මහජන බැංකුව, නිත්‍යානුකූලව බඳවා ගැනීමට තෝරා ගන්නා ලද තරුණ තරුණියන් 72 ක් විසින් මහජන බැංකුවට එරෙහිව පවරන ලද මුලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීම පිළිබඳ නඩුවෙහි තීන්දුව, තුන් සාමාජික විනිසුරු මඩුල්ලක් විසින් 03-03-2017 දින ප්‍රකාශයට පත් කරන ලදී. පෙත්සම්කරුවන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් කඩකර ඇති බවත්, එයට පිලියම ලෙස, මේ පෙත්සම්කරුවන් 72 දෙනා බැංකුවට බඳවා ගන්නා ලෙසත්, ඔවුන්ට වන්දි මුදලක් ලෙස රු. 75,000/- බැගින් ගෙවන ලෙසටත් මහජන බැංකුව වෙත ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. මේ අනුව, වන්දි ලෙස, රු.ලක්ෂ 54 ක් ගෙවීමට බැංකුවට සිදු වී තිබේ.
S.C. F/R No.164/2015 iy S.C. (F/R) No.276/15, මේ නඩු දෙකේ අංක වන්නේය.
මෙම නඩුවේ විනිශ්චය ලබා දුන්නේ සිසිර.ජේ ද ආබෲ, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන විනිසුරුවරුන් විසිනි.
ආරවුල
මෙම ආරවුල ඇති වුයේ බැංකුවට Customer Services Assistants (Clerks) වශයෙන් බඳවා ගැනීමේදී, මෙම අයදුම්කරුවන් අනුමත බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියට ලක්කර, ඉන්පසුව, ඔවුන් බඳවා ගනීමට තෝරාගත් බවට ලිපි නිකුත් කිරීමෙන් පසුව, ඔවුන් බඳවා නොගෙන, එම තනතුරට නැවත වරක් අළුතින් අයදුම්පත් කැඳවීමට, බැංකුව කටයුතු කිරීම යන කරුණු මතයි. මෙවැනි දෙයක් සිදුවීමට තුඩුදුන් සැබෑ හේතු, මෙම ලිපියෙහි පහල සඳහන්වේ.
තෝරා ගෙන සිටි මෙම අයදුම්කරුවන් බඳවා නොගැනීමේ අර්බුදය කෙලවර වුයේ අගතියට පත් පුද්ගලයන් අතුරින් 72 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමෙනුයි.
උසාවියට නොගිය, මෙම දුක්ගැනවිල්ලම ඇති, තවත් අයදුම්කරුවන් 70 පමණ සිටි අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුව අනුව, එම සේවකයන්ටද, තම පත්වීම් නිත්‍යානුකූලව ලබා ගැනීමට අයිතියක්ද තිබෙන බව තහවුරු වෙයි.
මහජන බැංකුව මුහුණ දෙන නඩු හබ වලදී, සාමාන්‍යයෙන් උසාවියේ පෙනී සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන් වන නමුත්, මෙම නඩුවේදී බැංකුවේ ව්‍යාජ නිදහසට කරුණු උසාවිය ඉදිරියේ ප්‍රකාශ කරවා ගැනීමට මහජන බැංකුව යෙදවුයේ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ඇතුළු කණ්ඩායමකි. එහෙත් මහජන බැංකුව වෙනුවෙන් කරන ලද කරුණු දැක්වීම් අධිකරණය ප්‍රතික්ෂේප කර මේ පැහැදිලි තීන්දුව ලබාදී තිබේ.
මේ නිසා වින්දිතයන් වු 140 දෙනෙකුට පමණ අවසානයේදී යුක්තිය ඉටුවීම, මහත් අස්වැසිල්ලකි. මහජන බැංකුව විසින් කරන ලද මේ පාදඩ දේශපාලන ක්‍රියාව, මෙලෙස නිවැරදි කර ගැනීමට හැකිවීම පිළිබඳව, මේ රටේ රැකියා විරහිත තරුණ තරුණියන් දහස් ගණනකගේ අවධානය යොමුවිය යුතුවා පමණක් නොව, දිගින් දිගටම, දේශපාලන අනුග්‍රහය මත රැකියා ලබාදීමේ පාදඩ ක්‍රියාවටද එරෙහිව සටන් වැදිය යුතු බවට අධිශ්ඨාන කිරිමේ මොහොතක් බවටද මෙම සිද්ධිය පත්කර ගත යුතුය.
මේ ආරවුලේ සත්‍ය දේශපාලන පසුබිම මෙන්න !
මහජන බැංකුවටත්, රාජ්‍ය අංශයේ අනෙක් බැංකු වලටත් බඳවා ගැනීම්, කාලාන්තරයක් තිස්සේ කරනුයේ බලගතු දේශපාලඥයන් විසින් ඉදිරිපත් කරන, නම් හෝ නම් ලැයිස්තු අනුවය.
මෙම ආරවුල පැන නැගුනේ ජනාධිපති රාජපක්ෂ රජතුමාගේ ඔටුන්න හිමි කුමාරයා ලෙස මාධ්‍ය නම්කර තිබු නාමල් රාජපක්ෂ විසින් බඳවා ගැනීම් පිළිබඳව කල නීති විරෝධී සහ සදාචාර විරෝධී මැදිහත්වීම් නිසාවෙනි. නාමල් රාජපක්ෂ එම වකවානුවේදී, ජනාධිපතිගෙන් පසු, ලංකාවේ සිටින ඊලඟ බලවත්ම පුද්ගලයා බවටද කල මාධ්‍ය හෙලිදරව්ව, මේ සිද්ධියෙන්ද සත්‍ය බව මොනවට පැහැදිලි වෙයි. බැසිල් සහ ගෝඨාභය අභිබවමින් “නියෝග” දීමටත්, ඔහුට බාධක පමුණුවන අය පෙරලා දැමීමටත් නාමල්ට එකල හැකියාවක් තිබුණි.
මහජන බැංකුවට ලිපිකරුවන් බඳවා ගැනීමේ ක්‍රියාදාමය හදිසියේම, 2015 නොවැම්බර් මාසයේදී, (ජනාධිපතිවරණය අභිමුව) අතරමග නතර කරන්නට සිදුවුයේ නාමල් රාජපක්ෂ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කර, එම පුද්ගලයන් පමණක් බඳවා ගත යුතු බවට, මහජන බැංකුවේ සභාපතිව සිටි, කුප්‍රකට ගාමිණි සෙනරත්ට නියෝග දුන් බැවින්ය. ඒ අනුව, බඳවා ගැනීමේ ක්‍රියාදාමය අතරමග නතරකර, අළුතින් අයදුම්පත් කැඳවීමක් කරනු ලැබුවේ, නාමල්ගේ ලැයිස්තුවේ පුද්ගලයන් තෝරා ගැනීම සඳහා මග සලසා ගැනීමටය. එවකටත් තෝරාගෙන සිටි තරුණ තරුණියන් මේ නිසා බඳවා නොගන්නා ලදි.
ලංකා බැංකුවටද එවැනිම නම් ලැයිස්තුවක් එවු මේ දූෂණයේ ඔටුන්න හිමි කුමරා (Crown Prince of Corruption) එවකට සිටි සභාපති වු ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ මහතාටද එවැනිම “නියෝගයක්” දුන්නේය. ගාමිණි වික්‍රමසිංහ යනු ගෝඨාභය රාජපක්ෂගේ මස්සිනා මෙන්ම හමුදාවෙන් ඉවත්වීමෙන් පසු, ගෝඨාභයට තම කොම්පියුටර් සමාගමේ රැකියාවක් ලබාදුන් හිතවතාද විය.
මෙහිදී මහජනතාවට වටහා දිය යුතු කරුණක් වන්නේ, දේශපාලකයන්ගේ ගණිකා මඩමක් බවට පත්කර ගෙන ඇති මහජන බැංකුව මෙන් නොව, ලංකා බැංකුව ඊට හාත්පසින්ම වෙනස්වු කලමණාකරණ සංස්කෘතියක් ඓතිහාසික හේතුන් මත ගොඩනගා ගෙන ඇති බැවින්, මේ අන්දමින් දේශපාලන ලැයිස්තු මත තොග පිටින් පුද්ගලයන් බඳවා ගැනීම නුසුදුසු බවට ජෙශ්ඨ කලමණාකාරිත්වය සභාපති වික්‍රමසිංහට පෙන්වා දුන් බවය. එම ස්ථාවරය අනුමත කල වික්‍රමසිංහ මහතා ලැයිස්තුව අනුව බඳවා ගැනීම් කිරීම ප්‍රතික්ෂේප කලේය. මේ නිසා රජගෙදර පවුලේද කැලඹිල්ලක් ඇති විය. නාමල් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරමින් තමාගේ නියෝග නොපිලිපදින සභාපතිලා ගෙදර යවන බව කියා සිටියේය.
මෙම රජ පවුලේ අභ්‍යන්තර යුද්ධය කෙලවර වුයේ ආචාර්්‍ය ගාමිණි වික්‍රමසිංහ “පුද්ගලික හේතුන් මත’‘ තම තනතුරින් ඉල්ලා අස්වීම සහ ලංකා බැංකුවේ සභාපති තනතුරට සුප්‍රසිද්ධ දූෂිත දේශපාලන ගැත්තෙකු වන M.LM මෙම රජ පවුලේ අභ්‍යන්තර යුද්ධය කෙලවර වුයේ ආචාර්්‍ය ගාමිණි වික්‍රමසිංහ “පුද්ගලික හේතුන් මත’‘ තම තනතුරින් ඉල්ලා අස්වීම සහ ලංකා බැංකුවේ සභාපති තනතුරට සුප්‍රසිද්ධ දූෂිත දේශපාලන ගැත්තෙකු වන Seychelles,සීෂෙල්ස් දූපතෙ BOC බැංකු ශාඛාවක් විවෘත කිරීමට පහසුකම් සලසා දුන්නේද ඔහුම විය. මෙයින් මතු වුන වෙනත් ප්‍රශ්ණ ලංකා බැංකුවටද බරපතල ප්‍රතිවිපාක ගෙනදුන්නේය.
මේ අන්දමින් මහජන බැංකුවටත් ලංකා බැංකුවටත් නාමල් රාජපක්ෂගේ ලැයිස්තු වලින් තරුණ තරුණියන් සිය ගණනක් බඳවා ගන්නා ලද්දේ ආචාර්ය ගාමිණි වික්‍රමසිංහට තම තනතුරද අහිමිකරමිනි. ශ්‍රී ලංකාවේ පාදඩ දේශපාලනයේ සදාතනික ස්වරූපය මෙයයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු මහජන බැංකුවේ ප්‍රතිචාරය
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් තක්කු මුක්කු වු මහජන බැංකුවේ පාලනාධිකාරිය පෙත්සම්කරුවන් 72 බඳවා ගැනීමටත්, ඔවුන්ට රු 75000/- බැගින් වන්දි ගෙවීමටත් දැනට පියවර ගෙන ඇත. එහෙත් මේ සේවකයන් 72 මුලින් බඳවා ගෙන තිබුණේ දිස්ත්‍රික්කය පදනමක් මත වන අතර සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වුයේ බඳවා ගත් දිස්ත්‍රික්ක තුලම ඔවුන් සේවයේ යෙදවීම වුවද, මෙහිදී මේ සෑම සේවකයෙක්ම තම දිස්ත්‍රික්කයෙන් පිටත බැංකු ශාඛාවකට අනුයුක්ත කිරීමට බැංකුව විශේෂ තීන්දුවක් ගන්නා ලදී. නැවත වරක් මේ සේවකයන් හිරිහැරයට ලක් කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් උද්ගත වෙන අනෙක් ප්‍රධාන කරුණ වන්නේ උසාවි නොගිය, එහෙත් පත්වීම සඳහා තෝරා ගනු ලැබු බවට ලිපි ලැබු, තවත් 70 ට වැඩි පිරිසකට කුමක් කල යුතුද යන්නයි.
මෙහි නීතිමය තත්වයන් මෙවර සැලකිල්ලට ගත් මහජන බැංකුව, එම 70 ක් පමණ දෙනාටත් පත්වීම් දැන් ලබා දී අති අතර ඔවුන්ට වන්දි හිමිකමක් පැන නොනගින බැවින්, වන්දි මුදල් එම පුද්ගලයන්ට ගෙවුයේ නැත.
මහජන බැංකුවේ පරිපාලනය තුල ඇති පාදඩ දේශපාලනයේ සැබෑ ස්වරූපය විශ්මය ජනකය. මෙහි පරිපාලනයේ ඇති අන්ත දූෂිතභාවය සහ නීතියට සහ සාදාචාරයට පයින් ගසමින් ගෙන යන ජාතිද්‍රෝහි ක්‍රියාවලියේ සැබෑ තත්වයන් එලි දැක්වෙන ලිපි මාලාවක් මෙම වෙබ් අඩවියේ Archives යටතේ අප පල කරමු. සත්‍යය මැනවින් වටහා ගන්නට කැමති උදවිය මේ ්රජයසඩැි යටතේ ඇති ලිපි පෙළ බලන්න.
දැනට දේශපාලන පාදඩ නායකත්වයක් තිබෙන ලංකා බැංකු සේවක සංගමය මේ අසරණවූ සේවකයන් දෙස නොබැලූ අතර එම නායකයන් එක්වී සිටින්නේ මහජන බැංකුවේ ජඩ පාලකයන් සමඟය.
Leave a Reply