අඵත්ගම/බේරුවල මුස්ලිම් ජනතාවට එරෙහිව දියත් කරණ ලද ප්රචණ්ඩත්වයට දැනට වසර 3 ක් සපිරෙයි
මෙම ප්රචණ්ඩත්වය දියත්වුනේ පසුගිය රජය සමයේ වන අතර එම බරපතල සිද්ධීන් මුඵමනින්ම වසන් කරන්නට එවකට රජය ගත් උත්සාහයන්ට මුස්ලිම් දේශපාලන නායකයන් පූර්ණ සහයෝගය දැක්වීම ඛේදවාචකයකි. මුස්ලිම් ජනතාව පාවාදී පාලක පැලැන්තියේ හොද හිත දිනා ගැනීම, තමන්ගේ අනාගත පැවැත්මට වඩා වාසිදායක වන බැව් තක්සේරු කල මේ නින්දිත මුස්ලිම් නායකයන්, මරුමුවට, පහරකෑමට, මංකොල්ලයට සහ දේපල ගිනි තැබීමට ලක් වූ අසරණයන් පාවා දුන්හ.
අද වනතුරු කිසිත් පිලිසරණක්, සාධාරණ පිලියමක් ඔවුන්ට ලැබී නොමැත.
අඵත් සිද්ධීන්
යහපාලන රජය යටතේද, වැඩි ප්රචාරයක් නොලබමින් මුස්ලිම් ජාතිකයන්ට එරෙහි ප්රචණ්ඩ කි්රයා නැවත ඇතිවී තිබෙන බැව් පොලිසියද සිය වාර්තා වලින් එලි දක්වා තිබේ. දිවයින පුරා මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගත් ප්රචණ්ඩ සිද්ධීන් 16ක් පොලිසිය වාර්තා කර ඇති අතර, මුස්ලිම් සංවිධාන විසින් එවැනි සිදුවීම් 30ක් දැනට සිදුවී ඇති බව කියා සිටිති.
ඊනියා යහපාලන රජය විසින්, පැහැදිලි කි්රයාමාර්ග හෝ මෙම ප්රචණ්ඩත්වයට එරෙහිව ප්රකාශයක් නොකරන බැවින්, නැවත වරක් මුස්ලිම් ජනතාව අතර, සැකය, බිය, අවිනිශ්චිතභාවය සහ තදබල කලකිරීම ඇති වෙමින් පවතී. යහපාලන රජයේ ඉක්මන් අවසානය මේ සිදිධීන් කරණ කොට ගෙන තවත් වේගවත් කරයි. යහපත්, සාමකාමී රටක් ගොඩනැගීමේ පොදු ජන සිහිනය බොද වෙමින් පවතී.
වසර 3කට පෙර මුස්ලිම් ජාතීන්ට එරෙහිව ප්රචණ්ඩත්වය දිග හැරුනේ 2014 ජුනි මාසයේදීය. අප මේ ගැන අපගේ පාඨකයන්ට විස්තරාත්මක දැනුම් දීමක් ඒ දිනවල කෙරුවෙමු.
එම පුවත්පතේ අප පල කල ලිපි, එලෙසම අප මෙහි පලකරන්නේ, මේ අසාධාරණයට එරෙහිවී, අතීතය ද ආවර්ජනය කිරීමටයි.
01st August 2014
2014 කළු ජූනිය
අළුත්ගම අවට මුස්ලිම් ජනතාවට සැලසුම් කර පහරදිම
2014 ජුනි මස මැද, අළුත්ගම අවට වෙසෙන මුස්ලිම් පුරවැසියන්ට එරෙහිව පෙර සැලසුම් කරන ලද, අවිගත් සංවිධානාත්මක මැරයන් විසින් දියත්කරන ලද ප්රහාරය සහ එය පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සිටියදීම සිදුවීම බැංකු සේවක ස්වාධීන කවය තරයේ හෙලා දකී.
මෙම සිද්ධීන් පිළිබඳ සියලූ පැතිකඩ සහිත වාර්තා, ඒවා සිදු වී පැය කිහිපයක් යන්නටත් මත්තෙන්, මුළු ලොවටම, විද්යුත් මාධ්යයන් හරහා ප්රචාරය කරන ලද අතර, මෙම සිද්ධීන්ට නායකත්වය දුන් ප්රධාන බෞද්ධ භික්ෂුවගේ ප්රකෝපකාරී දේශනය මුළුමනින්ම, විවිධ භාෂාවලට පරිවර්තනය කර පෙන්වන ලද නමුත්, බලවත් ලෙස විමතියට පත්ව සිටි ශී්ර ලාංකික ජනතාවට මේ අතිශයින්ම ඛේදනීය වු බියකරු සිද්ධීන්වල පරිමානය දැන ගැනීමට, සති කිහිපයක් යනතුරුම නොහැකිවුයේ, රජය විසින් ගෙන යන, සත්ය තොරතුරු විකාශණය වලක්වන මාධ්ය මර්ධනය නිසාවෙනි.
අතිශයින්ම ප්රහේලිකා සහගත මෙම සිද්ධීන්වල කොටස් එකතුකර සම්පුර්ණ විත්රය වටහා ගැනීමට දැන් හැකියාව ඇති අතර, ‘ජනවාර්ගික ප්රචණ්ඩත්වයක්’ ලෙස හංවඩු ගැසුනු මේ සිද්ධීන් උත්පාදනය වූයේ කේසේද යන්න හෙළිදරව් වී ඇත.
අළුත්ගම සිදුවූ සිද්ධිදාමය එහි මුල් අදියරේදි කිසිසේත්ම ‘ජනවාර්ගික ප්රචණ්ඩත්වයක්’ නොවු බව දැන් මුළු රටම සහ මුළු ලොවම දනී. එය සැලසුම් සහගතව, හොඳින් මෙහෙය වන ලද මුස්ලිම්වරුන් මත මුදා හැරුනු හදිසි ප්රහාරයක් (Surprise attack) නොවූ අතර, ජිවිත හානි කරනවාට වඩා ඉලක්ක කර ඇත්තේ මුස්ලිම්වරුන්ගේ ගෙවල් මෙන්ම ව්යාපාරික ස්ථාන ගිනි තැබිම සහ කඩා බිඳ දැමීම බව පැහැදිලිය. මෙය සිදු කරන ලද්දේ පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ පූර්ණ ආරක්ෂාව යටතේ සංවිධානය වූ පිරිසක් විසිනි.
ප්රහාරවල දෙවෙනි අදියරේදී, එම පළාතේ වෙසෙන අපරාධකරුවන් සහ සමාජයේ පාදඩ කොටස්, මංකොල්ලකෑමේ කොටස්කරුවන් බවට පත්වුහ.
1983 දි දෙමළ ජනතාවට එරෙහිව දියත්කරන ලද කළු ජුලියේදී ද, එහි ප්රථම අදියරේදී, එය ආරම්භකරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ පැසිස්ට් මැර සංවිධානයක් වු ජාතික සේවක සංගමය විසින් වු අතර, යුද්ධ හමුදාවේ භටයන්ද, සිවිල් ඇදුමින් සැරසි මේ ප්රහාරයන්ට දායක විය. ජාතික සේවක සංගමයේ නායකයා වු සිරිල් මැතිව් වැන්නවුන් විසින් මෙම ප්රචණ්ඩත්වය මෙහෙය වන ලද අතර, දෙවැනි අදියරේදි, එය දිප ව්යාප්ත දෙමළ සංහාරයක් බවට පත්විය. මෙහි වැළැක්විය නොහැකි ප්රතිඵලය වු දෙමළ සටන්කාමීත්වය වර්ධනය විම නිසා ඇති වුන දෙමළ සන්නද්ධ අරගලය හා බැඳුනු 30 වසරක් තරම් විහිදුන යුද්ධය සහ එහි අතුරු ඵලයක් ලෙස විශාල වශයෙන් රටින් පලා ගිය දෙමළ ජනතාව ලොව පුරා විසුරුන බලවත් දෙමළ ඩයස්පෝරාව බවට පත්වීම සහ ඔවුන්ගේ් කර්කෂ අත්දැකීම් වලින් ජනිත වු පලිගැනීමේ ආකල්පයකට ඔවුන් තල්ලූ විමයි. මේවායේ දුර්විපාක ශ්රී ලංකාවේ මුළු මහත් ජනතාවටම අවුරුදු 30ක් තිස්සේ විඳ දරා ගැනීමට සිදුවිය.
බලයේ සිටින කල ශී්ර ලංකාවේ සෑම දේශපාලන පක්ෂයක්ම ජාතිවාදී යුධ ඝෝෂා මතු කර ඇති අතර, ඒවා සැමවිටම රටේ කිසිදා කෙලවර නොවන අවිධිමත් පාලනය තුලින් බහුතර ජනතාව තල්ලූවන අති දුඛ්යදායි ජීවන තත්ත්වයන් වලින් අවධානය වෙනතකට යොමු කිරිම උදෙසා යොදා ගන්නා ප්රබල උපක්රමයක් වි ඇත.
මේ රටේ ජන ජිවිතය තුල සෑම වැදගත් ක්ෂෙත්රයකම වාගේ පැතිරගිය අවිධිමත්බව සහ අසහනය රාජපක්ෂ රෙජිමය විසින් ඇතිකර තිබෙන බව, අද පුළුල් ලෙස පිළිගැනෙන මතයකි. එබැවින් සැබෑ ප්රශ්න යට ගැසීම උදෙසා, ජාතිවාදී අවිය නැවත වරක් ඔසවන රජයේ ප්රධානීන් විසින් එය වසන්කර ගැනීමට කරන්නාවු , එක්සත්කම, සදාචාරකම සහ ආගමික කම ගැන දොඩන හිස් බොරු සහ කුහක වචන කිසිවෙකුවත් දැන් විශ්වාස නොකරයි. මේ ව්යාජ සිල්වත්කම, අශිෂ්ඨත්වය වසා ගැනීමට අඳින සීතාම්බර සළුවකි.
ලෝක මට්ටමේ මානව පරිනාමය තුලින් මේ රටේ ජනතාවද ලබාගෙන ඇති ශිෂ්ඨත්වය නිසාම, මේ රටේ රටවැසියන්ද තම දෛනික කාර්යයන් වල යෙදෙන්නේ, ජාතිවාදී පදනමක් මත නොවේ. එමෙන්ම ජාතිවාදයේ සහ වර්ගවාදයේ මුල් බීජ සහ භාවිතයන් ඔවුන්ගේ සිත්සතන් තුල ගැඹුරෙහි සොහොන් කර ඇත්තේ, දිර්ඝ කාලීනව සිදුවුන සංස්කෘතික සංවර්ධනය සහ ලෝක මට්ටමේ සම්මතයට පත් මානව හිමිකම් පිළිබඳ සංකල්ප තුළින්ය. මිනිසා ඉහළ තලයක සංස්කෘතියකට ඔසවා තබනුයේ මේ ඇදහිලි තුලිනි. ගොඩනැගී ඇති මනුෂ්යත්වය පහලට ඇද දමා, පසුගාමි ගෝත්රිකවාදයකට අපව බලහත්කාරයෙන් ඇද දමන්නට වෙහෙසෙන මේ රටේ දේශපාලන දාමරිකයන්ට අප ඉඩ දිය යුතු නැත. තමන්ට අදාළ වන ඒ ඒ ආගමික ඉගැන්වීම්වල ඇති සදාචාරාත්මක හර පද්ධතියක් අනුගමනය කරමින්, සාමකාමී දිවි පෙවෙතක් අගය කරන සිංහල දෙමළ සහ මුස්ලිම් ප්රජාවගේ එම සාමයේ අභිලාෂය උඩු යටිකුරු කර, රට වර්ග වාදී ගැටුම් වලින් පිරුණු ලේ විලක් කිරීමට අප ඉඩ දිය යුතු නැත.
ශී්ර ලාංකිකයන් සියලූ දෙනාටම අප ආයාචනය කරන්නේ, ජාතිවාදය සහ වර්ගවාදය ප්රතික්ෂේප කරන ලෙසත්, එවැනි ගැටුම් ඇතිකරවන පුද්ගලයන් දේශපාලන වශයෙන් ප්රතික්ෂේප කරන ලෙසත්ය.
THE DAMAGE
සිදුකළ හානිය
අළුත්ගම සහ බේරුවල අවට සිද්ධීන්වල සැබෑ ස්වරූපය දැනගැනීමට මාසයක් පමණ කාලයක් ගත වී ඇත.
දේපල හානිය
බේරුවල ප්රාදේශීය ලේකම් කාර්යාලය විසින් නිල වශයෙන් නිකුත් කර ඇති සංඛ්යා ලේඛන අනුව,
කඩා බිඳ දමන ලද/ගිණිබත්/කරන ලද ව්යාපාරික/ස්ථාන 153
මුළුමනින්ම ගිණි බත් කරන ලද නිවාස 23
කඩා බිඳ දමා මංකොල්ල කන ලද නිවාස 207
කඩා බිඳ දමන ලද මුස්ලිම් පල්ලි 2
ගිණි බත් කරන ලද වාහන 73
මේවායේ අතිබහුතරය මුස්ලිම් ජාතිකයන්ට අයිති දේපලවන අතර, සිංහල පුද්ගලයන් කිහිප දෙනෙකුගේද දේපල විනාශ වී ඇත. කර්මාන්ත ශාලා දෙකක් ගිණි තබා විනාශ කර ඇති අතර, ඒවායේ බහුතර සේවක පිරිස දුප්පත් සිංහල තරුණ තරුණියන් ය. ඔවුන් සියලූ දෙනාටම දැන් රැකියා අහිමි වී ඇත.
මේ අතර මතුගම මැණික්ගොඩ ගම්මානයේ පිහිටා තිබු ආදර්ශ සත්ව අභිජනන ගොවිපලක් ලෙස දේශීය සහ විදේශීය වශයෙන් සම්මානයට පාත්රව තිබු බාරක් ෆාම් පුද්ගලික සමාගමට, ජුනි 13 වන සිකුරාදා ගමේ පන්සල්වල භික්ෂුන් වහන්සේලා කීප නමක් සහ ගිහි පිරිසක් පැමිණ ගොවිපලට බලහත්කාරයෙන් ඇතුළු වී ඔත්තු බලා පිටව ගොස්, 15 වනදා රාති්ර 11.30 ට පමණ නැවත පැමිණ එහි සියලූ ගොඩනැගිලි කඩා බිඳ ගිණිතබා එළුවන්, හරකුන් සහ සතුන්ට තුවාල සිදුකර සතුන් ගණනාවක් පැහැර ගෙන ගොස් තිබිණ. පිට රටින් ගෙන්වන ලද මෙම සතුන් හැම එකෙක්ම රු. ලක්ෂ 2 ඉක්මවන වටිනාකම් ඇති උසස් වර්ගයේ සතුන් වෙති.
ගොවිපල අයිතිකරුවන් පොලිසිය වෙත මෙම ප්රහාරය ගැන දැනුම් දුන් නමුත්, ආරක්ෂාව දීමට නොහැකි බව පොලිසියෙන් ඔවුන්ට දන්වා තිබිණ. එම පළාතේ පාර්ලිමේන්තු මන්තී්ර පාලිත තෙවරප්පෙරුම මහතාට මේ ගැන දැනගන්නට ලැබුණ විට, වියයුතු විනාශය සිදු වී තිබුණ නමුත් ප්රහාරක පිරිස මැඩ පැවැත්වීමට මැදිහත් වී ඇත. මේ ගැන පසුව මාධ්ය ප්රකාශයක් කල පාලිත තෙවරප්පෙරුම මහතා කියා සිටියේ මෙම ගොවිපලේ ගින්න නිවා දැමු පසු, මේ මිලේචඡයින් 100 දෙනෙක් පමණ තමා වටකරගත් බවත්, ඔහුට පහර දී මරා දැමීමට උත්සාහගත් බවත්ය. ‘ඔවුන් සතුන් නොවේ. මිලේචඡයන්’ සතුන්ට තිබෙනවා කිසියම් ආකාරයේ ගෞරවයක්, තමන්ට හොඳින් සලකන අයට. එහෙත් මේ පුද්ගලයන් සතුන්ටත් වැඩිය අන්තයි’. ඔහු පැවසීය.
තවද, විශාල අලාභයක් සිදුවුන ගිණි තැබීමක් වුයේ පානදුර පොලිසිය අසල පිහිටි මහල් හතරකින් යුත් නව ගොඩනැගිල්ලක පිහිටි අධි සුඛෝපභෝගී නිමි ඇඳුම් වෙළෙද මධ්යස්ථානයක් වු No Limit ව්යාපාරයයි. එය මුළුමනින්ම දැවී අළු වී ගිය අතර, අලාභය රු. කෝටි 30ක් බව ප්රකාශ වී ඇත.
දෙහිවල පිහිටි ෆාමසියකට බෝම්බ ගසන ලදී. ඒ ආකාරයෙන්ම මුස්ලිම් ව්යාපාර සහ ගෙවල් ඉලක්ක කර ගනිමින් නුගේගොඩ, බලපිටිය, මාවනැල්ල, කුරුණෑගල, බදුල්ල, රත්නපුර නගරවල ද එවැනි සංහාරවලට මුල පිරුණු නමුත් ඒවා ව්යාප්ත නොවින. මේ තොරතුරු කිසිත් දේශීය පුවත්පත්වල පල නොවු අතර, අන්තර්ජාලය ඔස්සේ විස්තරාත්මකව ප්රචාරය කර තිබිණ.
ප්රතිවිපාක
අල් ජසීරා රුපවාහිණි සහ පුවත්පත් සේවය මේ සියලූ සිදුවීම් පැය ගණනක් ඔස්සේ වීඩියෝ දර්ශන සමග නැවත නැවතත් ප්රචාරය කලේය. එය මුළු ලොවම නරඹන/ කියවන මාධ්ය ජාලයකි. ඥානසාර හිමියන් එහිදී කල ප්රකෝපකාරී කථාව මුළුමනින්ම වීඩියෝ කර දේශීය භාෂාවලට පරිවර්තනය කර පෙන්වන ලදී. සවුදි ගැසට් පුවත්පතද මේ ගැන දිගින් දිගටම දීර්ඝ විස්තර පලකර ඇත.
මැද පෙරදිග රටවලින් සංචාරකයන් විසින් වෙන් කරගෙන තිබු හෝටල් කාමර සියල්ලම අවලංගු කර තිබිණ. වෙනත් රටවලින් කරන ලද වෙන්කිරීම් වලදී ද, යම් ප්රතිශතයක් අවලංගු කර තිබිණ. හෝටල් හිමියන් පවසන්නේ මේ සිද්ධීන් සංචාරක ව්යාපාරයට අතිශයින් අහිතකර බලපෑමක් ඇති කර ඇති බවය.
අද වන විට ඥානසාර හිමියන්ගේ, සහ දිලන්ත විතානගේ නැමැති බොදු බලසේනා මාධ්ය ලේකම්ගේ සහ ඇමති පාඨලි චම්පික රණවකගේ Face Book ගිණුම්, අවලංගු කර ඇත. ඥානසාර හිමියන්ගේ ඇමරිකන් සහ බි්රතාන්ය වීසා බලපත්ර ද අවලංගු කර තිබේ.
විදේශ ප්රතිකි්රයා
ඇමරිකාවේ,බි්රතාන්යයේ,ප්රංශයේ සහ කැනඩාවේ වෙසෙන ශී්ර ලාංකික මුස්ලිම් ප්රජාවේ විශාල පිරිස් එක් රොක් වී පුවරු ප්රදර්ශණය කරමින් ඒ ඒ රටවල ඝෝෂාකාරී උද්ඝෝෂණ පැවැත්වූ බවට විදේශීය මාධ්ය ප්රචාරය කලේය. ශී්ර ලංකාව තුල මුස්ලිම් ජනයාට එල්ල කරන ලද අමානුෂික ප්රහාර හෙලා දැක පුවරු ඔසවා ගත් ඔවුන්, බොදුබල සේනාව තහනම් කරන ලෙසත් , ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසත් බැනර් ප්රදර්ශණය කර තිබිණ. මේ සාමුහික පිරිස්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල් බැන්කී මුන්ට සංදේශ ඉදිරිපත් කරමින් ශී්ර ලංකාවේ සිටින මුස්ලිම් ප්රජාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඇත.
මෙම සිදුවීම්වලට ප්රතිකි්රයා දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය, නවාවී පිල්ලෙයි මහත්මිය, ඇමරිකා එක්සත් ජනපදය, මහා බි්රතාන්ය, කැනඩාව, ප්රංශය, යුරෝපා සංවිධානය සහ බෑන්කි මුන් මහතා ශී්ර ලංකා රජයට ඉල්ලීම් කරමින් මුස්ලිම් ප්රජාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස නිල වශයෙන් ඉල්ලීම් කර ඇත. ටිබෙටයේ ආගමික නායක දලයි ලමා තුමාද එවැනිම ඉල්ලීමක් කර ප්රකාශයක් නිකුත් කර තිබේ. ඉස්ලාමීය රටවල් 56 ක් නියෝජනය කරන අතිශයින් බලවත් සංවිධානයක් වන Organisation of Islamic Cooperation (OIC) සව්දි ආරාබියේ සිට ප්රකාශයක් නිකුත් කර ඇත.
ශී්ර ලංකා රජයේ/ජනාධිපතිගේ ප්රතිචාරය
ශී්ර ලංකා රජයේ නියෝජිතයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ප්රකාශ කරන ඇත්තේ බේරුවල බෞද්ධ භික්ෂුවකට මුස්ලිම්වරුන් පහරදීම නිසා මේ ජාතිවාදී කෝලහාල උද්ගත වී ඇති බවයි.
බොලීවියාවේ සංචාරයක යෙදෙමින් සිටි ජනාධිපතිතුමා ලංකාවට පැමිණි පසු ප්රකාශ කර ඇත්තේ, දෙපාර්ශවයම මෙයට වගකිව යුතු බවය. මේ ගැන කොමිසමක් පත් කරන බවට නිවේදනයක් නිකුත්කල නමුත් එවැන්නක් සිදුවී නැත.
සත්ය එළිදරව් වන සැටි !
ජාතික ෂූරා කවුන්සිලය යනු ජාතික මට්ටමේ මුස්ලිම් සංවිධානයන්, වෘත්තිකයන්, විද්වතුන් සහ කි්රයාකාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ සංවිධානයකි.
එම සංවිධානය විසින් නිකුත් කර ඇති ප්රවෘත්ති නිවේදනයක දැක්වෙන්නේ, මුස්ලිම් දේවධර්මාචාර්යයෙකු වන මව්ලවි මොහොමඞ් අමීන් මොහමඞ් අෂ්කාර් අලී විසින් පොලිස්පති වෙත පැමිණිල්ලක් කරමින් 2014 ජුනි 12 වන දින අළුත්ගම, පතිරාජගොඩ විහාරස්ථානයට, සමීපව, බෞද්ධ භික්ෂුවකට පහර දුන්නේ යැයි යන බොරු චෝදනාවක් මත ඔහුත් ඔහුගේ සහෝදරයන් දෙදෙනෙකුත් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට ගත් බවය. එම සිද්ධිය ගැන අපක්ෂපාති සහ විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් පවත්වන ලෙස, එම කවුන්සලය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
තවද, එම සංවිධානය කියා සිටින්නේ මව්ලවි තුමා තම පැමිණිල්ලෙන් ප්රකාශ කර ඇත්තේ, ඔවුන් වෙත එල්ල කර ඇති චෝදනා සහ වරද නොකල බවයි. අළුත්ගම පොලිස් ස්ථානයේදී තමාගේ බෙල්ලට බෞද්ධ භික්ෂුවක් විසින් පා පහරක් දුන් බවටත්, අත්අඩංගුවට ගන්නා ලද සහෝදරයන් තිදෙනාටම දණ ගාමින් එහි සිටි භික්ෂුන් පිරිසකගෙන් සමාව ගන්නා ලෙසත්,බලහත්කාරය යොදවන ලද බවයි. ජුනි 12 වනදා පොලිස් ස්ථානයේදී ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, දේශපාලඥයින් කිහිපදෙනෙක් සහ බලාසිටින්නන් සිය ගණනක් ඉදිරියේ මේ අන්දමින් ගෞරවනීය මුස්ලිම් ධර්මාචාර්යවරයෙකුට භික්ෂුවක විසින් පයින් ගැසීමක් සිදුවීම සිත්කම්පා කරවන සුළු බවය.
මව්ලවි තුමා තම පැමිණිල්ලේ ප්රකාශ කර ඇත්තේ පතිරාජගොඩ සිද්ධියේදී භික්ෂුව ගමන් කරමින් සිටි රථයේ රියදුරු සහ තම සොහොයුරෙක් අතර යම් බහින් බස් ඇතිවීමකින් පසු ගුටි බැට හුවමාරුවක් සිදුවී ඇති බවත්, එම ආරවුල, සමාව ඉල්ලා සිටීමෙන් සමථයට පත් වු බවත්, මෙහිදී කිසිම අවස්ථාවක කිසිවෙකුවත් භික්ෂුවට පහර නුදුන් බවය. එමෙන්ම අළුත්ගම පොලිස් ස්ථානයේදී එහි ස්ථානාධිපති විසින් රියදුරන්ගෙන් ප්රශ්ණ කිරීමේදී, එම භික්ෂුව කියා සිටියේ තමන්ට පහරදීමක් සිදු නොවු බවය. එම භික්ෂුව පැය 3ක් හෝ 4ක් පමණ කාලයක් පොලිස් ස්ථානයේ රැදී සිටි අතර, ඔහු කිසිත් අපහසුතාවයක් තමාට ඇති බවක් නොපෙන්වු බව පැමිණිල්ල කියයි.
භික්ෂුවකට ආයුධයකින් පහර දී ඇති බවට කටකථාවක් පතුරුවා හැරීමත් සමග එහි පැමිණි වෙනත් භික්ෂුන් සහ ගිහි පිරිස්, පොලිස් ස්ථානාධිපති වෙත අදාළ භික්ෂුව රෝහල් ගත කර යුතු බවත්, සහෝදරයන් තිදෙනා උසාවියකට ඉදිරිපත් කලයුතු බවටත්, බලපෑම් කර ඇත.
කවුන්සිලය පවසන්නේ භික්ෂුව රැුගෙන ගිය පළමු රෝහල, ඔහු ඇතුළු කිරීමට ප්රතික්ෂේප කර ඇත්තේ කිසිත් තුවාල නොමැති බැවින් බවත්, දෙවැනි රෝහල ඔහුව ඇතුළු කරගත් නමුදු, වෛද්ය-නීතික වාර්තාව අනුව කිසිත් තුවාලයක් භික්ෂුවට සිදු වී නැති බවත්ය. කෙසේ වෙතත්, දෙවෙනි රෝහල එම භික්ෂුව දින 3ක් නේවාසිකව තබාගෙන ඇත. එමෙන්ම එම භික්ෂුව බරපතල තුවාල ලබා ඇති බවට කටකතාද පතුරුවා ඇත.
ෂූරා කවුන්සිලය ඉල්ලා සිටින්නේ සත්ය එළිදරව් කර ගැනීම උදෙසා පූර්ණ පරීක්ෂණයක් මේ ගැන පැවැත්විය යුතු බවය.
සහෝදරයන් තිදෙනා දණ ගස්වා භික්ෂුන්ගෙන් සමාව ගන්නා ලෙස බලහත්කාරය යෙදවු අවස්ථාවේ ඔවුන් තිදෙනා දණ ගහගෙන භික්ෂුන් දෙසට යමින් සිටියදී, එක් භික්ෂුවක් මව්ලවි තුමාට පා පහරක් එල්ල කල බවත්, එය ඔහුගේ බෙල්ලට වැදුන බවත්, අනතුරුව තිදෙනාම පොලිස් සිර කුඩුවට දමන ලද බව, පැමිණිල්ලේ සඳහන් වෙයි.
මවුලව් තුමාගේ පැමිණිල්ල නීතිපති තුමා වෙත ඉදිරිපත් කිරිමට ශී්ර ලංකා නීතිඥයන්ගේ සංගමය ගෙන ඇති පියවර අගය කරන අතර, මේ ගැන අළුත් පරීක්ෂණයක් පවත්වන ලෙස ෂූරා කවුන්සිලය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
නාළාගිරිං ගජ වරං

නාළාගිරිට රා පොවන්නේ ගෝඨාභයද?
බොදු බලසේනාවට රාජ්ය ආරක්ෂාව, දිරිගැන්වීම සහ නිදැල්ලේ නීති වීරෝධි ලෙස කරන විවිධ කඩා පැනීම්වලට රැුකවරණය සහ ඔවුන් පිළිබඳව නීතිය කි්රයා නොකරන්නේ ඇයිද යන්න අද දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද නීරීක්ෂණයන්ගේ විමසිල්ලට භාජනය වන කරුණකි.
මෙම විමසිල්ලේදී, බොහෝ විචාරක/නිරීක්ෂක යන්ගේ මතය වී ඇත්තේ මේ කාරණා පිළිබදව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්විම ඇති බවත් ඒ මැදිහත්වීම කොතරම් බලවත්ද යත්, සෙසු රජයේ මැති ඇමතිවරු නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවයි.
මේ ජනමතය/පොදු මතය කෙතරම් බලවත් වුයේද යත්, බොහෝ අර්බුදකාරී අවස්ථාවල නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ගොඨාභය රාජපක්ෂ මහතාට මේ ගැන තම ස්ථාවරය ප්රසිද්ධියේ හෙලිදරව් කරන්නට සිදු විය.
‘ඬේලි මිරර්’ පුවත්පත සමග කල සාකච්ඡුාවේදී, ප්රධාන කාරණා දෙකක් ඉස්මතු වු බව නීරික්ෂකයෝ පෙන්වා දෙති. (1) තමා බොදුබල සේනාව සමග කිසිත් සම්බන්ධයක් නැති බව පවසමින්, එම සංවිධානයේ අප්රසන්න කි්රයාවලින් තම දෑත් සෝදා ගැනීමට සිදුවීම (2) ආරක්ෂක අමාත්යාංශයේ බුද්ධි අංශවලට අනුව, මේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන තරමට කිසිම මුස්ලිම් අන්තවාදි සංවිධානයක් කි්රයාත්මක වෙන බවට තොරතුරු වාර්තා වී නොමැති බව ඔහු ප්රකාශ කිරීම.
කෙසේ වුවද, මේ ප්රසිද්ධ ප්රකාශයේදී, බොදු බල සේනාවේ විවිධ ක්රියා ගැන කිසිත් නොකියා සිටීම මෙන්ම, මාධ්යවේදීන් ඒ ගැන කෙලින්ම ප්රශ්න නොකිරීමද අතිශයින්ම ගුප්ත බව නිරීක්ෂකයින්ගේ මතය වී ඇත.
කෙසේවුවද, බොදු බලසේනාවේ නීති විරෝධි කි්රයා මැඩ පැවැත්වීමට පොලිසිය සහ හමුදාව දිගින් දිගටම කි්රයා නොකරන නිසා, එය සමාජ උවදුරක් ලෙස පවතී.
මේ අතරතුර විමර්ශණාත්මක මාධ්යකරනයේ යෙදෙන වාර්තාකරුවන් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ අතීතය පිළිබදව කරන සොයාබැලීම් වලදී, ධීවර ඇමති රාජිත සේනාරත්න මහතාගෙන් ලබාගෙන ඇති වටිනා තොරතුරු, මහජනතාවගේ දැනගැනීම සඳහා පල වී ඇත.
ඒවා සමහරක් වන්නේ (1) ඥානසාර හිමියන් Arnifiotoff ආනිෆියොටොෆ්, නැමැත්තා සමග නෝර්වේ රාජ්යයට ගොස් දවස් හයක් දෙමළ ඩයස්පෝරාව සමග කාල-බීල හිටි බවත්, නෝර්වේ රජයෙන් ඒ සදහා පහසුකම් සැලසු බවත් (2) Arnifiotoff යනු නෝර්වේ ලිබරල් පක්ෂයේ නායකයා බවත් (3) ඩිලන්ත විතානගේ නැමැත්තා කිසිත් බලයක් නැති එහෙත් කොහෙන් හෝ විශාල මුදලක් ලැබෙන කෙනෙකු බවත්, නොර්වේ සමග සම්බන්ධය ඥානසාර හිමිට සැලැස්වුයේ ඔහු බවත්, (4) ඩිලන්ත, චන්දි්රකා මැතිණියගේ සමයේ මුදල් අමාත්යාංශයේ කෝම්පියුටර් විශේෂඥයෙක් ලෙස සේවය කල බවත් (5) ආණ්ඩුව සර්පයා කව්දැයි හඳුනාගත යුතු බවත්, ඩිලන්ත වැනි සැඟවුන චරිත පිළිබඳව ප්රවේශම් වියයුතු බවත් (6) රවි කරුණානායක දිගින් දිගටම ඥානසාර හිමියන්ට මුදල් සැපයු බවත්, සහ තවත් වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කර තිබිණ.
