මහජන මුදල් එන්නත් කරමින් පණ රැකදෙන,මහජන බැංකුව
මේ මාසය වූ විට, මහජන බැංකුව උපත ලබා වසර 56 ක් ගත වී ඇත. මහජන බැංකුවේ වාර්ෂික අය-වැය ප‍්‍රකාශණයේ ඇති ශේෂ පත‍්‍රය, මුළුමනින්ම මහජන ප‍්‍රදර්ශනය සඳහා, සරුවපිත්තල වලින් සරසන ලද, මවාපෑමක් පමණි. එහි සඳහන් ‘‘ලාභ’’ මැජික් පෙන්වීමක් වන අතර, දක්‍ෂ ඇස්බැන්ඳුම් කරුවන්, කළු තොප්පිය තුළින් කිරි සුදු හාවෙකු එලියට ගෙන, නරඹන්නන් මවිත කරන ආකාරයටම, මහජනයා මවිත කරවන මැජික් සෙල්ලමකි.
1992 සිට 2016 දක්වා, වසර 24ක් තුළ 8 වතාවක්, මහජන බැංකුවේ ප‍්‍රාග්ධනය ‘‘ශක්තිමත් කිරීම’’ සඳහා මහජනයාගේ මුදල් උපයෝගී කරගෙන, බැඳුම්කර නොහොත් BONDS මගින් රජය ‘‘මුදල්’’ ලබා දී ඇත. රජයේ බැඳුම්කරයන් යනු හුදු ලියැවිල්ලක් සහිත කොලකෑල්ලක් මිස බැංකුවේ ‘‘මුදල් පෙට්ටියට’’ නොහොත් Cash Vault එකට ඇතුල් කරන මුදල් නෝට්ටු නොවේ. මේවා ඇත්තටම ශේෂ පත‍්‍රයේ ප‍්‍රදර්ශනය කෙරෙන ‘‘බිත්ති සැරසිලි’’ හා සමානය. මෙහි සැබෑ අරුත වන්නේ එහි සඳහන් මුදල් ප‍්‍රමාණයට රජය වගකීම දරන බව ලොවට ප‍්‍රකාශ කිරීම පමණි.
මේ අනුව 8 වතාවක දී රු.මිලියන 32,222 ක් මරණාසන්න වී ඇති මේ පණ අදින යෝධයාට BONDS මගින් මහජන මුදල් එන්නත් කර ඇති අතර, ප‍්‍රාග්ධනය ශක්තිමත් කර ගැනීමට තරම් ලාභයක් උපදවා ගැනීමට මහජන බැංකුවට නොහැකි වී තිබෙන නිසා, මෙම නොනවතින ප‍්‍රතිකාරය දිගටම කරන්නට සිදුවනු ඇත.
BONDS වලට අමතරව, සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප් භාරකාර අරමුදලෙන් බැංකුව රු. මිලියන 15,000 ක් Debentures ණයකර ලෙස ණයට රැුගෙන තිබේ. ඒ 2009 දී ය. තවද, ගිය අවුරුද්දේ, සේවකයන්ගේ එම විශ‍්‍රාමික භාරකාර අරමුදලෙන්ම එහි ශේෂයේ අතිරික්තයක් තිබෙන වා යැයි ව්‍යාජ ලෙස සංඛ්‍යා ලේඛන සකසා, රු. මිලියන 3,386 ක දැවැන්ත මුදලක් එම භාරකාර අරමුදලෙන් බැංකුවේ ප‍්‍රාග්ධනයට එකතු කර, මාර නීති විරෝධී මගඩියක් ද කර තිබේ.
මෙහිදී, උද්ගත කළ යුතු වැදගත්ම ප‍්‍රශ්නය වන්නේ, මහජන බැංකුවට BONDS දීම රජය ප‍්‍රතික්ෂේප කළොත් සිදුවන්නේ කුමක්ද? යන්නයි. පැහැදිලිවම, එවිට බැංකුව පවත්වාගෙන යෑමට බැරිවෙයි හෙවත් බංකොලොත් හෙවත් බුන්වත් වෙයි. ප‍්‍රාග්ධනය අවශ්‍ය ප‍්‍රමාණයට ශක්තිමත් කර ගැනීම සඳහා ප‍්‍රමාණවත් ලාභ උපදවීමට, මහජන බැංකුවට පසුගිය අවුරුදු 24 තුළම, කොහෙත්ම බැරි වී ඇත.
මෙම යථාර්තය, විවිධ බොරු ප‍්‍රචාර තුළින් මුළුමනින්ම වසන් කර, ‘‘මිලියන, ටි‍්‍රලියන’’ ගණනින් ලාභ ලබන බවට පට්ට බොරු බෙදා හරින්නේ වෙන කවුරුත් නොව IMF අනුග‍්‍රහය යටතේ, බැංකුවේ පරිපාලනය පවරා රුපියල් කෝටි ගණනින් අසාමාන්‍ය වැටුප් හා වරප‍්‍රසාද ලබා ගන්නා ඊනියා ‘‘විශේෂඥයන්’’ රැලක් විසිනි. ‘‘BOND නැත්නම් මරණය’’ සැබෑ LOGO එක වන නමුත් මේ රටේ දුප්පත් ජනතාවගේ දහඩිය, කඳුළු සහ ලේ මතින් රජය ලබා ගන්නා බදු මුදල්, රුපියල් කෝටි ගණනින් මහජන බැංකුවට මෙසේ එන්නත් නොකරන්නේ නම් මහජන බැංකුව මැරී වැටෙනු ඇත.
මහජන බැංකුව දැන් දෙකොණ දැල්වෙන විලක්කුවකි. එක කොනකින් භාණ්ඩාගාරයෙන් දෙන කෝටි ගණන් මුදල් ගිනිගෙන දැවේ. අනෙක් කොණින් ශ‍්‍රී ලංකාවේ තක්කඩි ව්‍යාපාර පැලැන්තිය කෝටි ගණනින් ලබාගන්නා ණය, නොගෙවා සිටීම නිසා බොල් ණය ගින්දර පත්තු වී, අනිත් කොණ පිචිචි පිචිචි පවතී. 2016 වර්ෂයේ දී නොගෙවන ලද, පැහැර හරින ලද, ණය කන්දරාව රු. මිලියන 20,000 කි. විලක්කුවේ කොන් දෙකම මෙසේ දැල්වෙන අතර, මැද්දේ සිටින බැංකු කළමණාකරණ විශේෂඥයෝ යෙදෙන්නේ, බැංකුවට සත පහක ලාභයක් නොගෙනෙන, බහුවිධ ජාවාරම් වලය. දුම්රිය ස්ථානවල ස්වයංක‍්‍රීය බැංකු ශාඛා, ගණුදෙනු කරුවන් නොඉල්ලන ඩිජිටල් තාක්‍ෂණය, බැංකුවේ නාම පුවරු 1,000 ක් වෙනස් කිරීම, පරිශ‍්‍ර අභ්‍යන්තරයේ ඩිජිටල් පින්තූර එල්ලා අලංකරණය කිරීම වැනි, තඹ පයිසයක් වත් ලාභ නොලබන, නාස්තිකාර වියදම් කන්දරාවට අමතරව, ප‍්‍රචාරක දැන්වීම්, මහජන සම්බන්ධතා, මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍ය වේදීන්ට ලබාදෙන දැවැන්ත අල්ලස් ප‍්‍රමාණයත් නිසා මහජන බැංකුව අද වන විට බින්දුවටම බස්සවා, පණ අදින තත්ත්වයට ඇද දමා ඇත.
මහජන බැංකුව තුල ඇති වී ඇති මෙම දුක්මුසු තත්ත්වය පිළිබඳව චෝදනා පත‍්‍රයක් කවුරුන් හෝ බලධාරියෙක් සකස් කරන්නේ නම්, එය ලබාදිය යුත්තේ බැංකුවේ සාමාන්‍යාධිකාරී නමසිවායම් වසන්ත කුමාරන්ට ය. ඔහු වසර 2000 දී විදේශීය විනිමය පිළිබඳ නිලධාරියෙකු ලෙස කොන්ත‍්‍රාත් පදනමක් මත බඳවා ගත් නමුත්, දැන් වසර 17 ක් ගත වී ඇතත් තවමත් කොන්ත‍්‍රාත් කරුවෙකි. මුළු රටම හෙල්ලූ සුප‍්‍රසිද්ධ හෙජින් ගිවිසුමට මහජන බැංකුව ඈඳා ගත්තේ මේ නමසිවායම් වසන්ත කුමාර් ය. එයින් මහජන බැංකුවට සිදුවූ පාඩුව රු. මිලියන 3,000 කි. ඊට තෑග්ගක් වශයෙන් රාජපක්‍ෂ රෙජිමය විසින් ඔහු සාමාන්‍යාධිකාරි ධූරයට උසස් කරන ලදී. මෙසේ ඔටුන්න දාගත් නමසිවායම් ගේ සාපරාධී වාර්තාව Criminal Record පීපල්ස් ලීසින් ඇන්ඞ් ෆිනෑන්ස් PLC යන අනුබද්ධ ආයතනයටද දීර්ඝ විය. එම ආයතනයේ සිදුවී ඇති රු.මිලියන 3,200 ක වංචාවන් පිළිබඳව FCID පරීක්‍ෂණ වලදී, නමසිවායම් චූදිත සැකකරුවකු ලෙස ප‍්‍රසිද්ධියේම නම් කර, පුවත්පත් නිවේදනයක් ද නිකුත් වුනේය. එහෙත් මේ ක‍්‍රිමිනල් පොරගේ ඔටුන්න ගැලවුනේ නැත.
මහජන බැංකුවේ ¥ෂිත අයතා පාලනය ගෙන යන්නේ, වසන්ත කුමාර් සහ තවත් කොන්ත‍්‍රාත් විධායක 5 දෙනෙක් විසිනි. ඔවුන් ඇත්තටම 2000 වසරේදී මහජන බැංකුවට පිටතින් බඳවා ගන්නා ලද ‘‘විශේෂඥයන්’’ 12 දෙනා නික්ම යෑමෙන් පසුව ඉතුරු වූ ඉඳුල් ටික වේ. මුලින් ගත් 7 දෙනෙක් ම විටින් විට පිටව ගියහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ IMF අනුග‍්‍රහය යටතේ මහජන බැංකුව තුළ අරඹන ලද මේ දේශද්‍රෝහි Restructuring වැඩ පිළිවෙලට අම්මා වූයේ ජනාධිපති සහ මුදල් ඇමති වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායකය. එවකට රටේ බලවත්ම පුද්ගලයෙකු වූ මනෝ තිත්තවැල්ල මේ දේශ ද්‍රෝහී වැඩපිළිවෙලෙහි පියා විය. මනෝ තිත්තවැල්ල එවකට මහජන බැංකුවේ සභාපති, BOI සභාපති හා PERC සභාපති යන ඔටුනු 3 ම පැළඳගෙන රජකළ බලවතෙකි. ඊට අමතරව First Capital නමැති ෆිනෑන්ස් කම්පැනියේ ප‍්‍රධානියාද ඔහුම විය. බැංකුවට බඳවා ගත් විශේෂඥයන් 12 දෙනාට නායකත්වය දුන්නේ විදේශීය පර සුද්දෙකු වන ඩෙරික් කෙලී නමැති IMF ඒජන්තයාය. මේ විශේෂඥ 12 දෙනාගේම දැවැන්ත වැටුප් බැංකුව ගෙව්වේ ඔවුන් සියළු දෙනාම සැපයූ කොන්ත‍්‍රාත්කරුවා වන මැනේජ්මන්ට් සර්විසස් ලිමිටඞ් MSL නමැති මුල්‍ය ජාවාරම් තිප්පලටයි. අද දක්වාම, එය එසේය.
රාජ්‍ය බැංකු Restructuring ගේමට අමතරව, චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ‍්‍රී ලංකාවේ තරුණ පරම්පරාවට ලබාදුන් අනික් IMF දායාදය වූයේ රාජ්‍ය සේවයට සහ බැංකු සේවයට 1996 දී සිට බැදුන අයට විශ‍්‍රාම වැටුප් අහිමි කිරීමයි. මාතෘකාවෙන් පිට පනින නිසා මේ ගැන සහ ඈ ගැන, තවත් දේ මෙහි ලියන්නට නොහැක.
2015 ජනවාරි විප්ලවයෙන් මහජන බැංකුවේ මේ අපරාධ කරුවන්ට කිසිත් හානියක් සිදු වුනේ නැත. මක්නිසාද, මේ හොරුන්ගේ සැබෑ හාම්පුතුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මනෝ තිත්තවැල්ල සහ දේශද්‍රෝහි IMF එක, යන පාර්ශව තුනම යහපාලන පිස්සු අස්සයාගේ පිට උඩ යමින්, අස්සයා ගෝං!, සෙල්ලමේ යෙදෙන බැවිනි. දේශපාලන කරලියේ ර`ගපාන මේ රූකඩයන් සියල්ලම ඇත්තටම මෙහෙයවන්නේ ලංකාවේ මුල්‍ය මාෆියාවයි. ප‍්‍රබල චරිත ලෙස ජනතාව වැරදි ලෙස දකින මේ ඊනියා නායකයන් සියල්ලම පඹයන් සේ නටවන, නොපෙනෙන නූල් සියල්ලම මෙහෙය වන්නේ, තිරයේ පිටුපස සිටින, මේ ජාත්‍යන්තර සබඳතාද ඇති දේශීය මුල්‍ය මාෆියාවයි.
දැනට ඔප්පු කළ හැකි සියලූම සාක්‍ෂිවලින්, සැකයකින් තොරව අනාවරණය වී ඇති සහ ජාතික පුවත්පත් විසින් අනාවරණය කර ඇති, දැවැන්ත තොරතුරු ප‍්‍රමාණය අනුව රටේ මුල්‍ය ක්‍ෂේත‍්‍රය, පිස්සිගේ පලාමල්ල තරම්ම, අවුල්ය.
බැඳුම්කර කොමිසම හමුවේ සහ ඊට පෙර ද අනාවරණය වූ තොරතුරු අනුව, ශ‍්‍රී ලංකා මහ බැංකුව දැන් වසර 10 කට වැඩි කාලයක් සුපිරි ¥ෂණයෙන් පිරි කේන්ද්‍රස්ථානයකි. කලක සිට පැවති BOND සෙල්ලමට අමතරව, රත‍්‍රං සංචිත විකිණීම, පිරමීඞ් ක‍්‍රම, ග‍්‍රීක BOND මිලදී ගැනීම, ප‍්‍රාග්ධන ගිණුම මංකොල්ල කෑම, පිටරට ඉඩම් ගැනීම සහ ඇමරිකා රජයට බලපෑම් කිරීමට විශේෂඥයන් යෙදවීම, ජාතික ඒකාබද්ධ අරමුදලේ මංකොල්ලය, සේවක අර්ථ සාධක අරමුදලේ මංකොල්ලය, පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා ¥ෂණය වැනි දේ මගින් රාජ්‍ය සම්පත් කෝටි ප‍්‍රකෝටි ගණනින් නැති භංග කල බලධාරීන් එකෙකුටවත් හීන් චෝදනා පත‍්‍රයක්වත් අද වන තුරු නිකුත් කර නොමැත. රටේ ඇති කළ Finance කම්පැනි විසින් ජනතාවගේ සල්ලි මංකොල්ලය එලිපිටම කරද්දී ඔවුන්ගෙන් සතයක්වත් අය නොකර ගෙන, කම්පැනි ‘‘පුනරුත්ථාපනය’’ කිරීමට ප‍්‍රකෝටි ගණන් මහජන මුදල් යොදවමින් සිටී. කොටස් වෙළෙඳපොළ දැවැන්ත ලෙස ¥ෂණයට ලක් කළ පුද්ගලයන්, හඳුනාගෙන නම් කළ නමුත්, ඔවුන් නිරුපද්‍රිතව සිටී. රාජ්‍ය බැංකු සියල්ලම පැය 24 තුළම මහ දවල් මංකොල්ලයට ලක්කර, ඒවායේ ප‍්‍රකාශිත ජාතික අරමුණු වන රටට ධනය උපදවිය හැකි සංවර්ධන ව්‍යාපෘති වලට මුල් තැන දීමේ කර්තව්‍යය, පසෙකලා, තක්කඩි ව්‍යාපාර ප‍්‍රජාවට, නොගෙවන ණය ලබා දීමට දොරවල් විවෘත කර දී ඇත. මුල්‍ය ක්‍ෂේත‍්‍රයට විනයක් හෝ දිසානතියක් හෝ නිවැරදි මෙහෙය වීමක් තිබේද? මේ දීර්ඝ අඳුරු බිංගෙය තුළින් එළියට විත් හිරු එළියේ ප‍්‍රභාව දකින දිනයක් මේ රටේ වැරදි නොකළ බහුතර ජනතාවට කවදා උදාවේවිද?
මහජන බැංකුවට IMF අනුග‍්‍රහය යටතේ විශේෂඥයන් 12 දෙනෙකු සහිත සුද්දෙකු යොදවා කිසිත් ධනාත්මක පරිවර්තනයක් පසුගිය අවුරුදු 17 තුළ සිදු නොකළ අතර, එහි මුල්‍ය ස්ථාවර භාවයේ වැඩි දියුණුවක් කිසිසේත්ම සිදු නොවූ බව පහත දැක්වෙන BOND ඉන්ජෙක්ෂන් වලින් පෙනී යයි.
1992 – රු. මිලියන – 10,541 – 30 අවුරුදු බැඳුම්කර @ 12% පොළිය.
1996 – රු. මිලියන – 10,056 – 10 අවුරුදු බැඳුම්කර @ 14% පොළිය.
2003 – රු. මිලියන – 625 – 13 අවුරුදු බැඳුම්කර @ 3.08% පොළිය.
2005 – රු. මිලියන – 1,000
2006 – රු. මිලියන – 2,000
2007 – රු. මිලියන – 1,500
2008 – රු. මිලියන – 1,500
2016 – රු. මිලියන – 5,000
මෙම තත්ත්වය ලෝක ඉතිහාසයේ අවසානය දක්වාම පවතිනු ඇත.
Leave a Reply