මහජන කෝපය, හේමසිරි සර්පයාගේ බෙල්ල අඹරයි!

ගැරඬි කුණක් ලෙස හේමසිරි දොට්ට විසිවෙයි!

 

දිට්ඨ ධම්මවේදනීය කර්ම යනු ගෞතම බුදුන් පැනවූ ප‍්‍රතිපදාවක් නොවේ. එය ස්වභාවික න්‍යාය ධර්මයකි. මෙවැනි ධර්මතා කිහිපයක්ම විශ්වය තුළ ක‍්‍රියාත්මක වන බව වදාල සිද්ධාර්ථ ගෞතම බුදුුන්, බුදුුවරු හිටියත් නැතත්, යම් ස්වභාව ධර්මයේ න්‍යායයන් ගණනාවක් විශ්වය තුළ ක‍්‍රියාත්මක වන බව උගැන්වූයේය. ඒවා අතුරින් තවත් අතිශයිනම් වැදගත් වන විශ්ව ධර්මයක් වන්නේ, පටිච්ච සම්මුපාද න්‍යාය ධර්මයයි. එනම්, හේතුන් සමූහයක් යම් සුවිශේෂී වූ ආකාරයකට සකස් වී එකතු වූවිට, තව යම් දෙයක්, අළුතින් බිහවන බවයි. මෙහි නිවැරදි ඉංග‍්‍රීසි අනුවාදය වන්නේ, Conditioned Co-genesis යන්නයි. බුදුවරු සිටියත්, නැතත් මේ විශ්ව ධර්මය non-stop ක‍්‍රියාත්මකයි.

හේමසිරි ප‍්‍රනාන්දු ගැරඬි කුණක් ලෙස බලයෙන් දොට්ට විසිවීම දිට්ට ධම්මවේදනීය කර්මය ක‍්‍රියාත්මක වීමකි.

 

2018 සැප්තැම්බර් 25 වන දා අප අපගේ වෙබ් අඩවිය වන www.pahantemba.lk මගින් පළවූ ලිපියේ ‘‘ජනාධිපති සර්පයෙක්ව උකුලට ගනී!’’ යන ශීර්ෂය යටතේ ලිපි පල කළේ හේමසිරි ප‍්‍රනාන්දු මහජන බැංකුවේ සභාපති ධුරය දරද්දීම, මෛත‍්‍රීපාල සිරිසේන, හේමසිරි තමාගේ මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස පත්කළ දිනයේය. ටික දිනකට පසු හේමසිරි BOI හෙවත් ජාතික ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙසත්, ඉන් පසුව, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙසත්, පත්කළ විට, ගෙම්බා ළගදීම පිම්බී පිපුරුණ බව, දේශපාලන නිරීික්‍ෂකයන් මත පල කළහ. සති කිහිපයකට හෝ හේමසිරි ප‍්‍රනාන්දු මේ ප‍්‍රධාන තනතුරු හතරම එකවර දැරීය.

මීටත් වඩා හොඳ වාර්තාවක් තැබූ ගාමිණී සෙනරත් ළගදී සති කිහිපයක් වැලිකඩ හිරබත් කා, දැන් ඉතා කුඩා වංචා නඩුවකට උසාවියේ පෙනීසිටී. රාජපක්‍ෂ රෙජිමය ඔහු ජනාධිපති මාණ්ඩලකි ප‍්‍රධානී, මහජන බැංකුවේ සභාපති සහ තවත් ලිට්රෝ ගෑස් ඇතුළු රාජ්‍ය සංස්ථා ගණනාවක සභාපති ධුරය එකවර පිරිිනැමීය. ගාමිණී සෙනරත් විසින් මංකොල්ල කන ලද රාජ්‍ය ධනය පිළිබඳ විමර්ශණ කර ඇත්තේ කිහිපයක් පමණි. ඔහු රාජපක්‍ෂ රෙජිමයේ ප‍්‍රධාන පෙලේ මංකොල්ලකරුවෙකි.

තවත් පුද්ගලයෙකු සිටී. එනම් මනෝ තිත්තවැල්ලය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති සමයේ, IMF/ World Bank ගිවිසුම් සමඟම, මහජන බැංකුවේ සභාපති ලෙස මනෝ තිත්තවැල්ල පත්කළ අතර, මහජන බැංකුවේ ලාභ උපයන කොටස් කඩා, සමාගම් වලට භාරදෙන ලදී. මෙහි සියලූ විස්තර මෙහි සඳහන් කිරීම අසීරුය. 2018-06-20 දින අපගේ පුවත්පත වන සත්‍යයේ රණහඬ – පහන්ටැඹ පුවත්පතේ පිටු 6 ක දීර්ඝ විස්තරයක් මේ ගැන ලියා ඇත. මනෝ තිත්තවැල්ල BOI ආයෝජන මණ්ඩලයේ, PERC රාජ්‍ය ආයතන ප‍්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති තනතුරු දරමින්, එම රජයේ දෙවැනි බලවතා වූයේය. ඔහු චරිත රත්වත්තගේ First Cousin කාන්තාවක් සමග විවාහ වී සිටින බැවින්, රත්වත්ත පවුලේම කෙනෙකි. ජාතික ධනය මංකොල්ල කෑ ප‍්‍රධාන පෙලේ පුද්ගලයෙකු වන මනෝ තිත්තවැල්ල, චන්ද්‍රිකාගේ පරාජයත් සමග ඕස්ට්‍රේලියාවට පලා ගියේය.

2015 ජනවාරි 8 න් පසු, ‘‘දැන් මා මහළු වියේ’’ පසුවන චන්ද්‍රිකාට යම් බලයක් රජය තුළ හිමිවීමත් සමග ඕස්ටේ‍්‍රලියාවේ සිට ලංකාවට පෙරලා පැමිණි මනෝ තිත්තවැල්ල, මහළු කාන්තාවගේ පිහිටෙන්, නැවතත් ප‍්‍රධාන තනතුරු 2 ක් ලබාගෙන ඇත. ඔහු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙශ්ඨ උපදේශක, සහ ජාතික සංහිඳියාව කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුර දරයි. මේ අතරතුර අනාවරණය වූයේ ස්වර්ණවාහිනී සමූහ ව්‍යාපාරයේ මුල්‍ය කළමනාකරණයේ ප‍්‍රධානියා ලෙස ඔහු කටයුතු කළ බවත්, එම සමූහ ව්‍යාපාරය බංකොලොත් කරන ලද්දේ ඔහු විසින් බවය. තැන්පත්කරුවන් 60,000 ක් පමණ තිත්ත වැල්ලගේ කැවුත්ත ඉල්ලා දැන් මහ පාරේ උද්ඝෝෂණය කරණ අතර, තව නොබෝ දිනකින් හේමසිරිට සහ ගාමිණී සෙනරත්ට අත් වූ ඉරණම, තිත්තවැල්ලටද අත්වීමටත්, දිට්ඨ ධම්මවේදනීය කර්ම න්‍යාය අනුව ඉඩ ඇත.

 

හේමසිරිගේ අවසාන ජවනිකාව – ප‍්‍රකෝපකාරී වූ ජනතා මතය ඉදිරියේ රනිල් / මහින්ද දෙදෙනාම හොල්මන් වෙයි.

කොච්චිකඬේ පල්ලියේ බෝම්බ පිපීරීමෙන් පසු සුළු වේලාවකට එහි ගිය හේමසිරි ප‍්‍රනාන්දු, එයින් පිටතට එද්දී විදේශීය ප‍්‍රවීන මාධ්‍යවේදියෙක් ඔහුගෙන් අසන ලද වැදගත්, වටිනා ප‍්‍රශ්නවලට ඉමහත් උජාරු ලීලාවෙන් ජනාධිපතිවරයෙකුවාගේ පළිතුරු දුන් හේමසිරිගේ, එම මහජන රංගනය, ඔහුගේ අවසාන රංගනය විය. ක‍්‍රිස්තියානි පල්ලිවලට ආරක්‍ෂාව සැපයිය නොහැකි බව පැවසූ ඔහු අනාගතයේ දී වුවද සංචාරක හෝටල් වලටද ආරක්‍ෂාව සැපයිය නොහැකි බව නශ්චිතවම ප‍්‍රකාශ කළ හේමසිරි දුන් අනිත් පිළිතුරු, මොහු ඔළුව ඉදිමිච්ච මීහරකෙක් බව මුළු ලෝකයාටම ප‍්‍රදර්ශනය කළේය. මූ දීර්ඝ කාලීන හොරෙක් බවත්, තක්කඩියෙක්, වංචාකාරයෙක් බව මුළු රටම දැන සිටි නමුත්, මේ තරම් ඉක්මනට විනාශ වේ යැයි කිසිවෙක් නොසිතු නමුත්, රටේ වාසනාවට, බලයෙන් උමතුව සිටි මේ අධිපතිවාදී නරුමයා, කට ඇර, තමාගේම වල කපාගත් බව පෙනේ. රජා බල්ලෙකු වන්නට ගත වන්නේ මිනිත්තු කිහිපයකි. මිනිත්තු 10 කින් හේමසිරියා ගැරඬි කුණක් බවට පත් වී, පැය 24 කින් සියළු බලතනතුරු වලින විසිවුනේය.

එහෙත් මේ කතාව ඉවර වන්නේ නැත. ඊයේ (2019-04-24) බේරුවල උත්සවයක දී කුමාර වෙල්ගම මහතා නලින්ද ජයතිස්ස JVP සහ බාකීර් මාකර් හිටපු ඇමති ඉදිරියේදී මාධ්‍යවේදීන්ට කියා සිටියේ, ඉන්දීය ඔත්තු සේවය 6 වරක් දුන් තොරතුරු නොතකා හැරීම ගැන තොරතුරු පලකිරීමට තමාට බයක් ඇති බවය. කුමාර වෙල්ගම කියා සිටින්නේ, සත්‍ය තමන් දන්නා නමුත්, මරණ බිය නිසා, එය හෙලිකරන්නට නොහැකි බවයි.

ඔහු කියන්නා වූ මෙම සුවිශේෂ කරුණ ගැන, දැනටමත් දේශීය මෙන්ම විදේශීය ඔත්තු සේවා වල අවධානය සහ විමසිල්ල ලක් වී ඇති අතර, සත්‍ය Classified information යටතේ එළිකළ නොහැකි රහස් වර්ගයට වැටෙන නිසා, මහජනතාවට ඇත්ත දැනගන්නට නොහැකි වනු ඇත. එහෙත් ඒ ඇත්ත අනුමාන කළ හැක.

‘‘අප හිතුවේ නෑ, මේ ප‍්‍රහාරය මෙතරම් දරුණු වෙයි කියලා’’ යන රාජ්‍ය ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ප‍්‍රකාශය පිටුපස, විශාල  ගුප්ත අරමුණු රැසක් ගැබ්ව තිබේ. සමහර විට නොනිල වශයෙන්, මෙම බළලා, මල්ලෙන් එළියට පනිනන්ටද බැරි නැත.

කතෝලික පල්ලිවලට දේවමෙහෙය පවත්වත්දී ම පහරදීමේ ත‍්‍රස්ත සිද්ධියේ දී අතිශයින්ම වැදගත් කාරණය වූයේ, ඉන්දියාව විසින් අප‍්‍රියෙල් 4 වන දා සිට 6 වතාවක්ම සහ දේව මෙහෙයන්ට පහර දෙනු ඇති බවට විනාඩි 10 කට කලිනුත් අනතුරු ඇඟවීම් කර තිබියදීත්, ආරක්‍ෂක ලේකම් වූ හේමසිරි ප‍්‍රනාන්දුව මේ සියල් දැනුවත් කර තිබියදීත්, ඔහු කිසිත් ප‍්‍රතික‍්‍රියාවක් හෝ අඩුම වශයෙන් කතෝලික බැතිමතුන්ගේ ජීවිත රැකගැනීමට ප‍්‍රමාද වී හෝ උත්සහයක් ගෙන නොතිබීමයි. මෙය චේතනාන්විතව, සැලසුමක් අනුව කළ ‘‘අතපසුවීමක්ද’’ යන බලවත් සැකය ඉස්මතු වන්නේ, කුමාර වෙල්ගම බේරුවලදී කළ ප‍්‍රකාශයත් සමඟය. හේමසිරි ප්‍රනන්දුගේ මේ අමානුශික අතපසු කිරීම, අහිංසක මිනිස් ජීවිත විශාල ප‍්‍රමාණයක් අහිමි කිරීමට පාදක විය.

එහෙත්, රනිල් වික‍්‍රමසිංහ ඇතුළු වෙනත් UNP ප‍්‍රධාන නායකයින් කිසිවෙක්වත්, මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ වාචාල ලුම්පන් මැර මන්ත්‍රීවරුන්වත්, සම්බන්දන්, සුමන්තිරන් ඇතුළු දෙමළ නියෝජිතයන්වත් (අද වනතුරු 27/04/2019) හේමසිරි ප‍්‍රනාන්දු නම් කර කිසිත් දැවැන්ත ප‍්‍රහාරයක් ඔහුගේ ක‍්‍රියාකලාපය ගැන එල්ල කළේම නැත. බෙහෙවින් කියැවුනේ ‘‘ආරක්‍ෂක ලේකම්’’ හෝ ‘‘අතපසුවීම්’’ Lapses ගැන පමණි. මෙම තත්වයට විශාල පසුබිමක් තිබේ. හේමසිරි යනු අර්ජුන ඇලෝසියස් වැනිම, ජීවිත කාලයක් රාජ්‍ය ධනය මංකොල්ල කා එකතු කරගත් ධනය, අල්ලස් සහ සන්තෝෂම් හතර වටේට බෙදාදුන් දේශද්‍රෝහි ඉතිහාසයක් ඇති, කුඩු ජාවාරම් සහ පාතාල මැර කණ්ඩායම් සමග සමීප ගණුදෙනු ඇති God Father වැනි මාපියා චරිතයකි.