(පුවත්පත : මව්බිම)
The Island පුවත්පතේ Political Watch උ්එජය නැමැති ප්රධාන දේශපාලන විශ්ලේශණය කරන මාධ්යවේදියා එළිදරව් කර ඇති විශාල තොරතුරු ප්රමාණයෙන් කිහිපයක් මෙසේය,
1. ඇමරිකන් රජයේ අනුග්රහය යටතේ ඥාණසාර හිමිට වසර 5 ක විශේෂ වීසා බලපත්රයක් ලබා දී ඇති බවත් , 2. මත්පැන් බී වාහනයක් පැදවීම ගැන වරදකරු බව උසාවියේදී පිළිගත් එකම බෞද්ධ භික්ෂුව ඥාණසාර හිමි වීම. 3. රනිල් වික්රමසිංහ, ශිරාල් ලක්තිලක සහ රවි කරුණානායකගේ සමීප මිතුරෙකු වීම.
මෙයින් පැහැදිලිවන එක් කරුණක් වෙයි. එලිපිට නටන්නේ එක නාඩගමක් බවත්, තිරය පිටුපස නටන්නේ තවත් නාඩගමක් බවත්, ජන මාධ්ය විසින් එලිදරව් කල කරුණු වලින් විද්යාමාන වෙයි. මෙවැනි කුහකයින් සිටිනා රටකට අත්වන ඉරණම කුමක්දැයි අමුතුවෙන් කිවයුතු නැත. Patriotism is the last refuge of scoundrels නොහොත් දේශ පේ්රමය තක්කඩියන්ගේ අවසාන සරණ භුමියයි යන්න යථාර්ථයකි.
ඌරාගේ මාළු ඌරාගේ ඇෙඟ්ම තබා කැපිය යුතුය යනුවෙන් කියමනක් තිබේ. ‘අබසරණ’ යනු ඥානසාර හිමියන් අළුතින් ජනපි්රය කල වචනයකි. එහි අර්ථය වන්නේ, ‘විනාශ වී පලයන්, හැදිගෑවිලා පලයන්’ යන ශාප කිරිමයි. එසේනම්, අපට ඉතා කෙටියෙන් පවසන්න ඇත්තේ ‘ඥානසාර හිමියන්ට සහ බොදු බලසේනාවට අබ සරණයි’ යන්න අප හද පත්ලෙන්ම ජනිත වන බවය.
1981 දී රජය විසින් පැවැත්වු ජනගහන සංගණනය අනුව ලංකාවේ සිංහල ජාතිය 69% ක්ද, මුස්ලිම් ජාතිය 7%ක්ද වෙති. මෙම ජන අනුපාතය අනුව මුස්ලිම්වරුන්ට, සිංහල ජාතිය අභිබවා යෑමට සංඛ්යාත්මකව කිසිත් හැකියාවක් නැත.
එමෙන්ම සිංහලයන් එක දරුවෙක් බිහිකරන විට මුස්ලිම් දරුවන් පස්දෙනෙක් බිහිකරනවා යන්නද, කිසිත් සංඛ්යාලේඛණ පදනමක් නැති මුසාවකි.
සැබෑ ඇත්ත වන්නේ, මුස්ලිම්වරුන්ගේ වාසභුමිවල පිහිටීම අනුව ඔවුන් නිරන්තරයෙන්ම අනාරක්ෂිත වු ඉතා සුඵ පිරිසකි. සෑම පලාතකම වාගේ සිංහල බහුතරය මැද ජීවත්වන මේ පිරිස සිංහල උගත්, සිංහල සංස්කෘතියට බොහෝ සෙයින් අනුගත වු, නිරන්තරයෙන්ම සිංහලයන් සමග ගනුදෙනු කරන මිශ්රවන, කිසිත් අන්තවාදයක් ප්රායෝගිකව නොපෙන්වු, කුඩා ව්යාපාරවල යෙදෙන පුද්ගලයන් වේ.
උතුරේ, නැගෙනහිර මෙන් වෙන්වු භුමි භාගයක් ඔවුන්ට නැත.
නැති සතුරෙක් මවා පෙන්වා, වෙනත් අද්භුත අරමුණු ඉටුකර ගැනීම උදෙසා, මුස්ලිම්වරුන්, ගොදුරු කර ගැනීම, ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් මෙන්ම නොහොබිනා අපරාධයකි.
නිර්භීත මැදිහත්වීමක්
පාලිත තෙවරප්පෙරුම මහතා පාර්ලිමේන්තු මන්තී්රවරයෙකු වන අතර, කළුතර දිස්ති්රක්කය නියෝජනය කරයි. මතුගම, අගලවත්ත, බුලත්සිංහල, හොරණ, බේරුවල, කළුතර, බණ්ඩාරගම සහ පානදුර යන ආසන කළුතර දිස්ති්රක්කයට අයිති ප්රදේශ වේ. තෙවරප්පෙරුම මහතා පදිංචිව සිටින්නේ මතුගම ප්රදේශයේය.
පුවත්පත් වලට ප්රකාශයක් කරමින් ඔහු මෙසේ පවසා ඇත. ‘මම මේ සිද්ධීන් ඇරඹෙන විට ප්රදේශයේ පොලිස් ස්ථානවලට දුරකථනයෙන් කථා කලා. ඔවුන් මැදිහත්වීමට පැමිණියේ නැහැ’ පහරදීම්වලට ලක්වුන මුස්ලිම් පවුලක් බේරාගැනීමට ඔහු ඉදිරිපත් වු ආකාරයත්, මාස 09ක ළදරුවකුගේ හිසට ගලක් වැදී තුවාල වුන ආකාරයත්, එම පිරිස තම ඩොල්පින් වෑන් රථයට නංවාගෙන සෙනග මැදින් වේගයෙන් යද්දී තම රථයට ගල් මුල් ප්රහාර එල්ල වු බවත් තමාට තුවාල සිදු වූ බවත්, එම රථයේ සිටියේ තමා බව එහි සිටි පොලිස් නිලධාරීන් සියලූ දෙනාම දැන සිටි නමුත් ඔවුන් නිහඬව බලා සිටි බවත්, ඔහු කියා සිටියේය. තම වාහනයට පෙට්්රල් බෝම්බ ගැසූ නමුත් ඒවා ගිනි නොගත් බව ඔහු පැවසීය.
