shadow

ලංකා බැංකු සේවක සංගමයේ ලංකා බැංකුව ශාඛා සංගමයේ නායක ධනංජය සිරිවර්ධන සහ පාලිත ඇටම්පාවල අත් අඩංගුවට!

පුදුම සහගත අත්අඩංගුවට ගැනීමක්

ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වන පාලිත ඇටම්පාවල, අගෝස්තු මස 03 වනදා සවස බැංකුවේ වාහනයකින් වැලිගම ශාඛාවේ නිල කටයුත්තකට ගොස්, රාජකාරියෙන් පසු, රාත‍්‍රී 10 ට පමණ සේවක නිල නිවසේ සිටින විට, ඔහුගේ බිරිඳගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. තමා සිට්න්නේ වැලිගම සේවක නිල නිවාසයේ බව ඔහු දැන්වීය.

ඔහු නොදත් තොරතුර වූයේ, ඒ වන විට කඩවත පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රාත‍්‍රී 10 ට පමණ ඔහුගේ කඩවත නිවස තුළට ආක‍්‍රමණය කර ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා සාලයෙහි බලහත්කාරයෙන් වාඩිකරවා මේ දුරකථන ඇමතුම ලබාදුන් බවයි. පසුවදා උදේ 6 පමණ වන තුරු, මේ මව සහ දරුවන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන නිදි වර්ජිතව කල් ගෙවන්නට බලකෙරුණි. පාලිතගේ බිරිඳ ද ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියකි.

පාන්දර 3 ට පමණ කඩවත පොලිසියේ බලධාරීන් වැලිගම සේවක නිල නිවසේදී පාලිත ඇටම්පාවලව අත්අඩංගුවට ගත් නමුත්, බිරිඳ සහ දරුවන් අත්අඩංගුවෙන් මුදා හැරියේ නැත.

පසුදා පාන්දර 6 ට පමණ highway මාර්ගය, දිගේ කඩවතට පැමිණි පොලිස් පිරිස, රද්දොළුගම පිහිටි ධනංජයගේ නිවස ගැන හෝඩුවාව කියනා ලෙස ඇටම්පාවලට බල කළ නමුත්, ඔහු නිශ්චිත හෝඩුවාවක් නොදන්නා බව පැවසීම නිසා පොලිසියේ දෙදෙනෙක් ඔහුට දෙපැත්තෙන් කම්මුල් පහරවල් දී, එක අතක් උරහිසින් අනිත් පැත්තට අඹරවා, අනිත් අතද අඹරවා, අත් දෙකටම මාංචු දමන ලදී. අත් දෙකම ඇඹරී ගොස් උහුලන්නට බැරි වේදනාවක් ඔහුට දැනින.

පසුව, මාංචු ගලවා දමා දුරකථනයෙන් ධනංජය අමතන ලෙසත්, ඉන් අනතුරුව මග කියන්නෙකු මගින් නිවස සොයාගෙන, පොලිස් පිරිස නිවස තුළට කඩා වැදුණ අතර, ධනංජයගේ මව සහ දරු දෙදෙනා භීතියට පත්වී හ`ඩන්නට පටන් ගත්හ. ධනංජයට ඉක්මනින් ඇඳගන්නා ලෙස දන්වා ඔහු අත්අඩංගුවට ගෙන, කඩවත පොලිසියටත්, පසුව කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයටත් රැගෙන යන ලදී. ධනංජයගේ බිරිඳද, ලංකා බැංකුවේම ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන අතර, ඒ වන විටත් ඇය රාජකාරිය සඳහා පිටත්ව ගොස් තිබිණ. ගෙදර රැඳී සිටියේ දරුවන් දෙදෙනා සහ ආච්චි අම්මා පමණි.

පොලිස් ස්ථානයේදී සටහන් කරගත් කටඋත්තරය වූයේ, Facebook එකේ පල වූ ඡුායාරූපයේ සිටින්නේ තමන් බවත්, ජනපති මැදුර පරිශ‍්‍රයේ දී එම ඡුායාරූපය රැගෙන, Facebook එකේ පලකල බවත් පමණි. මේ අත්අඩංගුවට ගැනීමේ ක‍්‍රියාවලිය මුළුමනින්ම නීති විරෝධී සදාචාර විරෝධී, වනවා පමණක් නොව, නිවසක් තුලට පැමිණ, පවුල්වල සාමාජිකයන් සහ දරුවන් මෙසේ බියවැද්දීම සහ හිර අඩස්සියේ තබාගෙන සිටීම, පෞද්ගලිකත්‍වය බරපතල ලෙස ආක‍්‍රමණය කෙරෙන අශිෂ්ඨ ක‍්‍රියාවන්ද වන්නේය.