රාවය පුවත්පතත්, වික්ටර් අයිවන් සහ ටිරන් කුමාර බංගආරච්චි යන දෙදෙනාමත්, මහාචාර්ය සරත් විජේසූරියද, හේමසිරි ප‍්‍රනාන්දුගේ ජරාව මත යැපෙන අතර, හේමසිරිට විරුද්ධව ඔවුන් ප‍්‍රසිද්ධියේ විවේචනයක් කර නැත. මහජන බැංකුවේ සිදුවෙමින් පවතින මුදල් මංකොල්ල කෑම්, දුෂණ, වංචා හොරකම් ගැන ලියවිලි සහ වටිනා තොරතුරු වික්ටර් අයිවන්ට මෙන්ම මහාචාර්ය සරත් විජේසූරියටද සපයා ඇති අතර, ඒවා ප‍්‍රසිද්ධියට පත් කරනවා වෙනුවට මොවුන් දෙදෙනාම කළේ එකම දෙයකි. මහජන බැංකුවේ පැවැත්වූ විශාල උත්සව වලට ප‍්‍රධාන අමුත්තා ලෙස වෙන වෙනම වික්ටර් අයිවන් මෙන්ම සරත් විජේසූරිය ද කැඳවා මල්මාලා පළඳවා පඩුරු පාක්කුඩම් දී, හේමසිරිගේ ගුණ වර්ණනාව මේ දෙදෙනාම ගායනා කළහ. ඇත්තටම මෙවැනි රටක් තවත් ඇත්ද?

මෙවැනි සන්දර්භයක් තුළ, විජේදාස රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත්, විශෙෂ්යෙන්ම ජනාධිපතිට ලිපියක් ලියා, හේමසිරි ප‍්‍රනාන්දුට දැඩි චෝදනා සෘජුවම එල්ල කොට, දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 සහ 297 වගන්ති සමඟ, අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 21 වන වගන්තිය එකට ගෙන කියවා, හිතාමතා මිනීමැරුම් කිරීමට ඉඩදීම යන චෝදනා මත හේමසිරි ප‍්‍රනාන්දු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටීම. අතිශයින්ම වැදගත් වූ කාරණයකි.

විජේදාස රාජපක්ෂගේ දේශපාලන ක‍්‍රියාකාරකම් සහ ප‍්‍රකාශනවල ඇති බලවත් පරස්පරතාවයන් සහ නොගැලපීම් දන්නා අය, ඔහු සෘජු නොවන, අවංක නොවන පුද්ගලයෙකු බව දන්නා නමත්, ඔහුගේ මේ යුක්තිය සහ නීතිය වෙනුවෙන් කරන ඉලල්මී, නිවැරදි සහ උචිත ඉල්ලීමක් බව පිළිගන්නට සිදුවේ.

යුක්තිය ඉල්ලා හඬන, වැලපෙන හඬවල් වල දෝංකාරය රට පුරාම රැව්දේ. එහෙත් ශ‍්‍රී ලංකාව යනු සුනඛයන්ගේ දේශයයි. මෙය කිසිසේත්ම ගෞතම බුදුුන්ගේ බුද්ධ රාජ්‍ය නම් නොවේ. මෙය සුනඛයන්ගේ දේශයයි.

මේ රටේ දේශපාලන රොත්ත, අර්ජුන් ඇලෝසියස්ගේ Criminal පවුල බේරාගත් ආකාරයටම, හේමසිරි ප‍්‍රනාන්දුට සම්පූර්ණ රැකවරණය UNP, SLFP පොහොට්ටු සහ අනිකුන්ද ලබාදෙනු ඇති අතර, මීළග පියවර ලෙස, හේමසිරිට තානාපති තනතුරක් පිරිනමා විදේශයක සැප විඳින්නට සැලැස්සුවහොත්, එය ශ‍්‍රී ලාංකික දේශපාලන සංස්කෘතියට මනාව ගැලපෙන ක‍්‍රියාවක් වනු ඇත.

(මෙම වෙබ් අඩවිය තුළ මහජන බැංකුවේ වංචා දුෂණ ගැන ලිපි 30 ක්, (සිංහල සහ ඉංග‍්‍රීසි බසින් ලියැවුන) අනත්ර්ගතය.Archives යටතේ බලන්න.)

 

Author

admin

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *