මහජන බැංකුව – උණුසුම් පුවත් – කෙටියෙන්
ජනාධිපති, සර්පයෙක්ව උකුලට ගනී.!
ශ‍්‍රී ලංකාව සර්පයන් බහුල රටකි. විසමලූ වලින් පිරුණ හකු ඇති මාරාන්තික සර්පයන් අතර තිත් පොළඟා, නාගයා, තෙල් කරවලා, වැලි පොළඟා වැනි සර්පයන් ද වෙති.
සර්පයෙකු ලෙස බොහෝ කලක් හඳුනාගෙන සිටින, රාජ්‍ය මුදල් මංකොල්ල කෑමේ සුප‍්‍රසිද්ධ ඉතිහාසයක් ඇති, මිනිස් සර්පයෙක්, ජනාධිපති විසින් තම උකුල උඩට ගෙන හුරතල් කරනු දුටු, එම විස්තර දන්නෝ, විස්මයට පත්වී සිටිති. ඒ සර්පයා වන්නේ වෙන කිසිවෙක් නොව, මහජන බැංකුව සර්ප විසෙන් ඔත්පල කර ඇති, හේමසිරි ප‍්‍රනාන්දුය. ජනාධිපති මාණ්ඩලික ප‍්‍රධානී ලෙස තවත් එක් සර්පයෙක් මෙසේ අභිෂේක ලබා ඇත.
මේ ගැන අටුවා ටීකා සහිත දීර්ඝ විශ්ලේෂණයක් අප සකසා ඇති අතර, එය ඔබට මෙන්ම මහජනතාවගේ ද, අතට නොබෝ දිනකින් පත් කෙරෙනු ඇත.
මහජන බැංකුවේ DGM ලා 14 දෙනාටම,
එකාට රුපියල් මිලියන 18 ක් වටිනා කාර් එක බැගින්, නොමිලේ කාර් 14 ක් තෑගි දෙයි.
හේමසිරිගේ සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සන්තෝෂමක් සහ අල්ලසක් ලෙසල සින්නක්කරවම බෙදා දෙයි.!
කාර් 14 වටිනාකම රුපියල් 18,000,000 X 14 = රු. 252,000,000
හිටි හැටියේම DGM ලාට මේ සන්තෝසම් තෑගි නොහොත් අල්ලස් ලබාදෙන්නේ ඇයි?
වටින් ගොඩින් දැන් පළල් ලෙස සමාජගත වන සත්‍යයක් වන්නේ, විශේෂයෙන්ම Sri Lankan Air Lines පිළිබඳ ජනාධිපති කොමිසමේ අනාවරණය වන සාක්‍ෂි සමගම, රාජ්‍ය බැංකු 3 ම, රජය විසින් මස්තබාල්දු කර, සුරැුකුම් ද, ඇපකර ද නොමැතිව, මංකොල්ල කා ඇති බවයි. මේ සමගම, 2018 ජූනි 06 වනදා දිනට BOC සහ PB බැංකු දෙකේ ප‍්‍රසිද්ධ කර ඇති ගිණුම් වර්තා පිරික්සා, සංසන්දනය කර බලන විට ඔප්පු වෙන කරුණක් තමයි, බැංකු දෙකේම NPL ගණනය ව්‍යාජ බව සහ ඒ නිසාම, ලාභ ඉලක්කම් ද ව්‍යාජ වන බවය. මේ වෙස් මුහුණ ගැලවීයාමේ ආරම්භය පමණි. මේ වාර්ෂික ගිණුම් ප‍්‍රකාශණවල ගණකාධිකරණ ගැලවිජ්ජාව කරන්නේ නිත්‍ය සේවකයන් වන DGM ලා 14 දෙනයි.
ඇත්ත එලිදරව්වේ යන මරබියෙන් වෙව්ලමින් සිටින මහජන බැංකුවේ DGM ලා 14 දෙනා, සැනසීමට, සන්සුන් කිරීමට, කටේ ඔබන හේමසිරිගේ LOLIPOP එක තමයි, මිලියන 18 ක් වටිනා TOY එක. DGM බබෝ උඹ මේකත් එක්ක සෙල්ලම් කර කර කටවහගෙන නැලවියන්, කට හොල්ලන්න එපා, කියන හේමසිරි සර්පයා, දේශපාලන ක්‍ෂේත‍්‍රයෙන් ඉගෙන ගෙන ඇති දීර්ඝ පාඩම් අනුව, කට වහන ක‍්‍රමෝපාය මෙසේ ක‍්‍රියාත්මක කරමින් සිටී.
මිලියන 18 ක් වටිනා, සුරසැප ඇති කාර් එකක් ලැබුණු විට, මේ DGM 14 දෙනා, ‘‘වෙන ස්වර්ගයක් අපට කුමටද?’’, කියා, මහජන බැංකුව පමණක් නොව, මුළු රටම විනාශ වුනත්, මගේ බොක්ක පිරෙනවා නම් සහ මගේ ගෑනිට සහ මගේ දරුවන්ට, ජනාධිපතියෙකුටවත් නැති, මෙවැනි සුරභවනක් වැනි වාහනයක් තුල ඉදිරි අනාගතය පුරාම ගමන් කරන්නට සැලසූ මේ උත්තම හේමසිරිට, නැවෙමින්, වඳිමින්, පුදමින් තම ආත්මය විකුණා දමන්නට DGM ලා සූදානම් වන බව,මේ අවජාතක අපරාධකාරයා හොඳින් දනී.
තවද, මේ වාහනවල නීත්‍යානුකූල අයිතිය එවේලේම DGM ලාගේ නමට පැවරෙන බැවින්, අවශ්‍ය ඕනෑම මොහොතක එය විකුණා දමා, මිලියන 18 සල්ලි ‘‘ටික’’ සාක්කුවේ දමා ගැනීම වැලැක්වීමට, ශක‍්‍රයාට තියා ශක‍්‍රයාගේ පුතා වයිමාටවත් බැරි වන බවද, DGM ලා දනී. ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන මේ ධන නිධානය උදෙසා ඕනෑම මිනිස් බිල්ලක් පූජාකරන්න DGM ලා සූදානම්ය.
රු. කෝටි 250 ක මුදල හේමසිරියා දෙන්නේ උගේ අම්මාගේ අල්මාරියෙන් අරගෙන නොවේ. මහජන බැංකුවේ සීඝ‍්‍රයෙන් සිඳීගෙන යන, මහජන ගණුදෙනුකරුවන්ගේ තැන්පතු මුදල් වලින්, බැංකුවේ ප‍්‍රාග්ධන ඌණතාවයක් ඇති බව කථාවෙන අතරම, තිබෙන ප‍්‍රාග්ධනය කාණු දිගේ යවන පාදඩ විධායකයන්ගේ කට වැසීම උදෙසාම, ලබාදෙන අල්ලසකි.
මේ ගැන ජනාධිපතිට දැන්වූ විට, ඔහු ඒවා තඹ පයිසෙකටවත් ගණන් නොගන්නා බව අප හොඳින් දන්නේ, ‘‘මහජන බැංකුව ගැන ජනාධිපතිතුමාට ලිපියක්’’ යනුවෙන් අත්සන් තබා 2017 නොවැම්බර් 10 යැවූ අපගේ ලිපියටද එවැනිම ප‍්‍රතිචාරයක් ලැබුණු බැවිනි.ඳුෂණ නාරාවලේ අවුරුදු 3 ක් තෙම්පරාදු වුණ මෛත‍්‍රීපාලට දැන් ඇත්තේ ගඳ සුවඳ නොදැනෙන නහයකි.
ප‍්‍රධාන රාජ්‍ය බැංකු දෙකේම, ඉහළ සිට පහළටම සේවක පිරිස නිහඬ කිරීමට ‘‘අල්ලස් දීම’’ සාර්ථක ලෙස සිදුවෙමින් පවතී. CBEU සංගමයේ රාජ්‍ය වන්දිභට්ට නායකයන් හරහා, සාමුහික ගිවිසුම් මගින්, පහළ ශ්‍රේණිවලට සියයට 20 ක වැඩිවීමක් සහ ඉහළ ශ්‍රේණිවලට සියයට 50 ක වැඩිවීමක් ලඟදීත් ලබාදෙන ලදී. රුපියල් සතවලට පරිවර්තනය කළ විට පහළ ශ්‍රේණිවලට රු.9,000 ක වැඩිවීමක් සහ ඉහළ ශ්‍රේණිවලට රු. 100,000 ක වැඩිවීමක් මේ සේවකයන් ලබා ඇත. දූෂිත උසස්වීම් තුළින් පාලනය තන්ත‍්‍රයේ ආධිපත්‍ය තර කෙරෙන අතර, නිවට වෘත්තිය සමිති නායකයන් සමග එක්ව පැතිර ගිය දූෂණ, මංකොල්ල සහ ගසාකෑම් සියල්ල සඟවනු ලබයි. මේ අනුව, රටේ සිදුවන බලවත් අසාධාරණයන් ඉදිරියේ 29,000 ක් බැංකු සේවකයන් ගොළුවන් ලෙස නිහඬ කරවා තබාගෙන ඉන්නේ, බැංකුවල මුල්‍ය ස්ථාවරත්වය ද තදබල අනතුරට ලක්කරමින්ය.
DGM/ AGM හතලිස් දෙනෙකුට Luxury කෝච්චියේ යාපනයට විනෝද චාරිකාවක් සැප්. 22 / 23 / 24
දින 3 ක FUN එකට වියදම රු. මිලියන 4 යි.!
රෝමය ගින්නෙන් දැවෙද්දී, රාජ්‍ය නායකයා වූ නීරෝ, තම වීනාව වයමින් සිටි බව කියැවේ. මහජන බැංකුව හතර වටින්ම කඩා වැටෙද්දී, පාලක දේශද්‍රෝහීන්ගේ ක‍්‍රියා, නීරෝ ගේ වීනා වාදනය අභිබවා යයි.
DGM/ AGM 40 දෙනා හුරතල් කර, නිහඬ කිරීමේ දැවැන්ත අල්ලස් ක‍්‍රමෝපාය යටතේ, Service Banking Unit නමැති වීදුරු කඩ කාමරයක් යාපනේ නගරයේ විවෘත කිරීම සඳහා, වෙනදා මෙවැනි අවස්ථාවලට එක් නිලධාරියෙකු පමණක් යැවූ නමුත්, මෙවර යාපනයට දින 3 ක සංචාරයක් සහිත Viceroy නමැති සුඛෝපභෝගී සංචාරක දුම්රිය විශේෂ ගමනක යොදවා නමැති සුඛෝපභෝගී සංචාරක දුම්රිය විශේෂ ගමනක යොදවා DGM/ AGM ලා 40 දෙනෙකුට දින 3 ක FUN එකක් ලබාදීමට දූෂණයේ ඔටුනු පලන් සක්විති, හේමසිරි ප‍්‍රනාන්දු කටයුතු යොදා තිබේ.
බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක් වන්නේ, මුලදී හේමසිරිත්, දැන් ඔහුගේ පුතා වන පවිත‍්‍ර ප‍්‍රනාන්දුත් අධ්‍යක්‍ෂධූර දරණ JF TOURS & TRAVELS සමාගමත්, දුම්රිය දෙපාර්තමේන්තුවත් අතර ඇති ව්‍යාපාර ගණුදෙනු වලදී රුපියල් මිලියන 460 ක වංචාවක් සිදුවී ඇති බවට පැමිණිල්ලක් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට ලැබී ඇති බවත්, ඒ ගැන ක‍්‍රියාකිරීමට සහ පරීක්‍ෂණයක් පැවැත්වීමට සුදුසු බව දක්වමින්, අල්ලස් හා දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ සභාපති, ජනාධිපති නීතිඥ සරත් විජයමාන්න මහතාට, 2017-06-09 වන දින ලිපි ගොනුව, පොලිස්පති විසින් යවා ඇති අතර, මේ ගැන විමර්ෂණයක්ද දැන් ආරම්භ වී තිබීම ගැනයි.
විගණකාධිපති ද මේ ගැන පරීක්‍ෂණයක් පැවැත්වූ අතර, රුපියල් 33,800,000 ක වංචාවක් එහිදී අනාවරණය කරගෙන ඇත. මේ මුදලින් කොටසක් හේමසිරි ප‍්‍රනාන්දුගේ අදාල සමාගම විසින් පසුව ගෙවා දමා ඇත.
හේමසිරිගේ වංචා, දූෂණ වාර්තාව මිනිසෙකුගේ මහ බඩවැල වැනි දඟරගැසී ඇති එහෙත් දීර්ඝ එකකි. ඒවා වෙන වෙනම සාකච්ඡුා කළ යුතුව ඇත. ඔලිම්පික් කමිටුව, ටෙලිකොම්, දුම්රිය, දිගේ මේ විනාශකාරී උරුලෑවාගේ ගමන් මග මහජන බැංකුව හරහා දැන් ජනාධිපති කාර්යාලය දක්වා දුර ගමනක් ඇවිත් ඇත.
තම පැටිකිරිය වසාගෙන, මහජන බැංකුව ඇතුලෙන් ඔහුට විරුද්ධව නැගෙන විරෝධයද හීන් කෙඳිරියක් ලෙසටවත් පිටවන්නට ඉඩ නොදීම සඳහා, Carrot and the stick උපක‍්‍රමය මෙතෙක් ඔහු පාවිච්චි කර ඇතත්, කවදා හෝ දිනෙක පෙර සිටි ජනාධිපති මාණ්ඩලික ප‍්‍රධානීන් වූ මහජන බැංකුවේ ද සභාපති වූ ගාමිණී සෙනරත් සහ ලලිත් වීරතුංග ටද සිදුවූවා මෙන්, ජම්පර් ඇඳගෙන හිරබත් කන කාලය සමහර විට වයස 70 න් ඔබ්බට ඇති මහලූ කාලයේ දි වූවද ඔහුට කර්ම ඵලය ලෙස නෙලාගැනීමට හැකි බව අප කියමු.
හෙජින් හොරකමට මහජන බැංකුව ඈඳාගත් වසන්ත කුමාර් සහ කපිල ආරියරත්න, අජිත් නිවාඞ් කබ්රාල්ගේ ගෝලයේ දෙදෙනෙක් වන අතර ඒ නිසා වසන්ත කුමාර් මහජන බැකුවේත් කපිල ආරියරත්න සෙලාන් බැංකුවේත් G.M. කම් ලබාගෙන මෙතෙක් රැඳී සිටීමෙන් පැහැදිලි වන්නේ පරණ Financial මාෆියාව තවමත් ශක්තිමත් බවයි.
හොර උසස්වීම් නිසා මුළු බැංකුවම රත්වෙයි.
මහජන බැංකුවේ අනුමත උසස්වීමේ ක‍්‍රියා පටිපාටිය වනුයේ, සේවක චක‍්‍රලේඛ අංක 300/99 ලේඛනයයි.
එහි ප‍්‍රතිපාදන උල්ලංඝනය කරමින් සම්මුඛ පරීක්‍ෂණවලදී සෑම අයදුම්කරුවෙකු හිමිකරගත් සැබෑ ලකුණු සංඛ්‍යාව, වසන්ත කුමාර්ගේ හොර කමිටුවකට යොමුකර, රහසිගතව ඔහුට රිසි පරිදි, ලකුණු එහෙ මෙහෙ කිරීමේ වංචනික මෙහෙයුමකට ලක්කර තිබේ. මේ ඳූෂණ ක‍්‍රියාව මෙහෙයවන්නේ වසන්ත කුමාර් සහ බොනිපස් සිල්වාය. ලැබිය යුතු පුද්ගලයන්ට උසස්වීම් නොලැබී පය ලෙව කන පිරිමි පක්කලියන්ට සහ ජංගිය ගැලවීමට කැමැත්ත පලකල ගැහැණුන්ට උසස්වීම් ලබාදීම නිසා මහජන බැංකුව තුළ දැන් කුණාටුවක් බඳු කැළඹිල්ලක් හට ගෙන තිබේ.
උසස් වීම් නොලැබිය යුතු පුද්ගලයන් අතර, මේ අයද වෙයි. රන්ජන් සේනානායකගේ බිරිඳ වන AMVDL අධිකාරී (RM), නිපුනිකා විජේරත්න DGM , රෝෂිනී විජේරත්න DGM, ජයන්ති කුරුකුලසූරිය DGM,කේ. එස්. ආර්. එස්. ලොකුකාලගේ AGM, ධම්මිකා දිසානායක AGM යන කාන්තාවන් සහ පයිසාල් මොහොමඞ්, රොහාන් පතිරගේ, ටී. ආර්. එස්. ජයතිස්ස, එස්, ගලප්පත්ති. මෙම ලැයිස්තුව ඉතා දිගය.
මේ අතරතුර, මේ නිසාම සුදුස්සන්ට, එම සංඛ්‍යාවටම, උසස් වීම් අහිමි වී ඇත.
මේ ගැන සම්පූර්ණ ලැයිස්තුව සහ විග‍්‍රහය පසුවට
මහජන බැංකුවේ සේව්‍ය සේවක සම්බන්ධතාවය මුළුමනින්ම බිඳ දමා ඇති බැවින්, සහ කිසිත් ගැටළු විසඳීමේ යාන්ත‍්‍රණයක් නොමැති බැවින්, මෙම ගිනිගෙන දැවෙන ප‍්‍රශ්නයට බැංකුව ඇතුලින් විසඳුමක් ගැනීමට නොහැකි බැවින්, වින්දිත සේවකයන් දැන් පිටතින් පිහිටක් අයැදමින් මානව අයිතිවාසිකම් කොමිසමටත්, ශ්‍රේෂ්ඨාධිකරණයටත් පෙත්සම් ඉදිරිපත් කිරීමට, තට්ට තනියම හෝ කිහිපදෙනෙක් එකතු වී හෝ දුක්ගැනවිල්ලට පිලියම් සොයමින් සිටී. මේ දෙකම බැරි අය, කාලි මෑණියන්ගේ දෙවොලට ගොස් සභාපතියා සහ සාමාන්‍යාධිකාරීවරයා මකබෑ වෙනලෙස කන්නලව් කරමින් පොල් ගසති. මිරිස් අඹරති. දෙස් දෙවොල් කියති.
ගැඹුරින් කල්පනා කර බලන විට සේවකයන් 8000 ක් සහ ශාඛා 738 කින් දිවයින පුරා බැංකු සේවා පවත්වාගෙන යමින්, විවිධ වෘත්තීය දුෂ්කරතා මධ්‍යයේ තම රාජකාරිය ඉටුකර, බැංකුවට ලාබ උපදවාදෙන ශ‍්‍රමිකයන්ට මේ පාදඩ පාලකයන් දෙපළ අත්කර දී ඇති ඉරණම ශෝචනීය වේ.
| මහජන බැංකුව විනාශ කල පුද්ගලයන්ගේ සම්පූර්ණ වාර්තාව කියවන්න. පිවිසෙන්න අපේ වෙබ් අඩවියට Archives යටතේ සොයන්න. ‘‘මහජන බැංකුව ගැන ජනාධිපති තුමාට ලිපියක්’’ |
ශ‍්‍රී ලංකා මහ බැංකුව සහ එහි අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි.ශ‍්‍රී ලංකාවේ මුල්‍ය ක්‍ෂේත‍්‍රය අධීක්‍ෂණය සහ පාලනය කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවට නිශ්චිත බලතල පවරා තිබේ. එමෙන්ම, සියලූම වාණිජ බැංකු පිළිපැදිය යුතු සීමා රාමුවක් මහ බැංකුව නිකුත් කර ඇත. එය නම්, Directions, Determinations & Circulars issued to Licensed Commercial Banks නමැති චක‍්‍රලේඛය / අත්පොතේ සඳහන් දෑය. (see C. B. Website) එහෙත්, අද වන විට මුල්‍ය ක්‍ෂේත‍්‍රයේ අතිශයින්ම බරපතල අර්බුද 3 ක් වන්නේ, පෙර වකවානුවේදී මෙන්ම, 2015 න් පසු ද මුල්‍ය සමාගම් කඩා වැටෙමින් තිබේ. Entrust Securities සහ ETI සමාගම් කඩා වැටීම නිසා, වංචා කරන ලද මුදල් ප‍්‍රමාණය රුපියල් බිලියන 12 කි. තැන්පතුකරුවන් 50,000 ක් පමණ බංකොලොත් වී, පාරේ උද්ඝෝෂණය කරති.EPF අර්ථ සාධක අරමුදල මේ තුලින්ද මංකොල්ල කා ඇත. අද, උතුරු නැගෙනහිර පලාත්වල ජාතික ප‍්‍රශ්ණයක් වී, කාන්තාවන් සියදිවි නසා ගැනෙන හේතුවක් වී ඇත්තේ Micro Finance සමාගම් වල ගසාකෑමයි. රාජ්‍ය බැංකු දෙකම නිම නොවන මංකෙල්ලයකට ලක්කර ඇති අතර, ඒවායේ ගිණුම් වාර්තා සියල්ලම ව්‍යාජ ලෙස සකස් කරනු ලබයි. ගණකාධිකරණ රීති සහ පිළිගත් සම්මුතීන් කෙලෙසා, සරුවපිත්තල සැරසිලි අන්දවා, ව්‍යාජ ගිණුම් වාර්තා ඉදිරිපත් කර, සම්මාන පිට සම්මාන ලබන රාජ්‍ය බැංකු දෙක, මදය නැති, බොල් පිළිම දෙකකි. මේ කාරණා 3 ගැන, ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නමැති රූකඩ පඹයාගේ, රාජකාරිය පැහැර හැරීම, ඔහුගේ ව්‍යාජ, බොරු Foreign Accent එකෙන් වසා ගැනීමට නොහැකිය. දැවැන්ත වංචාවක් කර ඇමරිකාවේ වසර 11 ක දැන් හිරබත් කන, ගැලියන් ව්‍යාපාරයේ Raj Rajaratnam ගේ සමාගමේ විශේෂ උපදේශකයෙකු ලෙස කි‍්‍රයාකල කුමාරස්වාමිගේ අතීත වාර්තාවේද තඩි කළු පැල්ලමක් තිබේ. මොහු හෙලූවැල්ලෙන් නටන, තවත් එක රජයේ පඹයෙකි. මොහුගේ වෘත්තීය සුදුසුකම් හෝ Academic පසුබිම මේ රටට පයිසෙයක්වත් තරම්වත් වටින්නේ නැත. ඔහු ගෞරවනීය පුද්ගලයෙක් නම්, වෘත්තිකයෙක් නම්, ඔහුට දැන් අත්කර දී ඇති ඉරණම වන, දේශපාලන පිම්පියෙකුගේ තනතුරෙන් මිදී, තම ආත්ම ගෞරවය රැකගෙන, අස් වී යෑමයි. ඔහු තනතුරේ රැඳී සිටිමින්, ඔහුට පවරා ඇති රටේ මූල්‍ය ක්‍ෂේත‍්‍රයන් නියාමනය කරනවා වෙනුවට, පාලක හාම්පුතුන්ට චරිත සහතික ලබාදෙමින් කරන්නේ, මේ රටට සහ මේ කිසිවක් නොතේරෙන රටේ සාමාන්‍ය ජනාතාවට, බලවත් ද්‍රෝහීකමකි.
|
Leave a Reply