistakable fragrance with the unique individuality of the Bank of Ceylon and its Brand Name as the most respectable, most dependable bank in Sri Lanka. කාටද ආඩම්බර ?.
The symbiotic relationship between the BOC Management and the CBEU Branch Union has been a strength to the institution. The Management has a strong, independent, distinct and non – politicised culture and the CBEU Branch Union devoid of political party affiliation, never solicited or received any patronage from any government.
Both worked steadfastly for their distinctly separate objectives, but their relationship has always had the fragrance of cordiality and mutual respect for each other.
The Red Line of separation of their different domains has never been transgressed. The Management never tried to run the Trade Union nor did the Branch Union try to run the Management. It is often at this border-line, that the genesis of corruption takes place. This gap and this determination never to transgress this Red Line of separation, have to be maintained, to run the Bank effectively.
This is indeed a unique organisational culture, not found in any other state institution.
Rohini Nanayakkara Farewell meeting at the BOC, Board Room.

President of CBEU, BOC Branch J. M. Solomon,making his speech.
Listening intently is Mr. Rajan Asirwatham, Chairman of the Bank.
මහජන බැංකුවේ ප්‍රථම සභාපති වින්සන්ට් සුබසිංහ
සැබෑ මානව හිතවාදියා

සත්කෝරලයේ සඳ ලංකාවේ සිටු පවුලක උපත ලැබු වින්සන්ට් සුබසිංහ මැතිතුමා, ගමේ සමූපකාර ව්‍යාපාරය ආරම්භකර,ව්‍යාප්ත කර, කීර්තිමත් නමක් දිනාගෙන සිටි පුද්ගලයෙකු විය.
කුමාර සැප සම්පත් වලින් පිරුණු තම පවුල් පසුබිම නොතකා, ගම්බද ගොවියා, කුඩා පොල් ඉඩම් හිමියා සතු සංවර්ධනය වීමේ ශක්‍යතාවය මනාව වටහාගත් සුබසිංහ මහතා, පොල් නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය 1940 ගණන් වන විට ආරම්භ කළේ ය. සඳ ලංකාවේ යෝධ විවිධ සේවා සමූපකාරය නමින් සුපතල වූ එම ව්‍යාපාරයට පොල් නිශ්පාදන, පාරිභෝගික ද්‍රව්‍ය,පේෂකර්ම, ලී පට්ටල් වැඩ, මුද්රණාලවැඩ, තොග සහ සිල්ලර වෙළදාම, සිනමා ශාලා, වැනි විවිධ සේවාවන් සැපයු, සමූපකාර මහජන සේවා ජාලයක් ඔහු නිර්මාණය කලේ ය. හද්ද පිටිසර ගමක් වු සඳ ලංකාවට, 1940 දී විදුලි බලය ලබාගැනීමට ද හැකි විය.
දුර දක්නා නුවනින් යුතු බුද්ධිමතෙකු වු ඔහු, බුද්ධි මහිමය සහ අවංකකම පුර්වාංග කොට ගෙනම, සමාජය සංවර්ධනය කිරීමේ කටයුත්ත, ප්‍රායෝගික වූ වැඩපිළිවෙලකට නතු කිරීම තුළින්, දැවැන්ත ප්‍රතිඵල ලබාගත්තේ ය.
1956 දී, සමූපකාර තොග වෙළඳ ආයතනයේ (ස. තො. ස) සභාපති ලෙස පත්වීමක් ලැබු වින්සන්ට් සුබසිංහ මහතා කෙටි කලකින් පාඩු ලබමින් තිබු එම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පරිවර්ථනය කලා පමණක් නොව, වාර්ෂික ලාභයෙන් කොටසක් සේවක පිරිස අතර, බෙදා දීමට ඉදිරිපත්වීම, නව සම්ප්රදායයකට මුල පිරුවේ ය. මේ දිරිගැන්වීමත් සමග සේවකයන් ඉමහත් කැපවීමකින් ආයතනයට දායක වු බව වාර්තාගතය. 1961 දී මහජන බැංකුව ආරම්භ කිරිමට එවකට රජය ගත් තීරණයෙන් පසුව, එහි සභාපති ධුරය දරන ලෙස වින්සන්ට් සුබසිංහ මහතාට ලැබුන ආරාධනය පිළිගත් ඔහු, බැංකුකරණ ඉතිහාසයේ පෙරළියක්ද කරමින් සිංහලෙන් චෙක්පොත් මුද්‍රණය කිරිමටත්, සිංහල අත්සන පිළිගැනීමට ලක් කිරීමත් සමඟ, බැංකු කරණය සහ ගණුදෙනු පොදු ජනයාට පහසුවෙන් සහභාගීවීමට හැකි දේශීය රටාවක් බිහිකල අතර, බැංකුවේ ගිණුම් තැබීම, පරිපාලන කටයුතු යන සියල්ලම සිංහල භාෂාවෙන් ඉටු කරවන ලදී.
වසර කිහිපයක් යන්නටත් මත්තෙන් සේව්‍ය සේවක සබඳතාවලදී ඇති වන්නා වු ගැටලූ නිට්ටාවට සුවපත් කිරීම සඳහා ඔහු නිර්මාණය කල Joint Council යාන්ත්‍රණය අද්වීතීය, අසමසම වැඩ පිළිවෙලක් විය. මහජන බැංකුව ජන හද දිනාගත් දේශයේ ප්රමුඛ බැංකුව බවට සුකාලීනව පත්වීමේ ඉතිහාසය නිර්මාණය කල වින්සන්ට් සුබසිංහ මැතිතුමා. මහජන බැංකුව උදෙසා කැපවීමෙන් සේවය කල නමුත්, ඒ වෙනුවෙන් කිසිත් වැටුපක් ලබා නොගත් අතර, තමාගේම පෞද්ගලික වියදමෙන් ඉන්දියාවට ගොස් බැංකුකරණය පිළිබඳව අධ්‍යනයක් කිරීමට ද ඔහු උනන්දු විය.
කි‍්‍රයාකාරී පක්ෂ දේශපාලනය පිළිකුල් කල වින්සන්ට් සුබසිංහ ශී්රමතානන්, සේවය පදනම් කරගත් මානව හිතවාදී දර්ශණයක් මත තම ජිවිතය මෙන්ම වට පිටාව සකස් කරගත් උතුම් පුද්ගලයෙක් විය. සුබසිංහ ‘කලමනාකරන ශෛලිය’ ට ඉමහත් ගෞරවයක් ලැබුණි.
1965 දී සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග සුබසිංහ මහතා මහජන බැංකුවේ සභාපති ධුරයෙන් ඉවත් වු නමුත්, ඔහු ඉතිරිකර ගිය ජාතික දායාදය, පොඩි මිනිසාගේ උරුමය ලෙස අදත් ජීවමානව පවතී. 1985 අගෝස්තු මාසයේදී වින්සන්ට් සුබසිංහ මහතා දැයෙන් සමුගත්තේ, රටේ දේශ හිතේෂීන්ගේ හා සුවහසක් සත්කෝරලයේ ජනතාවගේ, දෑස් කඳුළින් තෙත් කරවමිනි.
flash :
ලංකා බැංකු සේවක සංගමය වැඩ වර්ජනයක් තීන්දු කරයි !
Leave a Reply