අද මුළුරටම සටන් වදින්නේ, නීතියේ නාමයෙන් කරන්නාවූ මේ දුෂ්ඨ, අශිෂ්ඨ ක‍්‍රියා පිළිවෙත් වලට එරෙහිවය.

මොන වරදක් පිළිබඳ චෝදනා තිබුණත්, මේ අත් අඩංගුවට ගැනීම් දෙකම, නාට්‍යානුසාරයෙන් මෙලෙස ඉටු කරනු ලබන්නේ රාජ්‍ය බලතල පෙන්වීමටත්, ඒ මගින් මේ බැංකු නිලධාරීන් දෙදෙනා බිය වැද්දීමට පමණක් නොව, මේ ගැන පලවන මාධ්‍ය වාර්තා තුළින්, බැංකු සේවකයන් සියල්ල මෙන්ම මහජනතාව බිය ගැන්වීමට යොදා ගන්නා බාල වර්ගයේ උපක‍්‍රම ලෙසය. බැංකුවේ දෛනික රාජකාරියේ යෙදෙන මේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නීතිමය පදනමක් තිබුනේ නම්, එය පහසුවෙන්ම, ඔවුන්ට දන්වා, පොලිසියට කැඳවා අත්අඩංගුවට ගත හැකිව තිබුණි. සැගවීමට හෝ රටින් පැන යාමට ඔවුන් කිසිත් දන්නා වරදක් නොකර ඇති බැවින්, මේ ත‍්‍රාසජනක අත්අඩංගුවට ගැනීම් මෙන්ම ඒවා පිළිබඳ ඉමහත් ප‍්‍රසිද්ධියක් ලබාදෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නොව, මහජනතාව බිය වැද්දීමටය. මෙය අමුවෙන්ම, රාජ්‍ය ත‍්‍රස්තවාදය මෙන්ම රාජ්‍ය ෆැසිස්ට්වාදය ක‍්‍රියාත්මක වීමකි.

රාත‍්‍රී 7 පමණ වන තුරු කොම්පඤ්ඤවීදිය පොලිසියේ රඳවා තබාගෙන සිටි ඔවුන් දෙදෙනා පසුව, කොටුව මහෙස්ත‍්‍රාත් තිලිණ ගමගේ මහතාගේ නිල නිවසේ දී, ‘‘උසාවියට’’ ඉදිරිපත් කරන ලද අතර, ඔවුන්ට එරෙහිව වූ චෝදනාව වූයේ, ජූලි 9 වනදා ජනාධිපති මන්දිර පරිශ‍්‍රයට අනවසරයෙන් ඇතුළු වීමය. සාක්‍ෂි ලෙසින් ඉදිරිපත් කරන ලද්දේ ඔවුන් විසින්ම ගත් Selfie එකක් මුහුණු පොතේ පලකිරීම උපයෝගී කර ගැනීමෙනි. නීතිඥයින් පිරිසක් ඔවුන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි අතර, ඔවුන් රුපියල් ලක්‍ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, ඔවුන්ට විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කරන ලදී.

මේ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ පුළුල්ව සහ ගැඹුරින් විමර්ශනය කරන විට අපට පෙනී යන්නේ, මෙය හුදු අරගලකරුවන්ට එරෙහිව දැන් රජය ගනිමින් තිබෙන පොදු වැඩ පිළිවෙලට එහා ගිය, වෙනත් සාධකයක්ද මේ බැංකු නිලධාරීන් දෙදෙනාගේ අත්අඩංගුවට ගැනීමේ ක‍්‍රියාවලිය පිටුපස තිබෙන බවය.

අපගේ විමර්ශනයට අනුව, Selfie ඡුායාරූපය ජනාධිපති මැදුරේ පරිශ‍්‍රයේ සිට ගත් බැවින්, පාලිත ඇටම්පාවල ද එහි සිටින බැවින්, පොලිසියට පාලිතව, අත්අඩංගුවට ගැනීමට සිදුවූ නමුත්, සැබෑ ඉලක්කය වූයේ ධනංජය සිරිවර්ධන අත්අඩංගුවට ගැනීම බව පෙනේ. පාලිත, ශාඛා සංගමයේ හිටපු සභාපති වන නමුත්, අප දන්නා ආකාරයට, ඔහු දැන් වෘත්තිය සංගමය තුළ ක‍්‍රියාකාරිකයෙකු නොවේ.

අපට අනුව, මේ අත්අඩංගුවට ගැනීම පිටුපස ඉන්නා චරිත දෙක වන්නේ, ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ සහ දැන් මහජන ආරක්‍ෂක ඇමති වන ටිරාන් අලස්ය.

වසර 15 ක පමණ සේවා කාලයක් ඇති ධනංජය සිරිවර්ධන, බොහෝ කාලයක් වෘත්තීය සමිති ක‍්‍රියාධරයෙක්ව සිට, 2021.11.26 දින සිට ශාඛා සංගමයේ ලේකම් බවට පත්වූයේ, ඔහු හා සමාන අදහස් දරන තවත් නිලධාරීන් 6 දෙනෙකුද සමගය. ඔවුන් ශාඛා සංගමයක් වශයෙන්, අළුත් ජවයක් සහ අළුත් පියවරයන් ගනිමින්, සේවක අයිතීන් සුරැකීමට පමණක් නොව, ලංකා බැංකුවේ දිගින් දිගටම සිදුවෙමින් පවතින වංචා දූෂණවලට එරෙහිව, හඩ නැගීමටත්, ක‍්‍රියා කිරීමටත්, පැමිණිලි කිරීමටත්, උසාවියේ නඩු පැවරීමටත් වැනි අළුත් ක‍්‍රියාමාර්ගවලට පිවිසෙමින් තිබුණි.

ජුනි මාසයේ අගභාගයේ දි, වෙබ් මාධ්‍ය වේදියෙකු වන තරිඳු උඩුවරගෙදර සමග රූපවාහිනී සම්මුඛ සාකච්ඡුාවක් පැවැත්වීමට ධනංජය සිරිවර්ධනට ලැබුණ ආරාධනය අනුව එහිදී ශාඛා සංගමයේ ක‍්‍රියා පිළිබඳ කළ අනාවරණයේ දී, බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ ගේ ක‍්‍රියා කලාපය හෙලිදරව් කිරීමක් මෙන්ම දූෂිත ණය ගනුදෙනු ගැන සඳහන් කිරීමේ දි ටිරාන් අලස් ගේ පවුලේ සමාගමක් වන, මව්බිම හා සිලෝන් ටුඬේ පුවත්පත් පලකරන ආයතනය වන සිලෝන් නිව්ස් පේපර්ස් පුද්ගලික සමාගමට ලබා දී ඇති අළුත්ම ණය ප‍්‍රමාණය වන, රුපියල් මිලියන 2214 පිළිබඳ ඉතිහාසය අනාවරණය කරන ලදී. බැංකුවේ නීති නිලධාරියා, Chief Risk ධෙසෙජැර සහ ණය කමිටුව Credit Committe මෙන්ම පෙරසිටි අධ්‍යක්‍ෂ මණ්ඩලයද මින් මතුවට මෙම සමාගමට ණය නොදිය යුතු යැයි තීරණය කර ඇති පසුබිමක් තුළ, සභාපති කාංචන රත්වත්තේ විසින් ටිරාන් අලස්ගේ සමාගමට අළුතින් ණයක් ලබාදීම ගැන, මෙසේ එලිදරව් විය.

2022.06.26 වෙනිදා, ලසන්ත රුහුණගේ, අනිද්දා පුවත්පතට ප‍්‍රමුඛ දීර්ඝ ලිපියක් සපයමින්, මේ සිද්ධියේ සුලමුල මුළුමනින්ම, පුළුල් මහජනයා හමුවේ තැබීමත් සමග, සළු පිළි ගැලවුණ, ටිරාන් අලස්, දැන් රාජ්‍ය ආරක්‍ෂක ඇමති ධූරයක් දරමින් සිටින නිසා, කෝප වූවාට සැක නැත. ලසන්ත රුහුණගේ ගේ ලිපියට පාදක වූ මූලාශ‍්‍රය ධනංජය බවට, අලස් සහ රත්වත්තේ අනුමාන කළා විය හැක. මේ අනුව, ධනංජය සිරිවර්ධන ගේ අත්අඩංගුවට ගැනීම පිටුපස සිටින චරිත දෙක වන්නේ ටිරාන් අලස් සහ කාංචන රත්වත්තේ බව නිගමනය කිරීමට ප‍්‍රමාණවත් සාධක ඇත. දේශපාලන බලය අවභාවිතා කොට, මොකක් හෝ චෝදනාවක් අටවා, හිරිහැරයට සහ ද`ඩුවමට ලක් කිරීම, මේ රටේ ස්ථාපිත දේශපාලන සංස්කෘතිය බවට පත්වී ඇත. ගෝල්ෆේස් අරගලකරුවන්ගේ නිර්ව්‍යාජ එහෙත් අති දුෂ්කර ව්‍යායාමය වී ඇත්තේ මේ පාදඩ දේශපාලන සංස්කෘතිය, සමාජයෙන් මුලින්ම උපුටා දැමීමයි.

සමස්ත බැංකු සේවකයන්ට අපෙන් වචනයක්.

අද බැංකු කර්මාන්තයේ යෙදී සිටින සේවක පිරිස 150,000 ක් පමණ වෙයි. ලංකා බැංකු සේවක සංගමය රාජ්‍ය බැංකු සියල්ලේම මෙන්ම පෞදිගලික අංශයේ බැංකු 10 ක පමණ සේවකයන් ආවරණය කෙරෙන, 25,000 ක් පමණ සාමාජිකයන් සිටින, ලංකාවේ ඇති එක් විශාලතම වෘත්තීය සමිතියක් පමණක් නොව, ප‍්‍රධාන බැංකුවල රහස් ඡුන්දයෙන් නායකයන් පත් කෙරෙන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී, නිර්පාක්‍ෂික සංවිධානයකි.

වසර 79 ක පමණ ඉතිහාසයක් ඇති, බැංකු සේවක සංගමයට, සෑම රජයක් විසින්ම , තදබල ලෙස පහරදීමට, ද`ඩුවම් පැමිණවීමට, සහ විවිධ සේවකයන් සේවයෙන් පහ කිරීම්වලටද ලක් කර ඇත. 1982 දී එකවර නායකයන් 14 දෙනෙක් සේවයෙන් පහ කිරීමට පමණක් නොව, 1977 දී අළුතින් පත්වීම් ලැබූ 971 දෙනෙක්ම සේවයෙන් පහකිරීමටත්, 1972 දී, රාජ්‍ය උකස් බැංකුවේ සේවකයන් සියලූ දෙනාම (28 දෙනෙක්* සේවයෙන් පහ කිරීම වැනි ද`ඩුවම් වලට ලක්වු, එහෙත් කඩා බිඳ දමන්නට නොහැකි වූ, ජව සම්පන්න, ඉතා හොඳ සමාජ දර්ශණයක්, සම්මා දිට්ටියක්, ඇති ලංකා බැංකු සේවක සංගමය, නිර්ව්‍යාජ සංවිධානයකි. පහ කළ සේවකයන් සියලූ දෙනාගේ රැකියා, එම අවස්ථාවලින් පසුව රැකගැනීමට සංගමය සමත්විය.

අද බැංකු සේවකයන්ගේ සාමුහික ශක්තිය අනභිබවනීයයි. ආර්ථිකයේ දෛනික දැතිරෝද කැරකැවෙන්නේ සහ මුළුමනින්ම රඳා පවතින්නේ, විශේෂයෙන්ම රාජ්‍ය බැංකුවල දෛනික ක‍්‍රියා කිරීම මතයි. ආර්ථිකයේ සියලූ ලේ නහර, බැංකුව නමැති හදවත ක‍්‍රියාත්මක වන තුරු, ලේ සංසරණය වෙයි. හදවත නැවතුන විට, ආර්ථිකය මැරී වැටෙනු ඇත. එබැවින්, බැංකු වර්ජනයක් යනු ආර්ථිකයේ හුස්ම හිරවෙන ක‍්‍රියාවකි.

බැංකු සේවකයන් සමූහය සතු මේ අනභිබවනීය සහ අසීමිත බලය, අපගේ දැනීම අනුව නම්, ලංකා බැංකු සේවක සංගමය කිසිදිනෙක අවභාවිතා කර නොමැත. සාමාජිකත්වය තුළ විවිධ දේශපාලන මතිමතාන්තර දරණ පිරිස් කොතෙක් සිටියද, එකමුතුකමේ විස්මිත බලය සහ පිවිතුරු අරමුණු සඳහා එය යොදාගැනීමේ ආනුභාවය මුළු රටටම, සංගමය පෙන්වා දී ඇත. විවිධ නායකයන් පක්‍ෂග‍්‍රාහී වී, සටන් නොකර සිටි අවස්ථා දෙකක් අප දන්නා නමුත්, වැඩ වර්ජනය කිරීමේ බලය අවභාවිත කිරීමක් සිදු වී නැත. එබැවින්, එම සංගමය තුළ දීර්ඝ කාලයක් නායකත්වය දුන් පිරිසක් ලෙසට, අප බැංකු සේවකයන්ට කියා සිටින්නේ, වර්තමාන රජයේ මේ බියවැද්දීමේ ලාමක ප‍්‍රයත්නවලට නොරැවටෙන ලෙසයි. ඔබගේ සාමුහික ශක්තිය අනභිබවනීයයි.

අරගල මාවතේ ඉදිරියටම යනු මැනවි! ඔබ සියලූ දෙනාගේත්, මුළු රටේම අවංක ප‍්‍රාර්ථනාවත් වන්නේ, මේ දූෂිත දේශපාලන සංස්කෘතිය උඩු යටිකුරු කිරීමයි.

Author

admin

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *