Civic Consciousness, ජන විඥානය සහ වත්මන් දේශපාලන භූමිය. ලංකා බැංකු සේවක සංගමයේ නායකයන්ගේ කන පැලෙන නිහඬතාවය!
Civic Consciousness,ජන විඥානය යන්න රටේ පලල් ලෙස නිතර පාවිච්චි වෙන වචන නොවේ. සමාජවාදය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැනි වචන නම්, නිතර ඇසෙන වචන වන අතර, ඒ දෙක ගැන ගොරෝසු, කෙටි අදහස් කීපයක් බොහෝ දෙනෙකුට ඇත.
බෞද්ධයන් වන්නේ, බුදුන් අදහන, පන්සල් යන, සිල් සමාදන් වන, බෝධි පූජා පවත්වන, වෙසක් එකට කූඩු හදා පත්තු කරන, භක්ති ගීත ගයන පුද්ගලයන් බව කාටත් පෙනෙන බෞද්ධයන්ගේ බාහිර ක‍්‍රියාකාරකම් ලෙස ප‍්‍රචලිත නමුත්, ඔය ක‍්‍රියාකාරකම්වල යෙදෙන, අයගෙන් සතර සතිපට්ඨානය, පටිච්ච සමුප්පාදය, හෝ සප්ත බොජ්ජංග ධර්ම පැහැදිලි කරන ලෙස ඉල්ලූවොත්, ඔවුන් සියල්ලම එයින් අසමත් වනු ඇත. එම ගැඹුරු ධර්මයන් ගැන සාමාන්‍ය ‘‘බෞද්ධයන්’’ දන්නේ නැත.
සමාජවාදය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ගෞතම බුදුන් දේශනාකළ යථාභූත ඥාන දර්ශනය, යන තුනම, ගැඹුරු දර්ශණවාදයන philosophies, doctrines වන අතර, මේවා ගැන පුළුල් දැනුමක් හෝ නිවැරදි වැටහීමක්, ලබාගෙන ඇති අය විරලය. සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත වලට ගෝචර වන්නේ නොගැඹුරු, සරල, පිළිපැදිය හැකි යම් පිළිවෙත් හෝ පරිචයන්ය. මක්නිසාද, ජීවත්වීමේ සටන, සහ පංච ඉන්ද්‍රියයන් අවශ්‍ය ප‍්‍රමාණයට පිනවා ගැනීමට, දර්ශණවාදයන් හෝ ධර්මයන් අවශ්‍ය නැති බැවිනි. එහෙත් සමූහයක් හා සමාජයක් ගත්කල, ඔවුන්ගේ ඉදිරි ගමන, හෝ දියුණුව හෝ මිනිස් ජීවිතය ඉහල තලයකට ගෙන යෑම සඳහා, සෑම විටම, දර්ශණවාදීන්ගේ, සදාචාර නායකයන්ගේ මග පෙන්වීම, පෙළඹවීම අවශ්‍ය බව ඉතිහාසය පෙන්නුම් කරයි.
Civic Consciousness,ජන විඥානය යන්නත් මුළු සමාජයටම වැදගත් වන, එහි මනා පැවැත්ම, සහ ප‍්‍රගමනය ජනිත කරවන, පෝෂණය කරන, ආකල්ප සමූහයක් බැවින් එවැනි ආකල්ප භාවිතයට නැඹුරුවීම සහ හුරුවීම සමාජයක සාමුහික යහපතට හේතු වන බව ප‍්‍රායෝගිකව ඔප්පු වී තිබේ.
මෙම ප‍්‍රයෝජනවත් ආකල්ප තුල කිසිත් ගැඹුරු ධර්මයක් හෝ මතුපිටින් දර්ශණවාදයක් ද නොපෙනෙන අතර, පොදු යහපත සලසන යම් සිතුවිලි සහ ක‍්‍රියාදාමයන් වන තරමටම, හැම කෙනෙකුටම පිළිපැදිය හැකි, යම් චාරිත‍්‍ර වාරිත‍්‍ර වන්නේය. බෞද්ධයන්ට හුරු වචන පාවිච්චි කරන්නේ නම් ජන විඥාණය ඉහළ මට්ටමකට ගෙන ආ යුත්තේ බහුජන හිතාය, බහු ජන සුඛාය අරමුණු කරගෙනය.
සමාජයක යහපත් පැවැත්ම උදෙසා, එහි පුද්ගලයන් තනි තනිව සහ සාමුහික වශයෙන් කිසියම් යුතුකම් හා වගකීම් සමූහයක් ඉටුකල යුතු වේ. ශිෂ්ඨාචාරය බිහිවීමත් සමග පුරවැසියා citizen සමාජයට යම් යුතුකම් ගණනාවක් ඉටුකල යුතු බවට සමාජ සම්මුතියක් ද බිහි වී ඇත.
මේ කාරණාව ගැන, ලෝකයේ බිහිවූ විවිධ දර්ශණවාදීන්, චින්තකයන් ගේ මනස යොමු වූ අතර, මේ ගැන ඉතා හරබර, දීර්ඝ ලියැවිල්ලක් වන්නේ ක‍්‍රිස්තු වර්ෂ 1742 දී ලියැවුන,ජාන් ජාක් රූසෝ Jean Jacques Rousseau නමැති ප‍්‍රංශ දාර්ශනිකයා නිර්මාණය කල Emile යන කොටස් 5 කින් යුතු කෘතිය බව විද්වතුන්ගේ මතයයි. එහි ඇති වැදගත් කොටසක් වන්නේ දරුවෙකු / ළමයෙකු ගේ අධ්‍යාපනය, ඔහු හොඳ පුරවැසියෙකු කිරීම සඳහා කෙසේ හැඩගැන්විය යුතුද යන්න ගැනයි. තවද, මිනිසාගේ ස්වභාවය ගැන සඳහන් කරන රූසෝ කියා ඇත්තේ, මිනිසාට සහජ සත්පුරුෂ බවක් innate goodness ඇති බවත්, සමූහයක් වන විට, එය දුෂිත වන බවත්ය. එම කියමන ඉතා වැදගත්ය.
හොඳ පුරවැසියන් බිහි කිරීමේ කාරණාව ගැන ලියැවී ඇති දේ අතුරින්, බහුල ලෙස හොවා දක්වන කුඩා ලියැවිල්ලක් වන්නේ ග‍්‍රීසියෙ Greece,පුරාණ ඇතැන්ස් නුවර,Athens, තරුණයන්, වයස 17 දී, යුද්ධ පුහුණුවට බඳවා ගන්නා විට, දෙන ලද ප‍්‍රතිඥාව,Oath,දිව්රා ප‍්‍රකාශ කිරීම, නොහොත් ප‍්‍රසිද්ධියේ ප‍්‍රතිරාවය කල සිල් පදයයි.Athenian Oath ලෙස ප‍්‍රකට වී ඇති, ලෝකය පුරාම විවිධ විශ්ව විද්‍යාලවල, අධ්‍යාපනික සහ පුහුණු කිරීමේ ආයතනවල, එහි ඇති වචන, පුවරුවල ලියා, නොහොත් රන් අකුරින් ලියා, ඒ තුළින් යන එන සැමට නිතර බලාගත හැකිවන පරිදි, ගැඹුරු පණිවිඩයක්, මෙම ප‍්‍රතිඥාව, මනස තුල රෝපණය කරයි.
Athenian Oath යන ප‍්‍රතිඥාව තරුණ ප‍්‍රජාවගේ ජන විඥාණය වැඩි දියුණු කරන, ඉහලට ඔසවන ප‍්‍රතිඥාවක් ලෙස සැලකේ. එය තරුණ පුරවැසියන්ගේ පරමාදර්ශයන් විය යුතු දේ, සරලව කියා සිටී. ග‍්‍රීක මුල් ප‍්‍රතිඥාවේ වැඩි දියුණු කල, ලෝකය පුරාම භාවිතයට ගෙන ඇති, එක් සංස්කරණයක් පහත පල කරමු.
“We will never bring disgrace to our City by any act of dishonesty or cowardice.
We will fight for ideals, and sacred things of the City, both alone and with many,
We will revere and obey the City’s laws and will do our best to incite a like reverence,
and respect in those above us, who are prone to annual them and set them at nought.
We will strive unceasingly to quicken the public sense of civic duty,
Thus, in all these ways, we will transmit this City,
Not only, not less, but
Greater, better and more beautiful, than it was transmitted to us.”
මෙහි පෙල, සිංහල බසින් මෙසේ වන්නේය.
‘‘අපගේ නගරයට අවමානයක් වන පරිදි, මොනයම් හෝ
වංචනික ක‍්‍රියාවක හෝ බියගුළු වූ, නිවට ක‍්‍රියවක කිසිදා නොයෙදෙන්නෙමු.
තනිව සහ සෙසු අය සමග එක්ව,
නගරයේ පරම පූජනීය වූත්, පරමාදර්ශී වූත්, දේ සඳහා
සටන් වදින්නෙමු.
නගරයේ පනවන ලද නීතිවලට ගරු කරන්නෙමු,
ඒවා පිළිපදින්නෙමු. එමෙන්ම අපට ඉහළින් සිටින අය, එම නීති කඩකරන්නට පෙළඹෙන්නේ නම්,
එයට අප එරෙහි වන්නෙමු.
පොදු ජනයා තුල, පුරවැසි වගකීම් පිළිබඳව හැගීම් දියුණු කිරීමට,
නොකඩවා ඉමහත් ලෙස වෙහෙසෙන්නෙමු.
මේ සෑම අයුරකින්ම,
අපගේ නගරය, අප සැමට දායාද වූවාට වඩා,
වඩාත් හොඳ, වඩාත් යහපත් සහ වඩාත් සුන්දර වූ නගරයක් බවට
පරිවර්තනය කර, අනාගත පරම්පරාවට දායාද කරන්නෙමු.’’
මෙය අතිශයින්ම ප‍්‍රබෝධ ජනක, උතුම් පැතුම් අන්තර්ගත ප‍්‍රතිඥාවක් වූ නිසාම, දැන් එයට වසර 2400 ක් ගත වී ඇතත්, අදටත්, පරමාදර්ශී පැතුමක් ලෙස ජීවමානව පවතී.
මෙහි අරමුණ වන්නේ, පරමාදර්ශී ප‍්‍රජාවක් ගොඩනැගීම සඳහා වූ චේතනාව, තරුණ, නැවුම් හදවත් තුලට කාවැද්දවීමයි. එය යටිසිතට කාවැද්දු විට, මනස එයින් පෝෂණය වී, වර්ධනය වී, කෙනෙකුගේ චර්යාවන් ප‍්‍රජාවට හිතකර, පොදු යහපත අරමුණු කරගත් චේතනා ජනිත කරවයි.
මෙම ප‍්‍රතිඥාවේ අඩංගු වැදගත්ම කරුණු නැවත අවධාරණය කරනවා නම්, වංචනිකභාවය සහ නිවට භාවය සමාජ කටයුතු වලදී, අවමන් සහගත හැසිරීම් වන බව කියැවෙයි.!
නගරයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් තනිව සහ සාමුහිකව සටන් වැදිය යුතු බව කියැවේ.
නීතියට ගරු කිරීම සහ නීතියේ ආධිපත්‍යයට යටත්වීම කල යුතු බව කියැවේ. එය කඩකරන අය ව්‍යවර්ථ කල යුතු බව කියැවේ. ජන විඥාණය ඉහළට එසැවීමට නිරන්තරයෙන්ම වෙහෙසෙන, කැපවෙන බව කියැවේ.
තමාට දායාද වුන දේට වඩා, ගුණාත්මක වර්ධනයකින් යුතු නගරයක්, අනාගත පරම්පරාවට දායාද කිරීමට පොරොන්දු වේ.
මේ චේතනාවන්, මේ පොරොන්දු, මේ සංකල්ප තුල, ප‍්‍රකාශ වන්නේ වඩා ගුණාත්මක සමාජයක් ගොඩනගා, ඊළග පරම්පරාවන්ට, ජීවත්වීමට වඩා යහපත් වූ පරිසරයක් සකසාදීම, වගකීමක්, යුතුකමක් ලෙස දකින, පුරවැසියන් බිහිකිරීමේ දර්ශණ වාදයයි. මුළු මනුෂ්‍ය සංහතියටම, අකාලිකව, පොදු වූ මේ පැතුම, සදාතනිකය.
මෙහි දක්වා ඇති වටිනාකම්, සමාජයක හර පද්ධතිය පිරික්සා බලන උරගලක් ලෙස භාවිතා කල හැක.
අද දවසේ ශ‍්‍රී ලංකාවේ සමාජය තුල, වංචනික භාවය දුරලා, අවංකභාවය ඔසවා තැබෙනවාද?
තරුණ ප‍්‍රජාව, නිර්භීතද, නිවටද? වඩා හොඳ සමාජයක් උදෙසා තනිව හෝ සාමුහිකව තරුණයන් සටන් දිනවාද? සමාජ ක‍්‍රියාකාරීව, නීතියට ගරු කරනවාද, නීතියේ ආධිපත්‍යයට හිස නමනවාද?
ගෞතම බුදුන්ගේ ධර්මයට අනුව නම්, සමාජය පාලනය කරන්නේ, එහි ඇති ප‍්‍රධාන කොටස් හතරක් විසිනි. දෙමව්පියන්, ගුරුවරුන්, ආගමික පූජකවරුන්, සහ රාජ්‍ය පාලක පැලැන්තියයි. මේ කොටස් හතරේ සාමුහික මග පෙන්වීම, නායකත්වය යටතේ, සමාජය සකස්වන බව, එහි ගුණාත්මක භාවය නිර්ණය වන බව, කියැවේ.
අද ශ‍්‍රී ලංකාවේ ඛේදවාචකය වන්නේ, මේ කොටස් හතරම, අන්තයටම පිරිහී, අතිශයින්ම දුෂිත වූ, සමාජයක් රටතුල බිහිකර තිබීමයි. මේ පැතිරගිය ව්‍යසනයට පිලියම් ලෙස මේ ගැන අවධානය යොමුකරන ඉතා කුඩා පිරිස අතුරින් විවිධ යෝජනා ඉස්මතු වෙන අතර, පිරිසිදු කිරීම පහලින් ආරම්භ විය යුතු බවත් (මිනිසුන් හදා, රට හදමු! ) තවත් සමහරු එය ඉහළින් පටන් ගත යුතු බවත් (ඉහළින් දුෂණය දුරු කල විට, පහලට පිරිසිදුකම ගලා එයි! ) යෝජනා වෙයි. එහෙත් ඉක්මනින් දියුණුවක් රට තුල ඇති කිරීමට නම්, සෑම පොදු ක‍්‍රියාකාරකම් වලදී, සදාචාර ප‍්‍රමිති පිළිපැදීම අවධාරණය කරනවා නම්, ඒ පිළිබඳ ජන විඥාණය ඉහළට එසවෙනවා නම්, බලාපොරොත්තු ඉටුකර ගැනීමේ මාවත එය වෙයි. අද දවසේ ‘‘හොරුන්ට එරෙහිව’’ සටන් පාඨය ප‍්‍රබලතම හඩක් වන අතර, ඒ මහජන උද්ඝෝෂණයට හොරුන් ද එකතු වීම නිසා, ඇති වී ඇති ව්‍යාකූලත්වය නැති කර ගත හැකි එකම මාර්ගය, හොරුන් අල්ලා හිරගෙයට යැවීම මිස වෙන විකල්පයක් නැත. එහෙත් නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම බිඳ වැටී, අසරණ වී, ඇති බැවින්, තත්ත්වය වෙනස් නොවේ. මෙය ඉතා සංකීර්ණ ප‍්‍රශ්ණයකි.
සමාජය පවිත‍්‍ර කිරීමේ හඩ, තව තවත් ප‍්‍රබල තීව‍්‍ර තත්වයට පත් කර පුළුල් ජනතා කොටස් එම සටන් පාඨය වෙත ආකර්ශණය කර ගැනීම, මත සෑම කුඩා කණ්ඩායමකටම ලොකු මෙහෙවරක් ඉටුකල හැකි බව පොදු හැගීමයි. සියලූ ස්වෙච්ඡුා සමිති, ජනතා සංවිධාන මේ ගැන හඩ නැගීම අතිශයින්ම වැදගත් වෙයි.
සමාජයක් පිරිහෙන්නෙ නොදී, රැකගන්නා ආකාරය ගැන ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම චින්තකයන්ගේ මෙන්ම පාලකයන්ගේද අවධානය යොමු වූ කාරණයක් බව ඉතිහාසයේ තොරතුරු අනාවරණය කරයි.
ක‍්‍රිස්තු පූර්ව 464 පමණ වකවානුවේදී, ඉන්දියාවේ ලිච්ඡුවී රජුන්ගේ පාලන සමයේ දී, වජ්ජි සමූහාණ්ඩුවේ රජවරු, දිගින් දිගටම බලයේ රැඳී සිටීමට තිබූ ආශාව නිසාම, එවකට සමාජයේ කැපී පෙනෙන බුද්ධිමතා ලෙස සැලකුණු ගෞතම බුදුන් වහන්සේගෙන් විමසා සිටියේ, දිගටම තම බලය රඳවා තබා ගැනීම සඳහා කිනම් පිළිවෙතක් අනුගමනය කල යුතුද
යන්නයි.
වජ්ජිවරුන්ගේ සමූහාණ්ඩුව, කුඩා සෞභාග්‍යයෙන් පිරුණු, දැහැමි රාජ්‍යයක් ලෙස කලක් වැජඹුනි. තමන්ගේ රජය, නොපිරිහී බොහෝ කාලයක් පවතින්න නම්, කෙබදු පිළිවෙත් අනුගමනය කල යුතුදැයි වජ්ජි රජවරුන්, බුදු රදුන්ගෙන් විමසා සිටි අවස්ථාවේ, උන්වහන්සේ දුන් උපදෙස් දැන් ප‍්‍රකට ‘‘සප්ත අපිරිහාන ධර්ම’’ යන ප‍්‍රතිපත්ති 7 වදාල බැව් සඳහන්ය. මේ සප්ත අපිරිහාන ධර්ම විමසා බැලීමේදී, පුදුම විය යුතු කරුණක් වන්නේ, අවුරුදු 2500 කට පෙර වදාරන ලද මේ ප‍්‍රතිපත්ති අද වන විට ලෝකයේ සියලූ රාජ්‍යයන් වල බුද්ධිමතුන් විසින්, අදට ගොඩනගා ගෙන තිබෙන ජාත්‍යන්තර ප‍්‍රඥාප්ති වලට මුළුමනින්ම සමාන, සමාන්තර සංකල්ප එහි ගැබ්වී ඇති බවයි. එබැවින් සප්ත අපිරිහාන ධර්ම යනු, මිය ගිය යුගයකදී අනුගමනය කල ධර්ම උවද, නූතන ලෝකය එකමුතුව අනුගමනය කල යුතු සංකල්ප බවට, ලෝක ප‍්‍රජාව විසින් තීන්දු දීමට තරම්, නවීන බවක් පෙන්නුම් කරයි. සැසඳීම උදෙසා පැරණි සහ ‘‘අළුත්’’ සංකල්ප මෙහි පහත සඳහන් කරමු.
සප්ත අපිරිහාන ධර්ම
| එදා | |
| 1
2 |
පාලකයන් නිතර නිතර රැස්වීම. ඔවුන් සමගියෙන් රැස්වී, සමගියෙන් සාකච්ඡා කර, සමගියෙන් විසිර යෑම. |
| 3 | පනවන නීති අනුවම ක‍්‍රියාකිරීම සහ පැරණි නීති සම්ප‍්‍රදායන් රැකීම. |
| 4 | වැඩිහිටියන්ට ගෞරව බහුමාණ, පිදීම, උපකාර කිරීම සහ ඔවුන්ගේ ඔවදන් වලට සවන් දීම. |
| 5 | කාන්තාවන් සහ ගැහැණු දරුවන් බලහත්කාර අත්අඩංගුවලට ගැනීම් වලින් වැළකීම. |
| 6 | ආගමික සිද්ධස්ථාන වලට රැකවරණය දීම සහ සංවර්ධනය කිරීම. |
| 7 | ශ‍්‍රමණ, බ‍්‍රාහ්මණ, පූජකවරුන්ට පීඩාවකින් තොරව ගමන් කිරීමට රැකවරණය සහ පහසුකම් සලසා දීම. |
| අද (United Nations) | |
| 1
2 |
Installation of Democratic processes in National decision making and peaceful Resolution of conflicts through negotiations, in harmony. |
| 3 | Upholding the rule of Law, and the old concepts of natural justice. |
| 4 | Respect and honour for senior citizens, ensuring protection and welfare and reception to their advice. |
| 5 | protection of woman and children against violence and all forms of abuse. |
| 6 | Protection to all religious places of Worship and their development. |
| 7 | Priests of different faiths should be permitted to traverse without hindrance and should be protected and facilities provided. |
මෙම අපිරිහාන ධර්ම ගැන ගැඹුරින් විමසා බලන ඕනෑම බුද්ධිමත් කෙනෙකුට, රටක් තුල සමාජ සාධාරණත්වය, නීතිය හා සාමය පවත්වාගෙන යෑම සඳහා වූ මූලික ප‍්‍රතිපත්ති එහි ගැබ්වී තිබෙන බවත්, එලෙස ඇති වන සමාජ ස්ථාවරත්වය නිසාම, නිශ්පාදන ක‍්‍රියාවලිය බාධාවකින් තොරව ඉදිරියට ගමන් කිරීමට, පසුබිම සකස් වන බවත්, එ්ත්තු යනු ඇත. සමෘද්ධිමත් රටක් බිහි කිරීමේ පොදුජන අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමට නම්, මේ සප්ත අපිරිහානි ධර්මය අනුගමනය කල යුතු බවට බුදුන් වදාල වදන් යථාර්ථවාදී බව පෙන්නුම් කරයි.
සප්ත අපිරිහානි ධර්ම කාලයක් තිස්සේ අනුගමනය කරමින් සිටි එ් සොදුරු වජ්ජි රාජධානියේ අවාසනාවට, අභ්‍යන්තර කුලල් කා ගැනීම් සහ කුමණ්ත‍්‍රන ආරම්භවීමත් සමග, රාජ්‍ය මර්දනය විවිධ මුහුණුවරින් මතුවීම නිසා, අපිරිහාන ධර්ම පිලිපැදීම පසෙකලා රජවරු රජ පුටු රැකගැනීමටත්, තම පැලැන්තිය රැකගැනීමටත් වඩා උනන්දු වූ නිසා, සමගිය හා සාමය විසුරිනි. අසල්වැසි රටේ අජාසත්ත රජුගේ යුධ ඇමති වස්සකාර, බුදුන් හමුවී, වජ්ජි රාජ්‍ය ආක‍්‍රමණයට ඔත්තු බැලූ බවත්, ඒ පිලිබද බුදුන්ගෙන් විමසා සිටි බවත් සහ බුදුන් වහන්සේ මුනිවත රැකගෙන සිටි බවත් ඉතිහාස පොත්වල සඳහන්ය. අසල්වැසි අජාසත්ත රජතුමා වජ්ජි රාජධානිය ආක‍්‍රමණය කල අතර, කෙටිකාලයකදීම වජ්ජි සමූහාණ්ඩුව බිමට සමතලා කරන ලදී. මෙම ශෝක ජනක සිද්ධීන්, බුදුන් වහන්සේ ධර්ම සංවේගයෙන් යුතුව දැකගත් බව සඳහන්ය.
ලංකා බැංකු සේවක සංගමයේ නායකයන්ගේ කන පැලෙන නිහඩතාවය!
පෙර වකවානුවක, ලංකාවේ වෘත්තීය සමිති අම්බරේ දිදුලන තරුව ලෙස බැබලූන, වසර 70 ක් පරිණත වූ, ලංකා බැංකු සේවක සංගමය, දැන් බැංකු සේවකයන්ගේ බරපතල වෘත්තීය ප‍්‍රශ්න, රටේ වැඩ කරන ජනතාවගේ අව්‍යාජ දුක් ගැනවිලි, පොදු ජනතාවගේ බරපතල දුක පිළිබඳව මුළුමනින්ම නිහඩතාවය රකිමින්, දැන් වසර 12 කට අධික කාලයක්, මුළු සමාජයෙන්ම ඈත් වී, නිහඩ වී, සිටී. මීට සැබෑ හේතූන් අප දන්නා නමුත්, මේ තත්වය නිසා, මේ වැදගත් සේවක කොට්ඨාශයට, රටේ ජන ජීවිතයේ කොටස්කරුවන් ලෙස ප‍්‍රබුද්ධ භූමිකාවක යෙදීමට, පෙර ලැබූ අවස්ථාව, වර්තමාන නායකත්වය විසින් අහිමි කර ඇතිවා සේම, බැංකු සේවකයන් උරුම කරගත්තාවූ හැම දෙයක්ම දැන් කාබාසිනියා වෙමින්, විශේෂයෙන්ම ඔවුන්ගේ විශ‍්‍රාමික දිවිය ද බලවත් අනතුරකට ලක්වෙමින් තිබේ. රටේ බැංකු සේවක ප‍්‍රජාව 50,000 ක් පමණ වන අතර, එයින් 29,000 ක්ම, මෙම සංගමයේ සාමාජිකයන් වන බැවින්, මෙම ප‍්‍රජාවේ මේ නිහඩතාවය නිසා, බැංකු සේවකයන් ගැන වැරදි මහජන ප‍්‍රතිරූපයක් දැන් රටේ ගොඩ නැගී ඇත. සියලූම බැංකු සේවකයන්ට මෙය අතිශයින්ම අවාසි සහගතය. මේ ඉරණම බැංකු සේවකයින්ට අත්කරදී ඇත්තේ වර්තමාන නායකත්වයේ සිටින අද බාල අවස්ථාවාදීන් පිරිසකි.
බැංකු සේවක සංගමයේ වර්තමාන නායක බුරුත්ත ගේ, හැසිරීම් රටාව අප පහත පල කරමු.
රාජපක්‍ෂ පාලන යුගය (2005 සිට 2015 දක්වා)
| සිද්ධිය | බැංකු සේවක සංගමය | |
| 1 | රූපවාහිනී සංස්ථාවට කඩාවැදුන දේශපාලකයෙක් එහි ස්වකයන්ට පහරදීමේ කලබගෑනිය සහ පසුව සේවකයන්, ස්ත‍්‍රීන්, දැලි පිහිවලින් කැපීම. | නිහඬයි |
| 2 | සමෘද්ධි නිලධාරියෙක් ගස්බැඳීම ආශ‍්‍රිත සිදුවීම. | නිහඬයි |
| 3 | අර්ථ සාධක රැකගැනීමේ සටනේදී, රොෂේන් චානක මරාදැමීම හා ධීවර සටනේ වෙඩි තැබීම. | නිහඬයි |
| 4 | රතුපස්වල වතුර ඉල්ලූ ජනතාවට වෙඩි තබා මරා දැමීම. | නිහඬයි |
| 5 | ලසන්ත වික‍්‍රමතුංග මරා දැමීම ඇතුළු ජනමාධ්‍යවේදීන්ව දරුණු ලෙෂ පහරදීම, මාධ්‍ය ආයතන ගිණිබත් කිරීම. | නිහඬයි |
| 6 | වැලිකඩ හිරගෙදර, නේවාසික හිරකරුවන් ඝාතනය. | නිහඬයි |
| 7 | බේරුවල මුස්ලිම් ජන ඝාතනය සහ දැවැන්ත දේපල විනාශය | නිහඬයි |
| 8 | දෙමළ ජනතාවගේ දීර්ඝ කාලීන දුක්ගැනවිලි අවසන් නොකිරීම. | නිහඬයි |
යහපාලන යුගය (2015 සිට 2018)
| ලංකා පුත‍්‍ර බැංකුවේ දැවැන්ත වංචා | නිහඬයි | |
| පීපල්ස් ලීසිං සමාගමේ දැවැන්ත වංචා | නිහඬයි | |
| HNB බැංකුවේ හා HDFC බැංකුවේ සේවක මර්ධනය | නිහඬයි | |
| මහජන බැංකුවේ,
අ) විශ‍්‍රාම වැටුප් අරමුදල් වල දැවැන්ත අක‍්‍රමිකතා ආ) ඩිජිටල් හොරකම්, හොර ජාවාරම් සහ කොන්ත‍්‍රාත් විධායකයන්ගේ දුෂණ. ඇ) ශාඛා සංගමය මුළුමනින්ම මර්ධනය, නායක 7 දෙනෙකුගේ වැඩ තහනම. |
නිහඬයි | |
| බැංකු ක්‍ෂේත‍්‍රයට අදාල දැවැන්ත බැඳුම්කර වංචාව සහ සේවක අර්ථසාධක අරමුදලේ මංකොල්ලය. | නිහඬයි | |
| රටේ දූ පුතුන්ගේ අධ්‍යාපන අයිතීන්ට අදාල සයිටම් අර්බුදය | නිහඬයි | |
| රටේ මානව අයිතීන් උල්ලංඝනය, වෙඩි තැබීම් | නිහඬයි | |
| අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවා වෘත්තීය අරගල මර්දනය | නිහඬයි | |
| උද්ඝෝෂණවල නිරත සේවකයන්ට, සංවිධානය කරන ලද UNP මැර ප‍්‍රහාර. | නිහඬයි | |
| උද්ඝෝෂකයන්ට, සිවිල් ඇඳුමින් යුත් පොලිස් භටයන්ගේ යකඩ පොලූ ප‍්‍රහාර. | නිහඬයි |
බැංකු සේවක සංගමයේ 29,000 සාමාජිකයන්ගෙන් අපි ප‍්‍රශ්ණ වැලක් අසමු. ඔබ සියලූදෙනා මේ ලාංකීය සමාජයෙන් බැහැර වූ, වෙනම සුපිරි පන්තියක් යැයි සිතනවාද? ඔබ සැමට, අතීතයේ බැංකු සේවකයන් කළ දුෂ්කර සටන් වල මිහිරි ඵලය ලෙස, අද වන විට, ලංකාවේ ඉහළම වැටුප්, ඉහලම වරප‍්‍රසාද, ඉහළම විශ‍්‍රාම වැටුප් (පැරණි අයට) හොඳ සේවා පරිසරයක්, ඉබේටම, දහඩිය බිඳක්වත් නොහෙලා, උරුම වූ නිසා, මේ රටේ සෙසු කම්කරුවන්, වැඩ කරන ජනතාව, බහුතර පීඩිත ජනතාව දැන් මුහුණ දෙන දැවැන්ත ප‍්‍රශ්න, ඔබට අදාල නැද්ද? Civic Consciousness නොහොත් ප‍්‍රජා විඥානය බැංකු සේවකයන්ගේ ඔලූවල පිහිටන්නේ නැද්ද?
මෙයට පැහැදිලි පිළිතුරක් අවශ්‍යයි. මේ ගැන ඔබේ හඩ අවදි කිරීම අවශ්‍යයයි.
බැංකු සේවකයන් සහ ඔවුන්ගේ සංගමයේ නායකයන් මෙලෙස, අතීත සම්ප‍්‍රදායය වලලා දමා, රට වැසියන් මුහුණ පානා බරපතල ප‍්‍රශ්න ගැන නිහඩතාවය රකිනවා නම්, ඔබට අනතුරු ඇගවීමට අපට සිදුවේ. එම නිහ`ඩතාවයේ ප‍්‍රතිවිපාක අතිශයින්ම බරපතල විය හැක. මේ ගැන රතු එළිය දැන් දැල්වෙමින් තිබේ.
දේශපාලනය යනු නොහික්මුණු, අශිෂ්ඨ, අශ්ලීලයන් විසින් රජකල යුතු ක්‍ෂේත‍්‍රයක් නොවේ.
දේශපාලනය යනු, මානව ඉතිහාසයේ සහ ශිෂ්ඨාචාරයේ ආරම්භයේ පටන්ම සංකල්පීය වශයෙන් බුද්ධිය මෝරා යෑමත් සමග ආරම්භ වුන, දාර්ශනිකයන්ගේ ක්‍ෂේත‍්‍රයයි.
මහා භාරතයේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුල බිහිවූ, වේදික, උපනිශද්, බ‍්‍රාහ්මණ වාදය, සම්ඛ්‍යා , යෝග ශාස්ත‍්‍ර යනාදී සාරවත් භූමිය තුල ගෞතම බුදුන්ගේ (ක‍්‍රි.පූ. 464) යථාභූත ඥාණ දර්ශණය බිහිවිය. චීනයේ ලා ඕට්සේ (ක‍්‍රි.පූ. 400), කොන්පියුසියස් (ක‍්‍රි.පූ. 551) ගේ දර්ශණවාදයන් බිහිවිය. බටහිර දර්ශණ වාදයේ ශක්තිමත් අඩිතාලම වූයේ ග‍්‍රීසියේ, සොක‍්‍රටීස් (ක‍්‍රි.පූ.469), ප්ලේටෝ, ඇරිස්ටෝටල්, යන පරපුරයි.
මැද පෙරදිග, ජේසුස් ක‍්‍රිස්තුස් සහ පසුව, ආරාබියේ මොහොමඞ් (570) යන දෙදෙනාගේ ක‍්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමික දර්ශණවාදයන් මුළු ලෝකයේ බහුතරය, (ක‍්‍රිස්තියානි – 34% / ඉස්ලාම් – 23%) අද දක්වා මානව ජීවන දර්ශණයන් සාරවත් කර ඇත.
පසු කලෙක ප‍්‍රැන්සිස් බේකන් (1561) රිනී ඩෙකාට් Rene Descartes (1596), එම්මානුවෙල් කාන්ට් (1724), කාර්ල් මාක්ස් (1818), ප්‍රෙඞ්රික් එන්ගල්ස් (1820), යනාදීන් බටහිර චින්තන විප්ලවය මෙන්ම දේශපාලන විප්ලවීය රැල්ලක් ද බිහි කලේය. විශාල රටවල්, රුසියාව, චීනය, නැගෙනහිර යුරෝපීය පෝලන්තය, රුමේනියාව, ඇල්බේනියාව, සහ ඊසාන දිග යුරෝපයේ රටවල් සහිත යුගෝ්ස්ලෝවියාව මාක්ස්වාදී චින්තනය ඔස්සේ දිගු කලක් වර්ධනය විය. උතුරු කොරියාව සහ චීනයද මේ සමාජවාදී චින්තනය අනුව සංවර්ධනය විය.
කාර්ල් මාක්ස්ගේ චින්තනය එසේ පැතිරෙන්නට පෙර, 1787 සිට 1799 දක්වා විහිදුන ප‍්‍රංශ විප්ලවය මුළු යුරෝපය තුලම චින්තන විප්ලවයක් සහ නව පාලන ව්‍යුහයක් ඇති කලේය. ඉතිහාසඥයන් මෙයට, අඳුරු යුගයක සිට අවබෝධයේ නව යුගය Age of Enlightenment ලෙස හඳුන්වන ප‍්‍රංශ විප්ලවයෙන් අපට අදාල වන කොටස වන්නේ, ධනපති පාලන පන්තිය සහ කතෝලික පල්ලියේ පූජක ආධිපත්‍යයෙන් යුතු රාජ්‍ය පාලනය මුළුමනින්ම උඩු යටිකුරු කර, රාජ්‍ය පාලනය සහ පූජක පන්තියේ ක‍්‍රියාකාරකම්, පැහැදිලිවම වෙන් කිරීමයි. සාමාන්‍ය ජනතාව මෙයින් පුළුල් නිදහසක් මෙන්ම, රාජ්‍ය පාලනය ප‍්‍රතිසංස්කරණය කරන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට ලක් කරන ලදී.
මෙය අද දවසේ ශ‍්‍රී ලංකාවට වැදගත් වන හැරවුම් ලක්‍ෂ්‍යයකි. ලංකාවේ සංවිධානය වූ ධනවත්, සමාජයේ උපරි ව්‍යුහය සහ ධනවත්, දුෂිත, භික්‍ෂු සමාජය කරට අත දාගෙන, ධනය නොමැති සාමාන්‍ය මිනිසුන්ගේ පීඩිත බහුතරය, තවදුරටත් පාගාගෙන පාලනය ගෙන යෑමේ වර්තමාන ප‍්‍රයත්නය, රැඩිකල් ලෙස පරාජය කිරීමට, ප‍්‍රංශ විප්ලවයේ බුද්ධිමය චින්තනය, ආස්වාදයක් වනු ඇත.
කාර්ල් මාක්ස් ගේ චින්තනයට සමගාමීව බටහිර ඇතිවුන මනෝවිද්‍යාත්මක චින්තන දහරාව, ප්‍රෙඩරික් නීට්ෂේ, Freidrich Nietzsche (1844) සිග්මනඞ් ප්‍රොයිඞ් (1856) ගෙන් ආරම්භ වී, ජාක් ලැකාන් Jacques Lacan (1901), මිෂල් ෆුකෝ Michal Faucault (1926), ජාක් ඩෙරීඩා Jacques Derrida (1937) වැන්නන්ගේ චින්තනය, පෙරලිකාර ලෙස නව චින්තන සංස්කෘතියක් බටහිර ලෝකය පුරා බිහිකර ඇත. ලෝකය පුරාම ප‍්‍රඥාවන්තයෝ, මේ චින්තන රටාවේ සාරය කැටි කොට ගෙන, පුද්ගලික ජීවිත මෙන්ම සාමුහික සමාජ රටාවන්, ඉහළ බුද්ධිමය තලයකට ඔසවා තබමින් අනාගතය කරා ගමන් කරමින් සිටී.
ලෝකයේ බුද්ධිමය රැල්ලෙන් ප‍්‍රයෝජනය ගත් සෑම රටක්ම ආර්ථික අතින් පොහොසත් වීමටත්, පොදු ආචාර ධර්ම රටාවක් සමාජය තුළ ස්ථාපිත කිරීමටත් ප‍්‍රායෝගික පියවර ගැනීම නිසා, එක්සත් ජාතින්ගේ සංවිධානය තුළින් විශ්ව සාරධර්ම පද්ධතියක්ද Universal ethics ගොඩ නැගී ඇති අතර, මේවා මාර්ගයෙන් මිනිස් අයිතිවාසිකම් මෙන්ම ඉහළ ආර්ථික ප‍්‍රගතියක් ද හිමිකර ගැනීමට ඒ ඒ සමාජයන්ට හැකි වි තිබේ.
මෙහි සාමුහික ප‍්‍රතිඵලයක් වූයේ, සංකල්පීය වශයෙන් සමාජයේ වැඩ සිටි, සර්වබල දෙවියන් වහන්සේ, සිය පාදස්ථම්භයෙන් බිමට ඇද වැටීමයි.Almighty God has fallen from his pedestal වෙනත් විවිධ සංකීර්ණ මනෝවිද්‍යාත්මක හේතූන් මත, මැවුම්කාර දෙවියෙක් ගැන තවමත් බහුතර මිනිස් ප‍්‍රජාව යම් විශ්වාසයක් තිබෙන නමුත්, සර්වබල, සානුකම්පිත, මැවුම්කාර දෙවියෙක් යන සාධකය, බුද්ධිමතුන්ගේ ලෝකය තුළ තව දුරටත් වලංගු නැති අතර, සියලූ ක‍්‍රියාකාරකම් දැන් සිදුවන්නේ, එම සාධකය අතහැර, එය නොමැතිවය. ඒතාක් දුරට මනුෂ්‍ය සංහතිය, දෙවියන්ගෙන් වියුක්ත වී, ඔහුගේ ග‍්‍රහණයෙන් මිදී, චේතෝ විමුක්තිය ලබාගෙන ඇත.
ආගමික සදාචාරය වෙනුවට, දැන් ලොව පුරාම ගොඩ නැගෙමින් තිබෙන්නේ විශ්ව සදාචාර ආචාර ධර්ම,Universal ethics and values පද්ධතියකි. විශ්ව සම්මතයට භාජනය වූ හර පද්ධතිය, එක්සත් ජාතින්ගේ ප‍්‍රඥප්ති ලෙස, දැන් බිහිවන අතර, එම හර පද්ධතියට අනුගත වෙන ලෙස, සියුම් බලපෑමක්, ලෝක ප‍්‍රජාව විසින් සෑම රාජ්‍යයකටම එල්ල කරමින් සිටී. මේ මහා සම්මත ප‍්‍රඥප්ති තුලින් ඇවැඩක් සිදුවූ හෝ සිදුවන බවට මැසිවිල්ලක් නොමැති අතර, සමහර රාජ්‍යයන් සමහර ප‍්‍රඥප්ති අනුගමනය කිරීමට තම රටවල් ‘‘මෝරා’’ නැති බව ප‍්‍රකාශ කර, පසුව අනුගමනය කෙරෙන බවට ප‍්‍රතිඥා දෙයි. මෙය ස්වභාවිකය. අතිශයින්ම ප‍්‍රභේද ජනක සමාජයක් තුල එකවර සමාන පිළිවෙත් ස්ථාපනය කිරීම ප‍්‍රායෝගික නොවේ. එහෙත් ලෝකය ඉදිරියට යා යුතුමය.
මෙවැනි පසුබිමක් යටතේ ජන විඥාණය,Civic Consciousness පුරවැසි යුතුකම් සහ වගකීම් මනස තුල ශක්තිමත් ලෙස රෝපණය කිරීම, සාමුහික අරමුණු කරා යෑමට ඉවහල් වෙයි. බුදුන් දෙසූ conditioning of the mind මනස සකස් කිරීම වැදගත් වෙයි. යහපත් සමාජ ප‍්‍රතිඵල ලබා ගැනීම උදෙසා, මනස සකස් කර ගැනීමට, සංවිධානය වූ පිරිස් සමාජයට බලපෑම්, මග පෙන්වීම් ඇති කිරීම මේ නිසා වැදගත් වෙයි.
ඉතිහාසයේ ඉදිරි ගමනත් සමග ආර්ථික සහ දේශපාලනික පරිනාමය විසින් බිහිකල පුද්ගල කේන්ද්‍රීය සංකල්පය individualism මත නිදහස් වෙළඳපොල ආර්ථිකය තුලින් සතුට ලබාදෙන පාරිභෝගික පාරාදීසයක් බිහිකර හැකිය යන බලාපොරොත්තුව එක අන්තයකින් ද, රාජ්‍ය තන්ත‍්‍රයේ ආධිපත්‍යය යටතේ හසුරුවනු ලබන නිෂ්පාදන ක‍්‍රියාවලියක් සමග මර්දනීය සංවෘත සමාජයක් තුලින් ජාත්‍යන්තර පන්ති විරහිත සමාජයක් බිහිකල හැකිය යන බලාපොරොත්තුව අනෙක් අන්තයෙන්ද බිහි වූ නමුත්, අද වන විට මේ සංකල්ප දෙකම වලංගු නැති න්‍යාය වාදයන් බවට පත්ව තිබේ. අද දවසේ ලෝකය පුරාම දස අතේ ගවේෂණය වන්නේ, මිනිසාගේ සැබෑ නිදහස සහ සතුට ඇත්තේ කිනම් මාවතකද, කෙබඳු වැඩපිළිවෙලක් මතද යන්න ගැනයි.
මේ ගවේෂණයේ දී අවධානය සෑම විටම යොමු වි ඇත්තේ ආර්ථික සහ දේශපාලනික ප‍්‍රතිසංස්කරණ,political and economic reforms ගැනයි. එම න්‍යාය වාද වලින් බැහැර වූ චින්තනයන් විසින් දැන් හඳුනාගෙන තිබෙන්නේ සමාජයක ගුණාත්මක සංවර්ධනයක් කල හැකි බලවේගය වන්නේ, ආර්ථික/ දේශපාලනික ප‍්‍රතිසංස්කරණ මෙහෙයවන බල ඇණි (දේශපාලන පක්‍ෂ) වලින් නොව, අළුත් මානව සදාචාරයක්, අළුත් ලෝක සංස්කෘතියක් උත්පාදනය කෙරෙන සදාචාර බල ඇණියක් moral vanguard මගින් බවයි. මිනිසා සතුටින් සහ පීඩාවකින් තොරව ජීවත්වීම සඳහා පාදකවන සදාචාර හර පද්ධතිය, මිනිස් වටිනාකම් සංවර්ධනය කර ප‍්‍රචලිත කල විට, සමාජය තුල හිතකර පරිවර්තනයක් සිදුවන බව, දැන් නිරීක්‍ෂණය වී තිබේ.
අප පසුකර පැමිණ ඇති යුගයේ ලෝක සමාජවල ගුණාත්මක වෙනස්කම් නාටකීය ලෙස වෙනස් වී ඇත්තේ dramatic changes ඉහළින් මෙහෙයවනු ලබන ආර්ථික/ දේශපාලනික ප‍්‍රතිසංස්කරණ මත නොවේ. තමන් ජීවත්වන පරිසරය තුල ඇති අයහපත් ජීවන තත්වයන් ගැන එලිපිට ප‍්‍රශ්න කරමින් නිර්භය පුද්ගලයන් විසින්, එම අයහපත්, ඇබ්බැහි, මුල් බැසගත් පරිචයන්ට practices එරෙහිව, හඩ නගමින්, කුඩා ලෙස ආරම්භ කරන ලද සාමුහික ක‍්‍රියාමාර්ග තුලින්, සංස්කෘතිමය වෙනස්කම් සඳහා දියත් කරන ලද ජනතා ව්‍යාපාර, පසුව දැවැන්ත ලෝක ව්‍යාපාර world movement බවට පත්ව තිබේ. ප‍්‍රචණ්ඩතාවයෙන් තොර, සාමුහික ක‍්‍රියාකාරකම් තුලින්, මිනිසාගේ දැනුම් මට්ටම් සහ භාවිතයන් පිළිබඳව ගුණාත්මක භාවය ඉහල තලයකට ඔසවා තබා, බහුජන සංස්කෘතියන් තුල වෙනස්කම් බිහි කිරීමට එම ව්‍යාපාර සමත් වී තිබේ. උදාහරණයක් වශයෙන්, කාන්තා ව්‍යාපාර, මව්වරුන්ගේ ව්‍යාපාර, සිවිල් අයිතිවාසිකම් සඳහා ව්‍යාපාර, ලෝක සාමය උදෙසා ව්‍යාපාර, පරිසරය සුරැකීමේ ව්‍යාපාර, සහ ලෝකයේ ප‍්‍රධාන පෙලේ රටවල් වල පෙරලිකාර සමාජීය වෙනස්කම් ඇතිකල, සිවිල් අයිතිවාසිකම්, Civil Rights Movement නව ලෝක සංස්කෘතියන් බිහි කිරීමට සමත්විය. නැගෙනහිර යුරෝපයේ පෝලන්තය, රුමේනියාව, ඇල්බේනියාව, හන්ගේරියාව, චෙකොස්ලෝවැකියාව ආදී රාජ්‍යයන්, රුසියාව, යුගෝස්ලෝවියාව, වැනි රටවල ඇති වූ පෙරලිකාර වෙනස්කම් රැල්ලද, නව ලෝක සංස්කෘතියක් බිහිකරමින් සිටී.
ප‍්‍රධාන දේශපාලන ධාරාවලින් වියුක්ත වූ ජනතා ව්‍යාපාර ලෙස, සිවිල් සමාජ එකමුතු ව්‍යාපාර ඇත්තෙන්ම අව්‍යාජ මිනිස් උවමනාවන් සඳහා, බිහිවන හෙයින්, ඒවා ශක්තිමත් බලවේග බවට පත්වේ. ප‍්‍රධාන දේශපාලන ධාරාවල අනුගාමිකයන් හැමවිටම, යම් පුද්ගලික හෝ කට්ටිවාදී වාසියක් බලාපොරොත්තුවෙන් මෙහෙයවෙන අතර, මේ සිවිල් සමාජ එකමුතු ව්‍යාපාරවලට, ලබාගන්නට අරමුණු කරගත් පෞද්ගලික වාසියක් නොතිබිය යුතුය. ඔවුන්ගේ සාමුහික ප‍්‍රයත්නයේ එකම වාසිය විය යුත්තේ පොදු ජනයාට හිමිකරන වඩාත් යහපත් වූ සංස්කෘතික රාමුවක් නිර්මාණය කර දීම පමණි.
මේ කාරණා වලදී civic consciousness ජන විඥාණය වැඩි දියුණු කිරීම වැදගත් සාධකයකි. එසේ බලගැන්වෙන පුද්ගලයන්, සමාජයේ සංස්කෘතිමය පරිවර්තනයේ ගාමක බලවේග නිර්මාණය කරන්නන් බවට පත්වේ.
ලෝකය තුළ මිනිසා එකිනෙකා සමග සහ පරිසරය සමග සංහිඳියාවෙන් ජීවත්විය යුතුය යන සංකල්පය අද ප‍්‍රබල ලෙස ඉස්මතුවන දර්ශණයකි. ලෝකය පුරාම, විවිධ වූ සංවිධාන තම ධනය, ශ‍්‍රමය සහ බුද්ධිය මේ ප‍්‍රශංසනීය අරමුණු සඳහා මෙහෙයවති. ලෝකය සහ සමාජය යනු අපෙන් වියුක්ත වූ, පරිබාහිරවු දෙයක් නොවේ. අපි එහි කොටස්කරුවන් බැවින්, අපගේ අභිලාෂයන්ට අනුව, එහි ගති ලක්‍ෂණ වෙනස් කර ගැනීමට අපට හැකිවිය යුතුය.
පුද්ගලයන්ගේ උවමනාවන් සහ සමාජයේ පොදු උවමනාවන් තුලනාත්මකව කල්පවතින ආකාරයෙන් සමතුලිත කර ගැනීම,an enduring balance between individual wants and social demands කරන්නේ නම්, සංතෘප්තිය බහුල ලෙස එළඹිය හැකි දෙයක් වනු ඇත. අසීමිත තෘෂ්ණාවන් පාලනය කරගත් විට, පවතින සම්පත් resources සහ පරිභෝජනය consumption පිළිබඳ අවශ්‍ය තුලනය බිහිකර ගත හැක. සමාජීය ගැටුම් වල නිමාව දැකිය හැක. සමාජය වඩාත් සුවපත් කල හැක. අදබිහිවෙමින් තිබෙන මේ සංකල්ප වල අරටුව වන්නේ, සාමුහික යහපත සඳහා පුද්ගලික වාසිය ප‍්‍රමාණාත්මකව සීමාකර ගත යුතු බව පෙන්වා දෙන සංස්කෘතියයි.
මිනිස් සමූහයේ මේ නව සංකල්පයන් මහ පොළොවේ යථාර්ථයන් බවට පත්කර ගැනීමට civic consciousness ජන විඥාණය හැඩගැන්වීම සහ සාමුහික සිවිල් ක‍්‍රියාකාරකම් වල යෙදීමට, ජනතාව පෙළඹවීම අද දවසේ සමාජ යුතුකමක් වන්නේය.
රටේ දේශපාලන නිදහස ලැබුවාට පසු බිහිවූ සමහර දේශපාලන පක්‍ෂ, දියාරුවී, අභාවයට ගොස් ඇත. බලවත්වූ වාමාංශික දේශපාලන පක්‍ෂ, 1963 න් පසු පිවිසුන සභාග රාජ්‍ය සංකල්පය සහ දෙමල ප්‍රශ්නය ගැන සාධාරණ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට සිංහල ස්වෝත්තම වාදය කරපින්නා ගත් නිසා, අද වන විට වැහැරී ගොස් හමාරය. ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී හැවය හලා තවත් එක් පාර්ලිමේන්තු පක්‍ෂයක් ලෙස පෙනී සිටී. යහපාලන රජයේ අර්බුද ඉදිරියේ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක, අද වන විට පුපුරමින් තිබේ. ජනතාවගේ සැබෑ ප‍්‍රශ්න විසදාගැනීමට මේ පිරිසට බැරි බව, ජනතාවටම පෙන්වා දෙමින්, මේ අර්බුදය ප‍්‍රබල ලෙස ඉස්මතු වන්නේ, අප සදහන් කරන ජන විඥාණය තව තවත් මෝරමින්, මුඵ සමාජයටම බලපෑමක් කිරීමට හැකි බලවේග බවට පත් වෙමින් තිබෙන නිසාය.
කෑලි වලට කඩා හැලෙන පක්‍ෂවල, කෑලි, නැවත, එකතුවී අඵත් රාමුවක් යටතේ තවත් කෙටි දුරක් යාමට දැන් පසුබිම සකස් වෙමින් තිබේ. වර්තමාන අරගලයේදී, භීක්‍ෂූන් වහන්සේලා මුඵ මනින්ම පැත්තකට විසිවී තිබීම, ඉතා හොද සලකුණකි. එහෙත් නැවත වරක් දෙමළ ජන කොටස ප‍්‍රධාන දේශපාලන ධාරාවෙන් ඉවත් කෙරෙන පසුබිම නිර්මාණය වීම, අභාග්‍යයකි.
කෙසේ වුවත්, මේ අළුත් තත්වයෙන් උපරිම වාසිය පුඵල් ජනතාවට ලබාදීමට, ප‍්‍රධාන දේශපාලන ධාරාවේ ප‍්‍රගතිශීීලී කොටස් වලට පරිබාහිරව, රටේ සෙසු සිවිල් සමාජ බලවේගද අදිටන් කර ගැනීම වැදගත්ය.
රටේ දේශාපාලන මෝරුන්ගේ ගැටුමේදී, ජාතික ප‍්‍රශ්නය වන දෙමල ප‍්‍රශ්නය පැත්තකට විසිවී ඇති නමුත්, සුව නොවුන එම තුවාලයට සාධාරණ පිලියමක් යෙදීමට සෙසු සිවිල් සමාජ සංවිධාන විසින් අවශ්‍ය ප‍්‍රබල බලපෑමක් කිරීමට පෙරමුණ ගැනීම, ජාතික විමුක්තිය උදෙසා කරන ආයොජනයක් වනු ඇත. ලංකාවේ එක කොටසකට විමුක්තියත්, අනෙක් කොටසට මානව අයිතිවාසිකම් පවා අහිමි කර ඔවුන් දෙවෙනි ඝනයේ පුරවැසියන් කිරීමට, නවීන ලෝකයේ කොහෙත්ම ඉඩක් නැත.
එබැවින් ජාතික සමගිය, ජාතික විමුක්තිය, ජාතියේ ආර්ථික සමෘධිය, පෙරදැරි කරගත් සිතුවිලි වලින් සන්නධ වී, මේ තීරණාත්මක දිනවල අපගේ ජාතික පුරවැසි යුතුකම් මෙසේ ඉටු කරමු !
සංඝ සමාජය තුළ පිළිල බිහිවීම.
බෞද්ධ සංඝ සමාජය තුළ පිළිල බිහිවීම, කිසිසේත්ම අළුත් අත්දැකීමක් නොවේ. බුදුන් ජීවමානව සිටි කාලයේදීම, අසංවර, කලහාකාරී, දුෂ්ශීල, එලිපිටම ස්ත‍්‍රීන් සමග සංවාසයේ යෙදුන අශීලාචාර චීවරධාරීන් සිටි බව පමණක් නොව, ඔවුන්ගේ කලකෝලාහල නාදය නිසා, සන්සුන්ව විසීමට නොහැකි වූ බුදුන් වහන්සේ, පාරිල්‍යෙය වනයට පිවිස වනවාසීව කල්ගත කල බවත් බෞද්ධ සාහිත්‍යයේ සදහන්ය.
මහණකමෙන් බැහැර වූ කල්ලි
බොදු බල සේනාව, රාවණා බලය, සිංහ ලේ, මහසොහොන් පිල්ලිය අපි කරාවේ! නමින් සංවිධාන ද, සියම් රාමඤ්ඤ සහ අමරපුර වශයෙන් කුල ප‍්‍රභේද මත පදනම් වූ නිකාය ද, මොන්ටිසෝරි, ළමා නිවාස, පුනරුත්ථාපන කඳවුරු, වෙදකම්, ගුරුකම්, වශී බන්ධන, කවි බණ, ගීත රචක, පිච්ච මල්, රෝස මල්, සේපාලිකා මල් පූජා, මාපිය වන්දනා නමින් ලාබාල පාසැල් දරුවන් දැඩි මානසික කම්පනයට පත් කරවන, ස්ත‍්‍රීන්, දරුවන් බිහිකරන විට ඇති වන ප‍්‍රසව වේදනාවේ දුඛ Ball by Ball විස්තර ප‍්‍රචාරය කරන, මම බුදුවෙලා, මම සෝවාන් වෙලා, ඌරු මස් කෑවාට වරදක් නෑ! තායිලන්තයේ, වියට් නාමයේ, ජපානයේ, කොරියාවේ සිට කෝටි ගණන් වටින, පූජා භාණ්ඩ ගෙන්වා, උපාසකම්මලාට අලෙවි කර, විශාල කෝටිපති ව්‍යාපාර ගෙනයන, ජෙට් යානා වලින් රටවල් විසිත්ත කරන, එහෙත් කිසිදාක බණ නොකියන, බුදු දහම ව්‍යාප්ත කරනවා කියා පිටරට බෞද්ධ මධ්‍යස්ථාන පවත්වාගෙන විදේශීය කාන්තාවන් දුෂණය කර, උසාවි දඩුවම් ලබන, කොහෙන් මතුවුනාදැයි නොදන්නා ‘‘සර්වඥ ධාතු’’ තොග ගණනින් වන්දනා සඳහා ඉදිරිපත් කරන චීවරධාරීන් සමාජයේ සැලකිය යුතු බලපෑමක් ඇති කරමින් සිටී. සාපේක්ෂව ඉතා කුඩා පිරිසක් වන මොවුන්, ශක්තිය, බලය සහ ජවය ලබාගන්නේ, කහපාට සිවුරෙන් සහ ධනපතියන්ගේ සහ රාජ්‍ය අනුග‍්‍රහය මතිනි.
ප‍්‍රසිද්ධියට පත් කර ඇති සංඛ්‍යා ලේඛණ අනුව, ලංකාවේ භික්ෂු සමාජයේ සංඛ්‍යාව 35,000 ක් පමණ වේ. ජනගහණය මිලියන 21 කි. මේ අනුව භික්ෂුන් වහන්සේලා ජන අනුපාතය අනුව සියයට 0.001 කි. දුස්සීල භික්ෂුන් එයිනුත් සියයට .001 විය හැකිය. මෙය බලවත් අනතුරක් නම් විය නොහැක.
භික්ෂුන් වහන්සේලා ජාතික බලවේගයක් නොවේ.
සංඝයා වහන්සේලා, මහජනතාවගේ සැලකිල්ලට ලක්වූයේ, ඔවුන් මුළුමනින්ම රාජ්‍ය අනුග‍්‍රහය ලබන කොටසක් බවට පත්වීමත් සමගය.
1948 සිට 1956 දක්වා, භික්‍ෂුන් වහන්සේලා සංවිධානය වූ සමාජ බලවේගයක් ලෙස කිසිවෙකු දුටුවේ නැත. බණ්ඩාරනායක මැතිතුමාගේ ආකර්ශණීය සටන් පාඨයේ සග වෙද ගුරු ගොවි කම්කරු තුළ, සග නම මුලින් තිබුනත්, එතෙක්, ඔවුන්ට සංවිධානය වු සමාජ බලයක් තිබුණේ නැත. දෛවයේ සරදම වන්නේ, බණ්ඩාරනායක මැතිතුමාව ඝාතනය කලේ මහා සංඝරත්නය ඇතුළු කුඩා ව්‍යාපාරික ප‍්‍රජාවගේ කුමන්ත‍්‍රණයකින් බවයි.
පසු කාලීනව, සියලූ දේශපාලන පක්‍ෂ නායකයන් සහ ඔවුන් බලයට පත්වෙන සෑම අවස්ථාවකම සංඝ නායකයන්ට විශේෂ වරප‍්‍රසාද ලබාදී, තම දේශපාලන අතකොළුව වශයෙන් දිගින් දිගටම පාවිච්චි කර ඇත. මුදල් තොග පිටින්, යාන වාහන හා සුඛෝපභෝගී ආම්පන්න, රජ මැදුරු වැනි වාසස්ථාන සාදා දීම, විදේශීය සංචාර යනාදිය සහ දේශපාලන අනුග‍්‍රහය ලබාදීම, තුලින් අනුපාතික නොවන දේශපාලන බලයක් ඔවුන් ලබාගත්තද, මේ දේශපාලන බලය බෙදුන දේශපාලන බලයකි.
ඕනෑම අවස්ථාවක අදටත්, ඔය කියන මහා සංඝරත්නය හරියටම මැදින් දෙපලූ කර, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සහ එක්සත් ජාතික පක්‍ෂයට, වෙන වෙනම තමන්ගේ අරමුණු ඉටුකර ගැනීමට, සංඝයා වහන්සේලා 5000 කට අධික පිරිසක් රැස්කිරීමේ බලය, මේ පක්‍ෂ දෙකම සතු බව සත්‍යය වේ.
ධනවතුන්ගේ දෙපා ලෙවකන, ඔවුන්ගෙන් යැපෙන, අන්තේවාසිකයන් මිස, ඔවුන් ප‍්‍රතිපත්ති ගරු කරන ස්වාධීන සමාජ බලවේගයක් ලෙස විග‍්‍රහ කිරීම යථාර්ථයක් නොවේ. බුදුන්ගේ ධර්මය මුලූමනින්ම විකෘති කර, නූගත් ජනතාව ගොනාට අන්දවා බුද්ධිමත් සමාජයක් බිහි කිරීමේ කි‍්‍රයාදාමයට හරස් කපන, ප‍්‍රතිගාමි බලවේගයක් බවට ඊනියා මහා සංඝරත්නය අද පත්ව ඇත.
-නිමි –
Leave a Reply