මෙම සිද්ධිය ගැන ඔහුගේ මතය ප්රකාශ කරමින් ඔහු මෙසේ කීවේය. ‘පොලීසිය දිගින් දිගටම ඥානසාර හිමියන්ගේ කි්රයාකලාපය ඉදිරියේ අඳ, ගොළු, බිහිරන් සේ කි්රයා කර ඇත. අප මේ කැරැුල්ල දක්වා සියඵ සිදුවීම් බලාගෙන සිටියෙමු. මෙය සිංහල බෞද්ධයන් විසින් කරන ලද දෙයක් නම් නොවේ. සිංහල බෞද්ධයන් මෙවැනි දේවල් කරන්නේ නැත. මේවා කරනුයේ මැරවරයන් සහ අපරාධකාරයන්ය.
‘ඥානසාර හිමියන් අදහන ආගම පිළිපදින පුද්ගලයන් විසින් මේවා කරන ලදී. ‘‘මෙම ආගම අදහන පුද්ගලයන් 2000ක් 3000ක් පමණ ඇවිත් තමයි මේ අපරාධ සියල්ලම කලේ’’
ඇසක තුවාලයක් ලබා තිබු පාලිත තෙවරප්පෙරුම මහතා මේ ගැන පාර්ලිමේන්තුවේදී ද කරුණු හෙලිදරව් කල අතර, තමාට පහරදුන් බවත්, පොලිසිය කි්රයා නොකල බවත්, මන්තී්රවරයෙකු වශයෙන් තමාගේ වරප්රසාද කඩ වී ඇති බවත්, ප්රකාශ කර සිටියේය. ඒ ගැන සොයා බලන බව කථානායකවරයා පොරොන්දු විය.
තෙවරප්පෙරුම මහතා පසුව ප්රසිද්ධ ප්රකාශයක් කරමින්, පොලිසියේ සියලූ බල ඇණි ඉදිරියේ මෙවැනි සිදුවීමකට ඉඩ දී තිබුණ බැවින් පොලිස්පති තුමා තම තනතුරෙන් ඉවත්විය යුතු බවත්, එසේ නොකරන්නේ නම් තමා තම පාර්ලිමේන්තු මන්තී්ර ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප්රකාශ කලේය. මේ ප්රකාශය මහත් ආන්දෝලනයට ලක් වු අතර, එයින් බලාපොරොත්තු වු අවධානය ලැබීමද සිදුවු නමුත්, ප්රධාන ජනමාධ්ය සියල්ලම එකමුතු වී, තෙවරප්පෙරුම මහතාගේ ඒ සංකේතාත්මක ප්රකාශනය දැඩි ලෙස සමච්චලයට භාජනය කිරීමට ඉදිරිපත්ව තිබීම, අද රටේ තිබෙන මාධ්ය සදාචාරයේ තරම මැනවින් ප්රදර්ශනය වේ.
අතිවිශාල අන්තරායකට මුහුණදෙමින් තමන්ට සිදුවෙමින් තිබුණ ශාරීරික ප්රහාරයන්ද නොතකා අනතුරට ලක් වු දරුවන් සහිත මුස්ලිම් පවුලක් ආරක්ෂිත ස්ථානයකට ගෙනයෑමේ ඒ මානුෂීය මෙහෙයුම ගැන කිසිත් පැසසුමක් නොකර සහ තෙවරප්පෙරුම මහතා ප්රසිද්ධියේ පලකල පොලිසිය පිළිබද අප්රසාදය වෙනතකට හැරවු මාධ්ය කියා සිටියේ, ‘‘අස්වීමේ තර්ජනය හුදු රඟපෑමක් ’’ බවය.
විවාදාත්මක චරියාවන් පෙන්නුම් කර ඇති පෙර අවස්ථා ගැනද ප්රසිද්ධියක් තෙවරප්පෙරුම මහතා ලැබ ඇති නමුත්, ඔහු මහජන ඡුන්දයෙන් තොරා පත් වු පාර්ලිමේන්තු මන්තී්රවරයෙකි. අළුත්ගම සහ අවට ප්රදේශවල සිදුවු බිහිසුණු සහ තැතිගැන්වෙන සිද්ධීන්වලදි ඔහු කි්රයාකල ආකාරය ගැන ඔහු ප්රශංසාවට සහ සම්මානයට පාත්ර කරනු වෙනුවට, ජනමාධ්ය විසින් යම් වෙනත් කරුණු පටලවමින්, මේ සිද්ධියේදී ඔහු සමච්චලයට භාජනය කිරීම පිළිගත නොහැකි කි්රයාවකි.

මහ පොළොවෙන්ම බිහිවූ ජනතා පුත්රයෙක්

| ගංවතුර සහ නාය යෑම් වලට ගොදුරු වූ බුලත්සිංහල ජනතාවගේ දුක්ඛදායී පීඩාව අභිමුව, එම පිරිසට සහන සැලසීමට, මෙසේ බර උසුලාගෙන යෑම, මන්තී්ර වරයෙකුට නොහොබින්නේ යයි ඔහු නොසිතයි. විටෙක විවාදාත්මක ලෙස හැසිරුන අවස්ථා තිබුනද, මිනිසුන් අතිශයින්ම දුකට පත්වන අවස්ථා වලදී, සැනසුමේ සිසිල බෙදා දීමට පාලිත තෙවරප්පෙරුම මහත්මයාට බලවත් වුවමනාවක් තම හද තුල උත්පාදනය වන බව නම්, අප දිගින් දිගටම දකිමු. |
Leave a Reply