හීන්දෑරි – උස නැති – කොළඹ පාසැලකට නොගිය, නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දුගේ අභිමානවත් හඬ.
Young, effervescent, infectious enthusiasm of Sugandhika
ටික කලකට පෙර, සමාජීය හා දේශපාලන ක්ෂේත්රවල සුගන්ධිකා ප්‍රනාන්දුගේ ප්‍රසිද්ධ දේශණයක් පිළිබඳව වෙනත් අය විසින්, යම් ආන්දෝලනයක් ඇති කළේය You Tube ජාලයේ වීඩියෝ කිහිපයක් මගින්, වෙනත් අය විසින් මේ දේශණයට ප්‍රචාරයක් ලබා දී තිබිණ. ඇගේ දේශණයේ කිසිත් අළුත් විවේචනයක් නොවූ අතර, ඇය දැන සිටි සිද්ධීන් කිහිපයක් නිදර්ශන වශයෙන් දක්වමින් අධිකරණයේ වර්තමාන ඳුෂිත තත්ත්වයන් විස්තර කිරීමට, ඇය ඒවා යොදා ගත්තාය. මේ රටේ දැන උගත්, දැනුවත් බොහෝ දෙනෙක් දැනටමත් දන්නා කාරණා, ඇයගේ හඬින්, ඇයගේම උදාහරණ සහිතව ඇය ප්රතිරාවය කළා පමණි.
එහෙත් ඇගේ විචාරකයන්ට / විරුද්ධවාදීන්ට දරා ගන්නට නොහැකි වූ කාරණාව වුයේ, මෙතෙක් නොවූ විරූ ලෙස, ගැහැණියක් විසින්, මේ අන්දමින් අභිමානවත් හඬකින් පවතින සමාජ සංස්ථාවට එරෙහිව හඬක් නැගීමය. මොන බලයක් යටතේ ද? යන්න, සහ එයට ඉඩදිය යුතු නැතිය යන්න පෙරදැරි කරගෙන, ඇයගේ හඬ සමතලා කිරීමට විවිධ බලවේගයන්, තනිව හා ඒකාබද්ධව ඉදිරිපත් වූහ. මේ නිසාම, ඇය කිසිදිනෙක බලාපොරොත්තු නොවූ ආකාරයට, ඇයගේ භූමිකාවට සහ අදහස් වලට අනපේක්ෂිත ප්‍රසිද්ධියක් ලැබිණ. එහෙත්, මෙයින් ඇය අන්දමන්ද නොවූ බව, සහ ඊට ඇය මුහුණ දුන් අතිශයින්ම බුද්ධිමත් ආකාරය පෙනෙන්නට තිබේ.
ඇයද සාමාජිකත්වය දරණ BASL නොහොත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වර්තමාන නායකත්වය, මේ ප්‍රකාශණ පිළිබඳව ඇගෙන් ‘‘නිදහසට කරුණු’’ අසා ඇති අතර පසුව, උසාවියට ඇය දිනක් ඇඳ සිටි ඇඳුම ගැන පැමිණිලි කිරීම තරමටම, පහත් තත්ත්වයට ඇද වැටුණි. ශ්‍රී ලංකාවේ ඳුෂිත, පාලක ධනපති පන්තියට පක්කලි සේවය සපයා, උන්ට උසාවි වලදී රැකවරණය ලබාදෙන, ජ්‍යෙෂ්ඨ නීතිඥ පැලැන්තිය, ශ්‍රී ලංකාවේ පාදඩ සමාජ සංස්ථාවට රැකවරණය ලබාදෙන, දුෂ්ට ජනතා ද්‍රෝහි බලවේගයකි. ස්වයං ප්රතිලාභ අපේක්ෂාවන්, Vested interests,පදනම් කරගත් භූමිකාවල යෙදෙන මේ ප්රතිගාමීන්, බහුතර ජනතාවට සමාජ සාධාරණය ඉටුකරනවාට හරස් කපන, නින්දිත බල ඇණියකි.
සුගන්ධිකා ගේ හඬට විරුද්ධව, ‘‘වටකර පහර දෙන්නට’’ ඉදිරිපත් වූ සෙස්සන් අතර, කවුරුත් දැන් හොඳින් හඳුනාගෙන සිටින, ‘‘ජනමාධ්‍යවේදීන්’’ යයි කියාගන්නා ධනපතීන්ගේ බත් බැලයන් සමූහයයි. මුද්‍රිත පුවත්පත් මෙන්ම, ඉලෙක්ට්‍රොනික ජනමාධ්‍ය ආයතන අයිති ධනපති ප්රතිගාමී ජඩයන්ගේ, දේශපාලන වුවමනාවන් සඳහා, කුලී ලබාගෙන පෑන මෙහෙයවන, පත්‍ර කලාව ගණිකා වෘත්තියක් කරගත් මේ පාදඩයන්, සාමාන්‍යයෙන් කාන්තාවකට සමාජය ඉදිරිපිට හිමිවිය යුතු ආචාරශීලී බව සහ ශිෂ්ඨ ගරුත්වය ද නොතකා හරිමින්, වියරුවෙන් හපාකන පිස්සු බල්ලන් ලෙස හැසිරෙන ආකාරය, තවමත් අන්තර් ජාලයේ සංසරණය වන අදාල වීඩියෝ පට වලින්, ඔබටද, ඔබේ දෑසින්ම දැකගත හැක.
සුගන්ධිකාගේ පසුබිම ගැන ඇගේම ප්රකාශණය.

හලාවත කාර්මෙල් බාලික විදුහල
ඇය 1983 දී උපත ලබා, 1988 දී පාසල් අධ්‍යාපනයට ඇතුළු වූයේ හලාවත කාර්මෙල් බාලිකා පාසැලටය. එය හලාවත දිස්ත්‍රික්කයේ රජයේ ප්රමුඛ පාසලකි. 2004 දී ඇය විශ්ව විද්‍යාලයට ඇතුළු වී, LLB නීති උපාධිය හැදෑරුවාය. පසුව නීති විද්‍යාලයට ගිය ඇය, 2010 දී නීතිඥවරියක් ලෙස දිවුරුම් දුන් අතර, ඇය මූලික වශයෙන් හලාවත ආශ්රිත උසාවිවලත්, දැන් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු රටේ විවිධ උසාවිවලත් පෙනී සිටී.
2015 දී ඇය නීති පශ්චාත් උපාධිය සඳහා ශිෂ්‍යාවක් ලෙස විෂය හදාරන අවධියේ දී, එම පාඨමාලාවම එවකට හදාරමින් සිටි නාගානන්ද කොඩිතුවක්කු මහතා මුණ ගැසුණි. ඔහුද නීති ක්ෂේත්රයේ ඇති බරපතල ගැටළු ගැන සමාන අදහස් දැරූ බැවින්, එම තත්ත්වය පිළිබඳව ඒකාබද්ධව කටයුතු කිරීමට සම්මුතියකට එළඹ ගත් බව, ඇය පැවසුවාය.
නීති ක්ෂේත්රයේ කාන්තාවන්.
කාන්තා නීතිඥවරියන් විශාල සංඛ්‍යාවක් මේ රටේ සිටින අතර, එයින් බහුතරය සේවය කරන්නේ, කිසිත් අභියෝගයක්, හැල හැප්පීමක් හෝ පුරෝගාමීත්වයක් නොමැති, රාජ්‍ය සේවයේ, රාජ්‍ය සංස්ථා සේවයේ සහ පෞද්ගලික අංශවලය. ඔවුන් ඇත්තටම ෆයිල් අතගාමින් කාලය ගෙවන glorified Clerks නොහොත් ආඩම්බර ලිපිකරුවන් වනවා පමණි. සෑහෙන ප්‍රමාණයක් නීතිඥ කාන්තාවන් කාර්ය බහුල පහළ උසාවිවල, උද්යෝගිමත් සහ දක්ෂ ලෙස කටයුතු කරන නමුත්, ඉහළ උසාවිවල විනිශ්චයකරුවන් ආමන්ත්‍රණය කර දේශණ පැවැත්වීමට හැකි මට්ටමේ නිපුනතාවයන් වර්ධනය කරගෙන ඇති නීතිඥවරියන් මේ රටේ අතලොස්සක්වත් නැත.
මෙම තත්වයන් යටතේ,සුගන්ධිකා නමැති මේ ඈත පිටස්ථාන ගමක බිහිව, හැදී වැඩුණ සමාජීය ඔපයකින් තොර unsophisticated කාන්තාවකගේ මේ අභිමානවත් හඬ, කණ කොක් හඬක් ලෙස දකින ඳුෂිත බලවේග, විවිධ දිසානීති වලින් ඇයට පහරදීම ආරම්භ කර ඇති බව පෙනේ.මෙහි සාමුහික අරමුණ වන්නේ, ඇය නිහඬ කිරීමයි.
අධිවේගී මාර්ගයක දී වේග සීමාව ඉක්මවා යෑම මත ඇය උසාවියකට කැඳවූ බවත්, හලාවත උසාවිය තුළ නිතිඥ කබායට යටින් ඇය හැඳ සිටියේ ගවුමක් බවත්, වැනි ඇගේ මහජන භූමිකාවට අදාල නොවන සිද්ධීන් වලට මහා ප්‍රචාරයක්, බත්බැල ජනමාධ්‍ය හරහා ලබාදීමද මේ ‘‘වටකර පහරදීමේ’’ පාදඩ කලාවේ එක් පැතිකඩයකි.
ශ්‍රී ලංකාවේ කාන්තා සංවිධාන කොතෙකුත් තිබුණත් ඇය වෙනුවෙන්, අඩුම වශයෙන් අදහසක් ඉදිරිපත් කිරීමටවත් අප දන්නා තරමට, කිසිවෙක් ප්‍රසිද්ධියේ ඉදිරිපත් වී නොමැත. ශ්‍රී ලාංකේය සමාජයේ පසුගාමී, ප්‍රජා විඥාණය (Civic Consciousness) මෙන්ම කාන්තාවන් දෙපයින් නැගී සිටීමට ඉඩ නොදෙන බලවේගවල අභිබවන ශක්තිය overpowering strength මෙයින් පිළිබිඹු කෙරේ.
මේ සිද්ධීන් දෙස වඩාත් විමසිලිමත් ඇසින් බලන කල පෙනීයන්නේ, සුගන්ධිකාගේ හඬට එරෙහි වූ බලවේගවල සැබෑ ඉලක්කය, සුගන්ධිකා නොවන බවයි. ඔවුන්ට සුගන්ධිකා හාල් මැස්සෙකි. සංවිධානයක් හෝ පිරිවරක් නොමැති සුගන්ධිකා කිසිම අයුරකින් සමාජ බලවේගයක් වන්නේ නැත. පවතින සමාජ සංස්ථාව පවතින ආකාරයෙන්ම රැකගන්නට වලිකන මේ පාදඩ බලවේග වල සැබෑ ඉලක්කය, නාගානන්ද කොඩිතුවක්කු වන අතර, නාගානන්ද, දරුණු නාගයෙකු සහ තමන් ඔත්පල කරවිය හැකි විසමලූ Poison sacks ඇති සර්පයකු ලෙස ඔවුන් දකිති. මන්දයත්, ලංකාවේ මෙන්ම එංගලන්තයේ ද නීති වෘත්තියේ යෙදී ඇති, ජ්‍යෙෂ්ඨයෙකු වන නාගානන්ද දැනටමත්, විවිධ උසාවියන් ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කිහිපදෙනෙකුට එරෙහිවත්, දේශපාලන ක්ෂේත්රයේ පාර්ලිමේන්තුව අරක්ගෙන සිටින, රටේ ජාතික ධනය බහිරවයන් ලෙස ගිලදමන මන්ත්‍රීවරුන්ටත් එරෙහිව, නඩු කටයුතු වලට පිවිස ඇති හෙයිනි. එබැවින්, නාගානන් ද මොවුන්ට සැබවින් ම නයෙකි. පොලූවලින් ගසා මරා දැමිය යුතු යයි, මේ කළුකෝට් පළඳින සහෝදරත්වය black coated fraternity උන්ගේ නරි නුවනින් වටහාගෙන ඇත. ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ නොවූ විරූ නඩුකරයන් වන ඒවා, ජනතාවට සාධාරණයක් ඉටු කිරීමේ චේතනාවෙන් පැවරූ විට, කළුකෝට් ප්‍රජාව පෙනී සිටියේ චූදිත විනිසුරුවරුවන් වෙනුවෙනි. නාගානන්ද මේ පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රශ්න මතු කළ විට, ඳුෂිත කළුකෝට් පැලැන්තියේ හෙළුවැල්ල, බුද්ධිමත් පිරිස්වලට පෙනෙන්නට පටන් ගත්තේය.
රන්ජන් රාමනායකට සිදුවූයේත් ඒකමය. අධිකරණ පද්ධතියේ ඳුෂිත භාවය නාටකීය ලෙස dramatically ඉස්මතු කළ විටම,ඳුෂිතයන් රන්ජන්ට ‘‘වටකර පහර දුන්නා’’ පමණක් නොව, ඳුෂිත අධිකරණය තුලටම ඔහු බෙල්ලෙන් ඇදගෙන ගියේ, ‘‘මූව හිරේ දමනු !’’ යන ඉල්ලීමත් සමගය. තත්ත්වය මොන තරම් බරපතල ද යන්න ඔබට තේරෙනවා ඇත.

රන්ජන්

නාගානන්ද
මහජන වේදිකාව මත, නාගානන්ද ගේ ගොරෝසු කටහඬට වඩා, තරුණ සුගන්ධිකාගේ හඬ, නැවුම්, ජව සම්පන්න, පැහැදිලි සහ මිහිරි බව වටහා ගත්, මේ කළු කෝට් පැළැඳි පික්පොකට් ප්‍රජාව තමන් වැනිම වූ, ධනපති පත්තර මුදලාලිලාගේ වහල් සේවයේ නිරත කුළී හේවායන් වන ඊනියා මාධ්‍ය වේදීන්ද පිරිවරා ගෙන, ජනතාව වෙනුවෙන් වේදිකාවෙන් මතුවෙන හඬ, යටපත් කිරීමට ගත් සාමුහික ප්රයත්නය දෙනෝ දහක් ඉදිරියේ හෙලූවැල්ලෙන් නැටීමක් බව, බොහෝ විචාරශීලී බුද්ධිමතුන්ගේ වැටහිමයි. වාසනාවට, මේ සිද්ධීන්, වීඩියෝ ගතකර තිබීම හා අන්තර් ජාලය තුළ සංසරණය වීම තුළ ඩෙඟා නැටූ පාදඩයන්ගේ හෙළුවැල්ල, මෙන්ම අනන්‍යතාවයද identity මුළු ලෝකයම දැන් දකිමින් සිටිති.
Vox Populi Vox Dei
දෙවියන්ගේ හඬ යටපත් කරන්න නැගිට්ට සාතන්ගේ ගෝලයෝ

රාවය සහ ඬේලි මිරර් රාවය සහ ඬේලි මිරර් පුවත්පත් ඇය සමග කළ පැහැදිලි කර ගැනිමේ සංවාද තුළින් සහ සියත විද්‍යුත් නාලිකාව ‘‘සියත 24’’ වැඩ සටහන තුළින්, සුගන්ධිකාට තම අදහස්, බාධා කිරීම්වලින් තොරව, සෘජුව ප්‍රකාශයට පත්කිරීමට අවස්ථාව සලසා දීම, එම ආයතන විසින් කරන ලද ප්‍රශංසනීය කටයුත්තක් වේ. සුගන්ධිකාගේ හඬට ලැබුණ මහජන අවධානයේ ගැඹුර, පුවත්පත් මේ අන්දමින් කි‍්‍රයා කිරීමට බලපෑම් වුන කාරණය බව පැහැදිලිය.
ඇගේ අව්‍යාජ අදහස්, ඇගේ පිවිතුරු අභිලාෂයන්, ඇයගේම වදන්වලින් අභිමානවත් ලෙස ඉදිරිපත් කිරීමට එම වටිනා අවස්ථාව ඇය උපයෝගී කරගත් බැවින්, ඇය කිසිවෙකුගේවත් බලල් අතක් නොවන බවත්, ඇගේ අභිලාෂය වෘත්තිය එකක් බවත්, ගැඹුරින් බලන විට එහි බැරැරුම් දේශපාලන මානයක Political dimension තිබෙන නමුත් දේශපාලන ක්‍රියාවලියක නිරත වීමට දැනට හෝ මතුවට අදහසක් නොමැති බවත්, තම අභිලාෂයන් පිළිබඳව මහජන වේදිකාවක, ඒ ගැන කතා කිරීමට යම් දිනෙක සිදුවුනොත්, එය මග නොහරින බවද, පැහැදිලි හඬකින් ඇය කියා සිටියාය. අපට හැෙඟන පරිදි නම්, ඇගේ මේ ස්ථාවරය අතිශයින්ම නිරවුල් මෙන්ම අව්‍යාජ බවය.

කාර්මෙල් බාලිකාවන්ගේ භද්‍ර යෞවනයේ සිහින පැතුම, පිරිසිදු සිත් ඇතිි ,මේ රටේ සි ය ලූ යෞවනයන්ගේ පැතුමයි. එනම්, නිදහස්, නිවහල්, මානව පවුලක්! A Free & Liberated Human Family ! මේ පැතුමට හරස් වන්නේ සාතන්ගේ ගෝලයන් පමණි.
විවිධ කාරණා පිළිබඳව ඇයගේ ප්‍රනීත අදහස් සහ ප්‍රජා විඥාණය ( C i v i c Consciousness) ඉහළ මට්ටමකට වර්ධනය කරගෙන ඇති ඇය තරුණ කාන්තාවක් බැවින්, රාවය පුවත්පතේ සම්පූර්ණ සාකච්ඡුාව සහ අපගේ වෙබ් අඩවියේ,www.pahantemba.lk ඇගේ ‘‘සියත’’ සංවාදය වීඩියෝ පටයක් ලෙස, ඔබට කියවන්නට හා දැකගන්නට අප සලස්වා ඇත්තේ, එය ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට තම මතවාද හැඩගස්වා ගැනීමට කරන ආයෝජනයක් ලෙසය.
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට අද වනතුරුත් ජාතික අභිලාෂයන් පිළිබඳව ගැඹුරින් කතිකාවක් ගොඩනගා ගැනීමට වේදිකාවක් කවුරුත්ම සපයා නැත. මෙය බලවත් සමාජීය පසුබෑමකි. Face Book මාධ්‍ය, ගැඹුරු හෝ බරපතල මැදිහත්වීම් ලෙස අප නොදකිමු. උතුරේ 30 අවුරුදු කැරැල්ලටත්, දකුණේ දෙවතාවක් සිදු වුණ තරුණ කැරලි වල පශ්චාත් විපාක වූ දැවැන්ත, බිහිසුණු මර්දනය, වාමාංශික ව්‍යාපාරය පාවාදීම සහ රාජ්‍ය සන්නද්ධ බලය තීව්ර වීම සමග, අනාගතය පිළිබඳව තරුණ පරපුරට ඇත්තේ දේශපාලන දහරාව සමග දරුණුකල කිරීමකි.disenchantment ,අපේක්ෂා දිගින් දිගටම බිඳ වැටීමකි.
තරුණ පැලැන්තියේ වගකීමක් වන ප්‍රජා විඥාණය ඉහළට ඔසවා තැබීම සහ වර්ධනය කිරීම වෙනුවට පාදඩ දේශපාලනඥයන් පිටුපස ගොස් තම බොක්ක පමණක්, පුරවාගෙන, සෙසු අයට කුමක් සිදුවූවත් කමක් නැත, මම කා බී සැනසෙමි ! යන ආකල්පයන් වර්ධනය වීම, භයානක ප්රවණතාවයකි.
In the midst of the society’s public discourses and debates which are a cacophony and a babel, Sugandhika’s. sharp and feminine voice stands out as a sparklingly clear stream of rational thinking.
| Text By Upul Ranjit Fernando
Email : upulfernando777@gmail.com |
Leave a Reply