shadow

මලාලා යුසුප්සායි – ලෝක සම්මානයට පාත්‍ර වූ පාකිස්ථානු මුස්ලිම් දැරිය

■    1997 දී පාකිස්ථානයේ දී ඉපැදුනු මලාලා යුසුප්සායි දැරිය සහ ඇගේ පියා, මුස්ලිම් තරුණියන්ට අධ්‍යාපනය ලබාගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනීසිටි අතර, බාලිකා පාසලක් ද පවත්වා ගෙන ගියෝය.
■    පාකිස්ථානයේ ප්‍රාන්ත කිහිපයක මිලිටරි බලය අත්පත් කරගෙන සිටී, ත්‍රස්ත තලෙයිබාන් කණ්ඩායම ස්ත්‍රී අධ්‍යාපනයට විරුද්ධව තහනම් නීති පනවා තිබිණි.
■    2009 දී    – වයස 12 දී, මලාලා ඊඊක්‍ ඊඛධඨ අඩෙවියකට ස්ත්‍රී අධ්‍යාපනයේ වැදගත්කම ගැන කරුණු දක්වා තිබුණි.
■    2011 දී – වසය 14 දී, පාකිස්ථානු රජයේ, ජාතික තරුණ සාම ත්‍යාගය මලාලා දිනාගත්තාය. ඇය, ජාත්‍යන්තර ළමුන්ගේ සාම ත්‍යාගය සඳහා, ආක්බිෂොප් ඩෙස්මන්ඞ් ටුටු විසින් නම් කර තිබිණ.
මේ වන විට, තලෙයිබාන් ත්‍රස්තවාදීන් ඇය මරාදැමීමට පොදු තීන්දුවක් ගන්නා ලදී.
■    2012.10.09 වනදා – බස්රථයක් තුලදී, ඇය සොයා පැමිණි තලෙයිබාන් ත්‍රස්තයින් ඇයට වෙඩි තැබූහ. එක් වෙඩි උණ්ඩයක්, ඇගේ උරහිස, බෙල්ල සහ හිස පසාරු කරමින් ඇයට බරපතල තුවාල සිදුවිය. ඇය වහාම පකිස්ථානු රෝහලකටත්, පසුව බි්‍රතාන්‍ය රජයේ ආධාර ඇතිව, එංගලන්තයේ බර්මිම්හැම් රෝහලේදී, ඇගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරු කණ්ඩායමක්ම යොදවන ලදී.
■    2013 ජනවාරි – මාස 3 කට පසු, ඇය සුවය ලබා රෝහලින් පිටත් විය. ඇයගේ වෙඩි වැදීමේ සිද්ධිය මෙන්ම, බාලිකා අධ්‍යාපන මෙහෙවර ගැන මුළු ලොව පුරාම දැඩි අවධානයට ලක්වූ අතර, ත්‍රස්තවාදීන් හෙලා දැකීමටත් ඇයගේ අභිලාෂයන්ට පැසසුම් ද සතර දිගන්තයෙන්ම ගලා එන්නට විය.
■    2013 දී – වයස 16 ක්ව සිටියදී, බාලිකා අධ්‍යාපනය සඳහා ලෝක අරමුදලක් පිහිටෙව්වාය.
■    2014 දී – වසය 17 දී, ඇය නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තේ, සම ත්‍යාගලාභී ඉන්දියානු පුරවැසියෙකු වූ, කයිලාෂ් සත්‍යාර්ජී නැමැති වයෝවෘධ, ලමා අයිතීන් සහ කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් මෙහෙවරක යෙදුන අය සමඟයි. ඇගේ ත්‍යාග මුදල වූ ඇමරිකානු ඩොලර් ලක්‍ෂ පහක මුදල ඇය ලමා අධ්‍යාපන ලෝක අරමුදලට බැර කළාය.
■    2016 දී – වයස 19 දී, ඇයට කැනඩාවේ රජය විසින් කැනඩාවේ ගරු පුරවැසිභාවය පිරිනැමූ අතර, එම අවස්ථාවේදී ඇය කැනේඩියානු පාර්ලිමේන්තුවේ ඇමතුවේ ඉමහත් හරසර මැද්දේය.

මලාලාගේ සියලු ජාත්‍යන්තර ප්‍රකාශ වලදී ඉස්ලාම් ධර්මය ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පිලිකෙව් කරන බවටත්, මානව දයාව මත පදනම් වූ ධර්මයක් බවත්, ලොවටම හඬනගා කීමට සමත් වී ඇති බැවින්, ඇය ඉස්ලාම් ධර්මයේ ජාත්‍යන්තර සාමදූතිකාව ද වන්නේය.
මේ නිර්භීත, බුද්ධිමත්, අසිරිමත් දැරියගේ ප්‍රතාපවත් හඬට සවන් දෙන්නට සහ ඇය ලෝක ප්‍රජාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වන ආකාරය දැක බලාගන්නට, අප ඔබට අවස්ථාව සලසා දෙන්නේ, ඇයට අපගේ ද උපහාරය පුද කරමිනි.
මෙහි ඇති චිත්‍රපට දෙක නරඹන්න.

Please click the links below.

  1. Nobel Peace Prize – Acceptance Speech
  2. Address to Canadian Parliament

 

Author

admin

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *