1 වන උසාවි තීන්දුව                අයුතු ලෙස බඳවා නොගත් සේවකයන් 72 කට, (අ) පත්වීම්
ශ්‍රේශ්ඨාධිකරණයෙන්            ලබාදීමටත් (ආ) ඔවුන්ට රු 75,000/- බැගින් වන්දි මුදලක් ගෙවන ලෙසටත් මහජන බැංකුවට නියෝග කරන ලදී.

2 වන උසාවිවි තීන්දුව            වෘත්තීය සමිති නිලධාරියෙක්, සමිතියේ නිල පත්‍රිකාවක්
කොළඹ දිස්ත්‍රික්                    මගින් බැංකුවේ දැවැන්ත ඩිජිටල්කරණ මගඩිය ගැන
උසාවියෙන්                             දැක්වු අදහස් පාදක කරගෙන, ඔහුට එරෙහිව
(1) කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගැනීම සහ
(2) නිකුත් කල චෝදනා පත්‍රය මත විනය පරීක්ෂණයක් පැවැත්වීම, යන දෙකම නඩුව අසා නිමවනකුරු වලක්වන අතුරු ඉන්ජන්ෂන් තහනම් නියෝගයක්ද, මහජන බැංකුව මත පනවා තිබේ.

3 වන උසාවි තීන්දුව            කොළඹ දිස්ත්‍රික් උසාවියෙන් නිකුත් කල ඉහත වාරණ

බටහිර පලාතේ සිවිල්          නියෝගයට එරෙහිව අභියාචනා කිරීමට අවසර පතා
අභියාචන අධීකරණය        මහජන බැංකුව විසින් ඉදිරිපත් කල පෙත්සමට, මෙම අධිකරණය තීන්දු කලේ අවසර දීම ප්‍රතික්ෂේප කිරීමයි.

 

මේ සිද්ධීන් ගැන පුර්ණ විවිස්තරයක් අගභාගයේ පලවේ.

පරපීඩක උූන්මාදයකින් පෙලෙන මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරි  නමසිවායම් වසන්ත කුමාර් නොම්මර එකේ නීල හොරෙක් !

මෙන්න නමසිවායම්ගේ පැටිකිරිය !

2001 දී කොන්ත්‍රාත් පදනමක් මත නමසිවායම් වසන්ත කුමාර්, මහජන බැංකුවට බඳවා ගන්නා ලද්දේ විදේශ විනිමය ගනුදෙනු පිළිබඳ ‘විශේෂඥයෙකු” ය යන පදනම මත “විධායක නොවන” තනතුරක් සඳහාය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති සහ මුදල් ඇමති තනතුරු දරණ කාලයේදී, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණගසා ජාතික මමත්වය මුළුමනින්ම පාවාදී, ඇය අරුම පුදුම ක්‍රියාවලියකට එකඟ  විය. ප්‍රධාන රාජ්‍ය බංකු දෙක වන ලංකා බැංකුවට සහ මහජන බැංකුවට, කාර්්‍යක්ෂම සහ ප්‍රතිසංවිධාන කිරීම සඳහා පිටරටින් ගෙන්වන ලද පර සුද්දන් දෙදෙනෙක,ු ප්‍රධාන විධාකයන් ලෙස පත්කලාට අමතරව ඊනියා විශේෂඥයන් 12 දෙනා බැගින්, 24 දෙනෙකු රාජ්‍ය බැංකු දෙකට පත්කරන ලදී. මේ ඵල රහිතවු සහ සිදුවු දැවැන්ත මුදල් කාබාසිනීයාව ගැන අප වෙනමම පසුව කථා කරන්නෙමු.
මහජන බැංකුවට ඩෙරික් කෙලී නමැති පර සුද්දෙකු සහ විශේෂඥයන් 12 දෙනෙක් පත්කල අතර, එවකට මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ධුරය දැරුවේ මනෝ තිත්තවැල්ලයි. මනෝ තිත්තවැල්ලගේ මුල්‍ය ගනුදෙණු කටයුතු සහ රජය වෙනස්වීමෙන් පසු, ඔහු ඔසුටේ්‍රලියාවට පලා යෑම ගැන වෙනමම සාකච්ඡා කල යුතුවේ.
කෙසේ වෙතත්, කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් IMF පර සුද්දා සහ ඊනියා විශේෂඥයින් 6 දෙනෙකු ඔවුන්ට බැංකුව තුල කරන්නට දෙයක් නැති නිසා, වසර 5ක් තුල එකා එකා ඉල්ලා අස්විය. වෙන යන්න තැනක් නැති නමසිවායම් වසන්ත කුමර් , කපිල ආරියරත්න සහ තවත් 4 දෙනෙකු “කොන්ත්‍රාත් පදනම ” මත අදවන තුරු, දැන් වසර 16ක් දිගටම රැඳි සිටියි. මේ තක්කඩියන් 6 දෙනාටම, බැංකුකරණය Banking පිළිබඳ කිසිත් වෘත්තිමය දැනුවත්කමක් (professionally not qualified in banking) නොමැති අතර, මහජන බැංකුව ඔවුන්ට කෙලින්ම වැටුප් ගෙවන්නේද නැත. ඔවුන්ගේ වැටුප යවන්නේ පුද්ගලික සමාගමක් වන Management Services LTd (MSL) යන රටේ බලවතුන් මෙහෙයවන සමාගමකටය. ජනාධිධිපතිවරු. අගමැතිවරු, මුදල් ඇමතිවරු කෙතරම්ම් වෙනස්වුවත්, නොවෙනස්ව පවතින එකම දේ තමයි නමසිවයම් වසන්ත රාජා ඇතුළු මේ කොන්ත්‍රාත්කරුවන් 5 දෙනාගේ අනවශ්‍ය සේවය.
2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිකමට තෝරා පත්වීමත් සමඟ, මහජන බැංකුවේ සභාපතිධුරයට පත්කරන ලද්දේ මාතර උපන් W. කරුණාජීවයි.
2007 දී ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සුප්‍රසිද්ධ හෙජින් ගනුදෙනුවට, මහජන බැංකුවද පිවිසීමට සුදුසු බව, පී.බී. ජයසුන්දර හරහා කරුණාජීව හරහා අධ්‍යක්ෂ මණ්ඩලයට නිර්දේශ කලේ නමසිවායම් වසන්ත කුමාර් සහ කපිල ආරියරත්න යන කොන්ත්‍රාත්කරුවන් දෙදෙනාය. ඒ අනුව මහජන බැංකුව එම ගනුදෙනුවට පාර්ශවකරුවෙක් ලෙස අත්සන් තැබුවේය.
මෙම ගනුදෙනුව අත්සන් කිරීමෙන් පසුව කොළඹ Standard Chartered බැංකුව නමසිවයම් වසන්ත කුමාර් සහ කපිල ආරියරත්නට ඩුබායි නගරයේ සාප්පු සවාරියක් සහ Vacation එකක් ගතකිරීමට නොමිලේ ගුවන් ටිකට් පත් දෙකක් සහ ඇති තරම් මුදල් තොගයක් දී තිබු බව වාර්තා ගතය. එම ජරාව කෑ මේ ද්‍රෝහීන් දෙදෙනා ඩුබායි බලා පිටත්ව ගිය බව සියලු වාර්තා වල සටහන් වී තිබේ.
අවසානයේදී හෙජින් ගනුදෙනුවෙන් මහජන බැංකුවට සිදුවු පාඩුව රු. මිලියන 3000 කි. රජයේ කිසිම අනුදැනුමක් නොමැතිව කරුණාජීව සහ නමසිවායම් වසන්ත කුමාර් එකතුවී එම රු. මිලියන 3000 පාඩුව මහජන බැංකුවේ ගිණුම් වාර්තා වලින් හොර රහසේම Written off කපා හැර දමා තිබේ.
හෙජින් හොරකමෙන් පසුව කරුණාජීව සහ මහින්ද රාජපක්ෂ එකතුවී නමසිවායම් වසන්ත කුමාර්ට හොරකමට තෑග්ග වශයෙන් ලබා දුන්නේ මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී තනතුරයි. අනෙක් හොරා වු කපිල ආරියරත්න ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාර්ඞ් කබ්රාල් සමඟ එකතුවී සෙලාන් බැංකුවේ සාමාන්‍යාධිකාරී ධුරයට පත්කරණ ලදී. ඒ වන විට සෙලාන් බැංකුවේ බහුතර කොටස් ප්‍රමාණය හිමිකර තිබුණෙු රජය බැවින්, මෙවැනි දෙයක් කරන්නට හැකි විය.

 

නමසිවායම් වසන්ත කුමාර්ව මහජන බැංකුවේම අනුබද්ධ මුල්‍ය සමාගමක් වු පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනැන්ස් PLC සමාගමේ අධ්‍යක්ෂ ධුරයකටද පත්කරනු ලැබීය.
2015 ජනවරි 8 දේශපාලන පෙරැලියත් සමග පීපල්ස් ලීසිං සමාගමේ රු. මිලියන 3200 ක වංචාවල් සදු වී ඇති බව FCID විමර්ශන වලදී අනාවරණය විය. මෙම විමර්ශණ වාර්තාවල කොටස් ජනමාධ්‍ය හරහා FCID එක විසින්ම තොරතුරු පල කර ඇත. එම FCID වාර්තාවලට අනුව එම වංචාවලට සැකකරුවන් වන්නේ පහත දැක්වෙන පුද්ගලයන්ය.
1 ගාම්ණි සෙනරත්  – බැංකුවේ සහ කොම්පැණියේ සභාපති
2 නමසිවායම් වසන්ත කුමාර් – (මහජන බැංකුවේ G.M)
3 කේ. වී. නිහාල් ජයවර්දන – (මහජන බැංකුවේ හිටපු G.M)
4 ඩී. පී. කුමාරගේ (මහජන බැංකුවේ හිටපු DGM)
5 සංජීව බණ්ඩාරනායක (පීපල්ස් ලීසිං වර්තමාන G.M)
6 සජින් වාස් ගුණවර්ධන
7 ශශින්ද්‍රා රාජපක්ෂ
8 බි්‍රගේඩියර් HDG රණසිංහ
9 ලලිත් වීරතුංග සහ තවත් ගණනාවක්
මෙම වංචාව පිළිබඳ විමර්ශණය FCID ය විසින් සම්පුර්ණ කර අදාල වග උත්තරකරුවන්ට එරෙහිව නඩු පැවරීමට අවසර ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර දැන් වසරකට වැඩිකලක් ගත වී ඇති නමුත් සියලු අපරාධ නඩුවල සොහොන් බිම බවට පත්ව ඇති නීතිපති දෙපාර්තමේන්තුව අද වනතුරු මේ ගැන ක්‍රියාකර නොමැත.
මෙවැනි මුල්‍ය අපරාධ වැලකට සම්බන්ධ නමසිවායම් වසන්ත කුමාර් සියලු දේශපාලන වෙනස්කම් වලින් රට හෙල්ලෙද්දී ඉන්ද්‍රඛීලියක් ලෙස මෙසේ නොසැලී සිටින්නේත්,  එම අසාමාන්‍ය බලය සමග මහජන බැංකුව තුල ඔහු සර්ව බලධාරි ආඥදායක ලෙෂ ක්‍රියාකරන්නේත් කෙසේද යන්න අභිරහසක්ය. විවිධ සේවක පිරිස් මර්ධනය කරමින් ඔහුගේ යකඩ සපත්තුවෙන් සේවකයින්ගේ අයිතිවාසිකම් සහ අභිමානය පොඩි පට්ටම් කරමින් ගෙන යන පාදඩ පාලනයට එරෙහිව රටේ සියලුම සංවිධාන සහ මාධ්‍යයන් පෙලගැස්වීම අද වන විට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත.
නාමසිවායම් විශ්‍රාම අරමුදලෙන් රු. මිලියන 3386 ක් මංකොල්ල කයි.
නමසිවායගේ පාදඩ බලහත්කාරයේ නවතම ප්‍රකාශණය වන්නේ නීතියෙන් භාර අරමුදලක් වන මහජන බැංකුවේ විශ්‍රාමික භාර අරමුදලෙන් රුපියල් මිලියන 3386 ක් මංකොල්ල කා, එම මුදල මහජන බැංකුවේ 2016 ලාභයට එකතු කර ලාභය පුම්බා මහජන ප්‍රදර්ශනයට තැබීමයි. නමසිවායම්ගේ මේ ලාභ ප්‍රදර්ශන මේනියාව ලංකාවේ තිබෙන ධාතු ප්‍රදර්ශණ මේනියාව මෙන්ම සුව නොකල හැකි ආබාධයකි. පාදඩ දේශපාලකයන් නොදැනුවත් ජනතාවට හැමවිටම ධාතු පෙන්නන්නේ උන්ගේම පාලනයේ අඩුපාඩු සඟවා වංචා වසා තබා ගැනීමටය. මේ මනෝ විද්‍යාව නමසිවායම් තක්කඩියාද එලෙසම අනුගමනය කරයි.
රාජ්‍ය බැංකුවල විශ්‍රාම වැටුප් අරමුදල් වෙන වෙනම භාර අරමුදල් Trust Fund ලෙස ස්ථාපිත කරණ ලද්දේ 1993 දී මුදල් අමාත්‍යංශය විසින් දෙන ලද පොදු නියෝගයක් අනුවය.

“භාර අරමුදල් පිළිබඳ රටේ පොදු නීතිය වන Trust Ordinance No.9 of 1917 යටතේ ස්ථාපිත කරණ ලද මහජන බැංකුවේ විශ්‍රාම භාර අරමුදලේ නීතිරිති         වෙනි වගන්තිය අනුව
“විශ්‍රාම අරමුදලේ ඇති මුදල් මොනයම්ම හෝ කරුණක් මත විශ්‍රාමික ප්‍රතිලාභීන්ගේ සුබසෙත සඳහා නොවන කිසිම හේතුවක් උදෙසා ඉවත් කරන්නට (Divert) තහනම්ය”
එහෙත් අද්‍රෘශ්‍යමාන බලවේග වලින් තවමත් හුස්ම ගන්නා සර්ව බලධාරි නමසිවායම් ජනාධිපතිට අගමැතිට හා මුදල් ඇමතිට ඇගිල්ලෙන් ඇනලවත් පෙනීමට ලක්කල නොහැකි මේ අපුරු සත්වයා වන Freak creature නාමසිවායම් වසන්ත රාජාට “මේ නීතී” බලපාන්නේ නැත.
ඔහු එලිපිටම මහජන බැංකුවේ වාර්ෂික ගිණුම් වාර්තාවේ සටහන්කර ඇත්තේ “විශ්‍රාම වැටුප් භාර අරමුදලේ මුදල් ප්‍රමාණය මේ වසරේ අනවශ්‍ය ලෙස වැඩී වී ඇති බැවින් මම රු. මිලියන 3386 ක් එලියට ඇද බැංකුවේ ලාභයට එකතු කලා.” මුදල් ඇමතිතුමන, දැන් උඹ අප්පුඩි ගහපන් “Well done” කියලා. ඊට වැඩි දෙයක් මේ යහපාලන යම පල්ලන්ගෙන් බලාපොරොත්තු විය නොහැක.

Author

admin

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *